මට ඔයාව මුණගැහිලා කතා කරන්න ඕන , ඒත් සිද්ධ වුන දෙයින් පස්සේ මට ඔයාට තවත් එහෙම කියන්න හය්යක්වත් අයිතියක්වත් නැහැ... ඔයා මෙච්චර කල් මාව මුණගැහෙන්න ආවේ මාව විශ්වාස කරලා, මං ඒක කොච්චර නරක විදියට කැඩුව ද කියලා හිතද්දි මටම මං ගැන ගොඩක් ලැජ්ජයි සිනල්යා !!. ඔයා පොඩි කෙල්ලෙක්...
ඔයාගේ උත්තරය නෑ නම් , සමහර විට මෙතනින් එහාට මගේ නමින් ඔයාට එන අන්තිම ලියුම මේක වෙන්න පුළුවන් නිසා , මට ඔයාගෙන් තවත් හංගන්න දෙයක් නැහැ කෙල්ලේ....මං මුල ඉදන්ම ඔයාට ළං වුනේ මගේ හිතේ ඔයා ගැන හැගීමක් තිබුන නිසායි... ඔව් සිනල්යා , යාදම් උත්සවය කාලේ ඉදන්ම... මං ඊට කලින් ඔයා ගැන අහලා තිබුණා විතරයි... මගේ හිතේ මැවිලා ඉදපු මට පේන්න බැරි සිනල්යා වේඝර්ණාරච්චිට වඩා , එදා මං දැක්ක අවුරුදු දහනවයක පොඩි කෙල්ල මගේ හිත හොරකම් කරපු හැටි ගැන මං මීට කලින් ඔයාට කියලා නැහැ... සමහර විට මේක හැම පිරිමි ළමයෙක්ම තමන්ගේ හිත ගියපු ගෑනු ළමයාට කියන කතාවක් වෙන්නැති , ඒත් මට මීට කලින් කිසිම ගෑනු ළමයෙක් ගැන ඒ විදියට හිතිලා නැහැ... ඉතින් සමහර විට , ඔයා ගැන තිබ්බ ඒ පොඩි හැගීම මේ වෙනකොට ගොඩක් ඔඩුදුවලා ඉවරයි...
ඉතින් , මීට වඩා නිදහසට හේතු කියන්න මට අයිතියක් නැහැ..
ඉක්මනින්ම උත්තරයක් බලාපොරොත්තු වෙන ,
භාතිය...ප.ලි - ඔයාගේ වූල් බව්වා අද මට හපන්න පැන්නේ නැහැ ! ඒත් ඒක ගැන තවදුරටත් සතුටු වෙන්න පුළුවන් තත්වෙක මං දැන් නැහැ...
.
.
.
.
.දෙවියනේ මගේ මෝඩ කෙල්ල !!,
අච්චර දිග ලියුමක් ලියන්න ඔයා තීන්ත නාස්ති කලේ ඇයිදැයි කියලා මට තාමත් තේරෙන්නේ නැහැ !!!..( ඒක හරියට මට ,භාතිය ආශක්යසිංහට ආදරේ කරන්න බැරි හේතු , මාතෘකාවට ලියපු විචාරයක් වගේනේ ) ..... උරුමය ? පෙළපත ?? යාදම් ගිවිසුම ?? ඊළග අාත්මය ?? මොන විකාරයක් ද සිනල්යා !! මට වැඩක් නැහැ.... මෙච්චර කල් බොළදයි කිය කිය ඉදලා ඇයි මේ ඕනම වෙලාවේ ඔයා පොළවේ පය ගැහුවේ ඒ පාර ? නෑ ඔයාට මාව ඊළග ආත්මේ පතන්න දෙයක් නැහැ , මේ ආත්මේ මං ඔයාට මෙච්චර ළගින් ඉදලා මොකටද ලබන ආත්මේ වෙනකම් ඔයා ඉවසන්නේ ? එතකොට පවුල් ? යකාට ගියාවේ සිනල්යා !! ඔයා දැන් ඔය විකාර හිතන්න ඕන නැහැ.. !! ඔයාම නෙවෙයි ද දවසක් මට කිව්වේ , අපි මේ තත්පරේ ජීවත් වෙන්න ඕන කියලා ?

- 46 -
Start from the beginning