抖阴社区

                                    

දෙවෙනි ඡේදේ තුන් වෙනි පේලියේ තිබ්බ ඔයා මට ආදරෙයි කියන සාහිත්‍යමය වචන ටික මට හොදටම ඇති.. හොදටම !!. ඉතින් අච්චර ලියමනක් ලිව්ව එක කොච්චර අපරාදයක් ද !!.. ඔයාට මට ආදරේ කරන්න බැරි හේතු කීයක් තිබ්බත් මට වැඩක් තියෙ ද ඔයා මට ආදරෙයි නම් ? ... ඉතින් කෙල්ලේ ආයේ අපි කවදද මුණ ගැහෙන්නේ ? ( මට එහෙම අහන්න පුළුවන් නේද ? )

ඔයාගේ ලියමන පපුවට තියලා තද කරගෙන සිවිලිමේ වැදි වැදි ,
පාවෙන බූතයා....

ප.ලි - ඔයාගේ ලියමන කියවලා කාමරේට යන ගමන් පඩිපෙළේ කකුල පැටලිලා වැටුන නිසා මගේ මෝඩ බාගේ මට තාමත් විහිළු කරනවා !!.. ( නෑ එයා තාම දන්නේ නැහැ මට ලියුම් ලියන මෝඩ කෙල්ල කවුද කියලා...)

.
.
.
.

මගේ මෝඩ ඇපල් මල ,

වැහි කාලේ ඉවරයි නේ ද ? ඉතින් වස් වසලා ඉවර නම් ඔය දැරිවි ඔය මහා මන්දිරෙන් පොඩ්ඩක් එළියට බැස්සම මක් වෙනවා ද ? ඔය ඉර එළිය වුනත් ඔයාගේ මූණට වැටෙන්න කොච්චර ආසාවෙන්ද ඇත්තේ ? හිතෙන්නැද්ද මේ හුළග බලාගෙන ඉන්නේම ඔයාගේ ඇග වටේ දැවටෙන්න කියලා ? ඉතින් ඇතුළට වෙලා රවුම් ජනේල් පඩියෙන් වාඩි වෙලා පොත් කියනවට වඩා ඔය උත්තමාවිට අකැපද පොඩ්ඩක් එළියට බහින එක ?

විශ්වාස කරන්න , ඔය ඇපල් මල විතරක් නෙවේ මෙහේ පිපෙන එකම මල... ඇපල් මල නොදැකම ඉදලා කවුද දන්නේ මගේ හිත කැත රෝස මලක් ඇවිත් උස්සන් යයි ද කියලා ? ඔයාට ඒම බය හිතෙන්නේ නැද්ද ?  ( ඔව් මං තර්ජනය කරනවා තමයි ... ) හුදෙකලාව අවනඩුවක් ගෑනු ළමයො.... ( දෙවියනේ මට සාංකාවද මන්දා !!!)

සාංකාව හැදුන බූතයා....

.
.
.
.
.
.
.
.
.

වාට්ටුවෙන් පැනපු පිස්සු කෝලමට ,

මං කිව්වා මාව විශ්වාස කරන්න කියලා , මං කිව්වා වගේම එතන ලස්සනයි නේ ද ? ඔයා ලියලා එවපු දේවල්වලින් මං ඒම හිතනවා... මං මේ ලෝකේ දැකපු ලස්සනම තැන ... ඉස්සර දවස්වල ඔයා හරිත නිම්න ගැන කවි ලියද්දිම ඔයාව මෙතනට එක්කගෙන යන්න ඕනයි කියලා මං හිතාගත්තා... මොකද ඒක ඒ තරමට ඔයාට හීනයක් වගේ වෙයි කියලා මං හිතුවේ..... ඒත් !! දැන් ඒක මට හීනයක් වගේ කෙල්ලේ.... තණකොළ පදුරු සර සර ගාන සද්දේ අතරේ ඔයාගේ හිනාව ඇහුන විදිය තාම මට හීනයක් වගේ... ඉතින් අපි ආයේ දවසක එතනට යනවා නේද ? මාව විශ්වාස කරපලා ආපු එකම ඇති මට... ( ඒත් ඊළග පාර යද්දි ඔයා උස්සන් ආපු පොත ගේන්නේ නැත්තන් මං කැමතියි !! )

-Plot 23 -Where stories live. Discover now