抖阴社区

                                    

"ම්ම්..... "

"ආ ටිපි ටිප් ඕනෙද ? " හෙන ගේමක් දිලා කඩාගහත්ත පැකට් එක ගවීෂ් දිහාවට හෙන මොංගල් විදියට අල්ලලාම අරවින්ද් කිව්වේ ඉවසීමෙන්.....

" අනේ හුට්ටො ටෝ මාව කාපන්...." ගවිෂ් කේන්තියෙන්ම මිමිණුවේ අරවින්ද් ඒ ටිපි ටිප් පැක්ට් එකත් තනි අහුරට කටට ඔබාගනිද්දි....දුන්නම ගන්න පින නැ.... මදැයි ගවීෂ්නුත් උපදෙසක් ගන්න කියල එකෙක්ව සෙට් කරගත්තා.....

"පස්සෙ ?.. " ගවීෂ් ආයෙ ඇහුවේ අරවින්ද් දත් අස්සෙ ඇලුන ටිපි ටිප් ටිකත් කන්න මෙලෝ ගානක් නැතුව කට අරහෙට මෙහෙට ඇද කරනව බලාගෙන......

"ඕයි !!!!! අවදානේ දීපන් .." ගවීෂ් බැරිම තැන කිව්වේ අරවින්ද් කටේ ඇලුන ටිපි ටිපි ටික හෙන ගේමක් දීලා උගුරෙන් පල්ලෙහාට යවාගනිද්දි....

" මං ආවෙ නන් තමුසෙව බාවන්න....ඉන්න විදිය දැක්කම ගංවතුරට අහුවුන ගංකබරයෙක් වගේනෙ......." අරවින්ද් පැක්ට් එක හිස් කරල කුඩු ටිකත් කටට හලාගන්න අතරේ ඇහුවේ සන්සුන්ව....

ඇත්තටම !! අරවින්ද් ආවේ නන් ගවීෂ්ට දෙකක් නෙළල යන්න තමයි..... ඊයේ රැ මියුන් ගෙදර ආපු වෙලේ ඉදන් හෙනම ඩ්‍රාමා එකක ලොකු කොටසකුත් රගපාල තමයි මිනිහා මේ ඉන්නේ......

'' මියුන්, මාව මිනීමරුවෙක් කරගන්නැතුව මොකක්ද උනේ කියපන් !! ''

'' වින්ද් එයාට කෑගහන්න එපා!!!... '' ක්‍රිෂ් තදින් කිව්වේ පොදු කාමරේ දොර වහලා ඇවිත් වාඩි වෙන ගමන්....

'' කවුරු හරි මටත් කිව්වොත් නේද හොද මොකද මේ වෙන්නේ කියලා ? '' නිශා අක්කා සන්සුන්ව ඇහුවේ අරවින්ද්ගේ කටහඩ ආපු පැත්තට හැරෙන ගමන්.....

'' ලබ්බ තමයි අක්කේ... !! මං කිව්වා උබලට--... ''

'' අරවින්ද් !! ''

'' අනේ මෙතන කෑගහන්න එපා වින්ද්... '' ක්‍රිෂ් කැගැහුවටත් පස්සේ නිශා අක්කා සන්සුන්ව කිව්වේ අතපත ගාලාම අරවින්ද්ගේ අතින් අල්ලගෙන....

'' මෙවීනා මෙතනට එන්න කලින් මං තමුසෙගෙන් අහන්නේ - උබ දන්න මගුලක් තියෙද ? '' ක්‍රිෂ් කෙලින්ම ඇහුවේ මියුන්ගේ ඔලුවේ කැක්කුමට දෙන නෝමල් පේන් කිලර්ස් ටික වතුර වීදුරුවක් එක්ක අත උඩින් තියලා ඉවර වෙලා.....

-Plot 23 -Where stories live. Discover now