抖阴社区

                                    

'' කට ඇරපන්.....'' මියුන් කිව්වේ ගවීෂ් හිතුවක්කාරකමට කට තව තද කරගනිද්දි..  ඔබයි මගේ කටේ ඉටිගෙඩියක්... හහ්...

'' කන්නේ නැද්ද ? '' මියුන් ඒ පාර සන්සුන්ව ඇහුවේ ගවීෂ් ඒකටත් උත්තරයක් නොදී අහක බලාගනිද්දි... ඒ පාර කප් දෙකම පැත්තකින් තියපු මියුන් සන්සුන්ව ගවීෂ්ගේ අත් දෙකෙන්ම අල්ල ගත්තේ ගවීෂ්ව එයාගේ පැත්තට හරවගෙන....

''මොකක්ද වෙන්න ඕන.... තිමෞර්ය ? '' මියුන් ඒ පාර පරිස්සමින් සන්සුන්ව ඇහුවේ ගවීෂ්ගේ මූණ දිහා කෙලින් බලන ගමන්.... ගවීෂ් මුකුත් කියන්නැතුව මියුන්ගේ නළල උඩින් නළල තිබ්බේ ඇස් දෙක පියාගන්න ගමන්... ඇත්ත කතාව කටහඩවලින් පස්සේ මිනිහාගේ හිතට ටිකක් බරයි..මිනිස්සු නැති බ්‍රින්ධව් කන්දේ එච්චර අය ? මොනවා කරනව ද ?සමහර විට කටහඩවල් තුන එතරම්ම පැහැදිලි නැහැ..... මෙච්චර කල් ඒක නොදැනම ඉදපු එකට වඩා මේ විදියට අහම්බෙන දැනගත්තම දැනෙන නොසන්සුන්කම වැඩිද ? වැරදිලාවත් කවුරුහරි දැක්කොත් -- එතකොට එයාගේ මූණේ වැදෙන මියුන්ගේ හුස්ම පවා හරිම සන්සුන්......ආහ් ඒක මේකට අදාල නැද්ද මන්දා...

ගවීෂ් හිමින් ඇරපු ඇස් , තොල් උඩට දැනුන ආදරණීය පහසට මොහොතකට අවනත වෙලා ආයේම පියවුනේ එක ඇසිල්ලක මොහොතකින්.... බලාපොරොත්තු නොවුන පහස නිසාමදෝ ගවීෂ් එහෙමම පිටිපස්සට බර වුනත් මියුන් එයාගේ ඉණ වටේ අත යවලා ගවීෂ්ට හිමින් බර වුනේ තවත් ගැඹුරට එයාගේ සිප ගැනීම අරගෙන යන ගමන්.....ඒ අත් එයා වටේ එතුන විශ්වාසයේ බලපෑමටම ද මන්දා මොනවා කරන්න ද හිතාගන්න බැරුව අසරණ වුන, එයාගේ අසරණ දෙතොල්වලට ගවීෂ් නිදහස දුන්නේ මියුන්ගේ අතට සම්පූර්ණ පාලනය දෙන ගමන්... මියුන්ගේ අනිත් අත එයාගේ ඉණ වටේ එතෙනවාත් එක්කම මෙච්චර වෙලා ඉණ වටේ එතිලා තිබ්බ මියුන්ගේ අත ඇගම හිරිවට්ටවමින් බෙල්ල දිගේ උඩට ඇදෙන විදිය ගවීෂ්ට දැනෙනවා... එතකොට එයාගේ අත් ? ඒවා කොහෙ ද ? දන්නැ... අහ් අතට අහුවෙලා තිබ්බ මියුන්ගේ ෂර්ට් එකේ පහළ චූටි කොන් දෙක අතඇරපු ගවීෂ් ආයේම අත තියන්න තැනක් හිතාගන්න බැරුව ඒ චූටි කෙළවරෙන්ම ගුලි කරලා අල්ලගත්තේ හුරුබුහුටි විදියට...

ඒක හරියට මියුන් එක්කම හුස්ම ගන්නවා වගේ.... මියුන් එයාට නිදහසක් දෙන තත්පරේම ගවීෂ් පුළුවන් තරම් හුස්මක් උඩට අදින්නේ ඊළග වතාව තවත් පුළුවන් තරම් අල්ලගෙන ඉන්න ඕනකමට ද මන්දා....  ඒක කලබලයක් ගෑවිලාවත් නැති හරිම සන්සුන් ගැඹුරු හැගීමක් කියලා ගවීෂ් උනත් පිළිගන්නවා.... කොච්චර හදිසියක් තිබ්බත් මියුන්ගේ සන්සුන් විදියට අකමැතියි කියන්න කිසිම දෙයක් ගවීෂ්ට නෑ.... මොහොතින් මොහොතට ඇවිලෙන.... මොහොතින් මොහොතට නිවෙන....ඇග පුරා පැතිරෙන ඩෝපමින්වලින් තව තවත් මත් වෙද්දි එයාට අවනත නැති දෙතොල් ගැන හිතන්න ගවීෂ්ට සිහියක් තිබුනෙම නැති තරම්... !!! මියුන්ගේ අගල් ගානක ඈත්වීමත් එක්ක ඇස් අරින්න ලැබුන අවසරය නිසාම ගවීෂ් බර වෙලා තිබ්බ ඇස් පිහාටු නිදහස් කළේ අසීමිත හිරිවැටීමකින් පීඩා විදින තොල් තද කරගන්න ගමන්.... !!

-Plot 23 -Where stories live. Discover now