'' ම්ම්...හැමදාම කියනවා... දත් තද කරන්න එපා කියලා... '' මියුන් ගවිෂ්ගේ යටිතොලට මහපටගිල්ල තියලා හිමින් පහලට අදින ගමන් හිමින් මිමිණුවේ ගවීෂ්ගේ ඇගම හිරිවට්ටලා... ඌ දන්නෑනේ ඉබේම දත් තද වෙන බව.... !! මියුන්ගේ මූණේ ඇදිලා තියෙන්නේ පිස්සු හැදෙන හිනාවක්... මියුන්ගේ මහපිටගිල්ලේ දෙවෙනි තරවටුවට ගවීෂ් හිර කරගෙන ඉදපු තොල් හිමින් ලිහිල් කලේ මියුන්ට ඇති වෙනකම් ඉඩ හදාගන්න අවසරය දෙන ගමන්....
'' ම්ම්හ්...මට මේ ගානට ඉඩ ඇති... '' ගවීෂ්ගේ කටින් මහපිටගිල්ල එළියට ගන්න ගමන් මියුන් මිමිණුවේ ගවීෂ් ඔළුව වනන පරක්කුවට එයාට බර වෙන ගමන්..... එයාගේ දිව යටට දැනුන පොපියන පහසට හුරු වෙන්න තත්පර ගානක් ගත්ත ගවීෂ් මියුන්ගේ උරහිසින් තද කරලා අල්ලගත්තේ තත්පරයක් ඇතුළත හිතුවක්කාර විදියට මියුන්ට බර වෙන ගමන්.... සම්පූර්ණ නිදහස....මියුන් හැමතිස්සේම වගේ එයාගේ බොටම් ලිප් එකේ දකුණු කෙලවරේ වැඩියෙන් වෙලාව ගත කරන බව ගවීෂ් දැනටම අදුරගෙන ඉවරයි... උද්වේගකර හැම සිපගැනීමක්ම මියුන් සන්සුන්ව ඉවර කරන්නේ එතනින්....සමහර විට වැඩියෙන්ම තොල් දරදඩු වෙන්නෙත් එතනදි ද මන්දා... ඒත් හරිම පිළිවෙලකට... තවත් ගැඹුරට.... සමහර විට එයාට වඩා මියුන් රතු වෙලා.... හරිම කලාතුරකින් තත්පරයකදි ඇරෙන ඇස්වලට අපැහැදිලිව අහුවෙන්නේ මියුන්ගේ රතු වුන කන් පෙති.... !!! ගහෙන් වැටුන මිනිහාට ගොනා අනිනවා වගේ වැඩක් මේක !!
'' ඔහ්... '' මියුන් එකපාරටම වගේ එහාට වුනේ ගවීෂ්වත් කලබල කරන ගමන්.... කණ්ණාඩි දෙක නැති නිසමදො මන්දා ඇස් දෙකත් පුංචි කරගෙන කලබලෙන්ම ගවීෂ්ගේ ලිප්ස් උඩින් පරිස්සමට මහපටගිල්ල අරන් ගියපු මියුන් ආයේ එයාගේම ලිප්ස් චෙක් කලේ ගවීෂ් මුකුත් හිතාගන්න බැරුව බලාගෙන ඉද්දි....
'' අහ් මගේ මගේ.... ෂේප්.. '' මියුන් සැහැල්ලුවෙන් වගේ කිව්වේ යන්තම් පිපිරිලා තිබ්බ එයාගේ බොටම් ලිප් එක තෙත් කරන ගමන්... යකු ලේත් එනවා !!!! එච්චර මොනව ද කළේ මෙතන ???
'' මගේ අතින් ද උනේ ? කොයි වෙලේ ද !! '' ගවීෂ් ඇහුවේ මියුන්ගේ නිකට උස්සලා තොල් පිපිරිලා තිබුන හරිය දිහා බලලා ඇස් පුංචි කරන ගමන්.. තිබ්බ හදිසියට ඕම එකක් නොවුනා නම් නේ පුදුමේ !... මියුන් මුකුත් කිය්නනැතුව යන්තම් හිනා වුනේ ගවීෂ් නළලට ඇගිල්ලෙන් තට්ටුවක් දාන ගමන්.... තව හිනාත් වෙනවානේ !!!! ගවීෂ් මියුන්ව ඇදලා අරගෙන නළලෙන් දිග කිස් එකක් තිබ්බේ එහෙමම අත් දෙක බෙල්ල වටේ දාලා මිනිහාව බදාගන්න ගමන්....ඇග රස්නේ ගතිය අඩු වෙලා දැන් එක අතකට....

- 55 -
Start from the beginning