抖阴社区

                                    

'' එහ්.. '' ගවීෂ් සද්දේ අඩු කරලා මිමිණුවේ බලාපොරොත්තු නොවුන විදියට ළගින්ම ඇහුන සද්දේට.... කවුරුහරි දුවනවා.... නැ ! දුවන් එනවා.... මේ පැත්තට....

'' තිමෞර්ය... ?? ''

'' කවුරුහරි මේ පැත්තට එනවා... '' ගවීෂ් මිමිණුවේ මියුන්ව ඒ පැත්තෙන් කවර් කරගෙන නැගිටින ගමන්.... ගස් ගොල්ල පැත්ත.... ඒ පැත්ත තාම පැහැදිලියි.....

'' අපිට මෙතනින් යන්න වෙලා මදිද... '' මියුන් අවිශ්වාසෙන් ඇහුවේ ගවීෂ් ඔළුව වනද්දි... එයාගේ වේගේ --.... ඒක ...පුරුදුයි...ඒත් එක දෙයක් විශ්වාසයි.... ඒ වේඝර්ණ කෙනෙක් නම් නෙවෙයි !!!! නැ.... තව තත්පර ගානක් ඇතුලත.. නෑ එයාට මහන්සියි... හති දානවා...... සද්දේ තවත් ළග ඇහෙද්දි ගවීෂ් මියුන්ගේ අත අල්ලගත්තේ එයාව පිටිපස්සට ගන්න අදහසින් වුනත් මියුන් අත ගසලා දාලා ගවීෂ්ගේ උරහිසින් අල්ලගත්තේ ඉවසීමෙන්.....

එකයි - දෙකයි........... හිටහන් !!!!!

අරවින්ද් ?????????????????????

ගස් අතරින් මතුවුන කෙනාව තත්පරයක් ඇතුළත අදුරගත්ත ගවීෂ් මෙච්චර වෙලා මිට මොළවගෙන ඉදපු අත ලිහිල් කළේ තත්පරේකට දැනුන සැනසීමකට උනත් ඒ සැනසීම මොන කෙහෙල්මලකට දැනුන ද කියන්න දන්නැති කමට ගවීෂ් බලාගෙන ඉදියේ ඒ නිල් පාට ඇස් දෙක එක තත්පරයකින් ගවීෂ්ව ග්‍රහණය කරගනිද්දි.... හරි ඉවරයි..---- !! ඒත් නොදන්නා හතුරට වඩා දන්න හතුරාත් සැනසීමක් !!! ! -

'' ගවීෂ්.....!! '' කොච්චර නොපෙන්වා ඉන්න හැදුවත් ඒ මූණේ එක තත්පරේක සැනසීමක ඡායාවක් ඇදිලා ගියේ මියුන් කලබලෙන් ගවීෂ්ගේ අතින් අල්ලගනිද්දි... සමහර විට එයාට වඩා මියුන් කලබල වෙලා ??? වෙන්න ඕන!!! ඒ ආශක්‍යසිංහ උරුමය !!!! අරවින්ද් කොච්චර බූරුවෙක් උනත් මේ මහ වැස්සේ මියුනුයි එයයි තනියම බ්‍රින්ධව් කන්දේ මේ පැත්තට වෙලා මොකද කරන්නේ කියලා ප්‍රශ්නයක් උට නැති වෙන්න බෑ....  මොනා කරන්න ද කියලා හිතාගන්න කලින් අරවින්ද් ගහ යටට දුවගෙන ආවේ හති දාන ගමන්..... තෙමිලා , ඇදුම් බාගේට ඉරාගෙන... මුණත් තුවාල කරගෙන.. මොන විකාරයක් නටලා ද කියලා තේරෙන්නැති වුනත් ආපු ගමන් ගහට වාරු දීපු විදියෙන් මිනිහා බය වෙල තියෙන්නේ එසේ මෙසේ දේකට නෙවේ කියන්න නම් ගවිෂ්ට තේරෙනවා....

-Plot 23 -Where stories live. Discover now