" අපි මේ පොඩි මෑන්ස් එනකම් ඉදියේ කන්න... ''
'' කන එක පැත්තකින් තියමුකො !! මුකුත් ප්රශ්නයක් උනේ නැහැනේ ද ගවීෂ් ? '' මෙතුල අවිශ්වාසෙන් ඇහුවේ ගවීෂ් කොන්ඩේත් හදලා එයාගේම කොලර් එක උස්සගනිද්දි...
'' නෑ නෑ.. බැලන්ස්.. මට ෂුවර් නැත්තේ අරවින්ද්කාරයාව ෂේප් කරගන්න පුළුවන් වෙයිද කියන එක තමා... '' ගවීෂ් කිව්වේ මියුන්ගේ නළලට පුරුද්දටම වගේ අත්ල තියලා බලන ගමන්... ලා රස්නෙයි තවම.... කන් එහෙම රතු වුනාට මොකද තොල් නම් සුදු මැලි පාටයි... ඇස් දෙකත් ලෙඩ පාටයි තවමත්.....
'' කරයි නේ ? '' මෙතුල අවිනාශ්ගෙන් ඇහුවේ ගවීෂ් හරි පරිස්සමට , මියුන්ගේ නළලට අත තියපු විදිය බලලා යන්තම් හිනා වෙන ගමන්... ගවීෂ්ව පොඩි කාලේ ඉදන්ම බලාගෙන තිබුණට කවදාවත් දැකලා තිබ්බේ නැති ඒ හැසිරීමට මෙතුලට ඒම පොඩි හිනාවක් යන්නැත්තම් නේ පුදුම....
'' අපො ඔච්චර අමාරු නෑ , ඔය ආශක්යසිංහලාව අන්දන එක... හෙනම මෝඩ - - නෑ හරි මං මුකුත් කිව්වේ නෑ.... '' ගවීෂ් කට පියාගත්තේ මියුන්ගේ ඇස්වල තිබ්බේ මාරාන්තික බැල්මට... කාත් එක්කද ඉන්නේ කියලාත් අමතක වෙනවනේ ඉතින්....
අවී මාමාලගේ සාලේ හරිම පොඩියි... කොහොමත් වේඝර්ණ මැන්ෂන් එකේ ලොකු සාලේට වඩා මේක හරිම පොඩියි.. ඒත් හරිම උණුසුම් හැගීමකින් පිරිලා තිබ්බ තැනක්... සාලයක් , කෑම කාමරයක් කියලා මහ ලොකුවට වෙන් නොවුනට , උදුනකුත් තිබුන පරණ ඉංග්රීසි කතා පොතක වගේ තැනක්... හරියට ටයිඩ්රැක්ස් එක ඇතුලේ තියන අමුතුම පරණ ගතිය මුහු වෙච්ච තැනක්.... සුදු මාමා එක අතකින් හොදම සිලෙක්ෂන් එක කරලා කියලා හිතෙන්නේ අවී මාමාගේ කෑමවලට.... මේ පේන්නැද්ද එහා පැත්තේ එකා ජීවිතේට ආයේ කන්න ලැබෙන්නැති ගානට චීස් පෆ් එකින් එක කටේ ඔබාගන්න විදිය....ලෙඩ නෑ එතෝට නම්....
මියුන් මේම කන විදිය කලින් දැකලා තිබුනේ නැති නිසාම ගවීෂ් මේ කටත් ඇරන් බලාගෙන ඉන්නේ ඒක දිහා.... සේරම කට වටේ ගාගෙන කාලා , ඊට පස්සේ තමයි මිනිහා හෙන විනීත විදියට කට වටේ පිහිදාගන්නේ.... මේවා කන්න මෙච්චර පෙරේතයෙක් දැක්කමයි.... මියුන් ඔළුව උස්සලා ගවීෂ් දිහා බලලා මිඩ්ල් ෆින්ග එකෙන් සැලියුට් කළේ එහා පැත්ත බලාගන්න කියලා තොල් මතුරන ගමන්.... *බෑ* ගවීෂ් දිව ඇද්දේ මියුන් ආයේ කටට ආපු වචනේ ගිලගනිද්දි.... මෙතුල යන්තම් හිනා වෙලා එයාලා දිහා බලාගෙන ඉන්න විදිය නිසාම රවන එක පැත්තතකින් තියලා මිනිහා ආයේම පිගාන දිහා බලාගත්තේ ගවීෂ් හිනාවත් තද කරගෙන ආයේ පුටුවේ කෙලින් වෙද්දි......

- 53 -
Start from the beginning