එක සැරේටම පහු ගිය දවස්වල පුදුම පැටලිලි සහගත ගතියක් ඔළුවේ තියෙනවා වගේ නැද්ද ? මට එහෙමයි !! ( ඇත්තටම මං දන්නවා ඔයාටත් එහෙම විත්තිය....) ඉතින් අප්පච්චිගේ ඔත්තු සේවය කියන විදිය හරි නම් , මේ දවස්වල ඔයාගේ පියරජෝත්තමයාණන් වහන්සේ ඔය මාළිගාවේ නැ ? එහෙම නේද ? හිතෙන් නැද්ද එළියට පැනලා පුංචි පහේ නීතියක් එහෙම කඩන්න ? ( මං හිතන්නේ මං ඔයාව වරදට පොළඹනවා තමයි , ඔව්...) යන්න ආස තැනක් තියේ නම් , ඒ ගැන මට ඊළග ලියමනේ දන්වලා එවන්න මතක ඇතුවම...
අපි ඉතින් ආයේ ළගදිම මුණ ගැහෙනව ද ? ( මං හරි නම් මේ එන සදුදා, බන්ෂ් එකේ විශේෂ උත්සවයෙදි අපි මුණගැහෙනවා ? ඉතින් ඔයත් එනව නේද ? කැමති නම් ඔයා අදින්න හිතන් ඉන්න ලස්සන සම්ප්‍රදායික ඇදුමේ පාට හරි මට කල් ඇතුව කියනව ද ? මොකද සමහර විට මට පුළුවන් වෙයි , ඒ පාටින් මලක් ඔයාට ගේන්න... හිතන්න , ඔයාගේ කොණ්ඩේට ඒක ලස්සනට ගැළපෙයි මගේ ළමයො....)
ඉක්මනින්ම මුණගැහෙනකම් මග බලාගෙන ඉන්න , නිල් ඇස් බූතයා..
ප.ලි - ඔයාගේ වූල් නළු බට්ටා දැන් මට හොදට සලකනවා ඇත්තමයි !..
.
.
.
.
.
.
.
.
.
.
.මගේ ලස්සන ඇපල්මල ,
දෙය්යනේ මං දන්නැහැ ඔය හිතුවක්කාරකම කවදා අඩුවෙයි ද කියලා... ! ඒත් මොකක්දෝ හේතුවකට ඔයාට ඒ හිතුවක්කාර ගතිත් හරි ලස්සනට ගැළපෙනවානේ... හොදයි, එහෙනම් ඔයා කියන්නේ මං ඔය මාළිගාවෙන් ඔයාව පැහැර ගත්තොත් මිසක ඔයා මාත් එක්ක එළියට යන්න එන්නැති විත්තිය ද ? හැබැයි මං පහුබහින්නේ නම් නෑ මගේ රපුන්සල් කෝලම !! සුදු අශ්වයා වෙනුවට මට එන්න වෙන්නේ නම් මේ රෝද දෙකේ දඩුමොනරෙන් තමයි...
ඉතින් , ඔයා හිතන විදිය දන්න නිසාම නීරස කුෂන් පුටුවකට වෙලා *පුංචි සුරංගනාවි* බලන්න ටිකට් ගන්නවා වෙනුවට මං ඔයා වෙනුවෙන් තේරුවේ *අස්පර්ශනීය සංස්කෘතිම උරුම* වැඩසටහනක්.... ( මං හිතනවා මගේ තීරණය හරි කියලා ? ) මොකද මට මට මතක හැටියට මගේ කෙල්ල කාලෙකට උඩදී මෙතනින් එළියේ සංස්කෘතිය ගැන අර කච බච වචනවලින් මහ ගොඩක් දේවල් කිව්වා මාත් එක්කලා... ඉතින් , මං නම් සැහෙන ආසාවෙන් ඉන්නේ පන්දම් විලක්කු එළියෙන් , බෙර පදවල රිද්මය අස්සේම ඔයත් එක්ක තොවිලයක් බලන්න ..!! යක්කු නටන තොවිලයක් ඔව්... නොවැරදීම ඔයා කිව්ව සම්ප්‍රදායන් තුනේම නැටුම් එතන තියේවි...!! ( හැබැයි ඉතින් ඔයත් මනාප නම් *පුංචි සුරංගනාවි* බලන්නත් දවසක් හොයාගන්න අමාරු වෙන එකක් නැහැ මට...) එහෙනම් , හෙට රෑට අපි බන්ෂ් එකේදි මුණගැහුනකොට මට එ් ගැන කියන්න මතක ඇතුවම... ( මට නම් ඔයාව දැක්කම හැමදේම අමතක වෙන බව කියන්න ඕන නැහැනේ.. )

- 59 -
Start from the beginning