" රෙද්ද!!! මගේ ඔලුවත් කැරකෙනව..... ගවීෂ් තමුසේ ඇයි ඔච්චරටම සන්සුන් !!! තමුසේ දැනන් ඉදියද ආ.. ඒකද තමුසේ අර -- " අරවින්ද්ගේ වචන එකින් එක ගවීෂ්ට එල්ලවුනේ පුපුරන කේන්තියෙන්... ඒත් ගවීෂ් තාම බලන් ඉන්නෙ මියුන් දිහා... එයාගේ ඇතුල් ශක්තිය තාම වටපිටාවට හුරු වෙනව... ඒ ඇස්වල ඇදෙන මතුවෙන අතුරුදහන් වෙන හැගිම් කොච්චර උනත් මියුන් තාම නිශ්ශබ්දයි....
" ඔව්ව් මං දන්නවා !!! හරිද ? සතුටුයි ද උබට....ඕන මගුලක් කියාගනින්..."
" ගවීෂ් වේඝර්ණාරච්චි !!! තමුසේ ඔය ද්‍රෝහි වෙන්නෙ - "
" අහ් එහෙමද ? !!! අහ්හ් පලයන්... උබට ද්‍රෝහි වෙන්න ඕනෙ නැත්තන් ඌව මරපන්... යන්න.. මම බලන් ඉන්නෙ....!!! ගිහින් ඌව මරපන් ඉතින් උබට පුලුවන් නන්.... " ගවීෂ්ගේ කටහඩේ තියෙන්නෙ පැහැදිලිවම අභියෝගයට එහා ගියපු නෝන්ඩියක්...
" මගුලේ මරන්න නෙවෙ - "
" බර්ඩ්‍රොමිඩා කෙනෙක්ව මරන්න නෙවේ නං වෙන මොකක්ද ??.... ඉතින් මරපන් යකෝ.... ඔය ඉන්නෙ ඉස්සරහ !!! හය්යක් තියෙනව නන් මාව පාස් කරලා ගිහින් ඌව මරල දාපන්!! " ගවීෂ් කිව්වේ අරවින්ද් දත් මිටි කාගෙනම කට පියා ගනිද්දි...
ගවීෂ් කියන දේ අරවින්ද්ට නොතේරෙනව නෙවේ...කොහොමටවත්, කොච්චර ශක්තියක් පාවිච්චි කරලවත් බර්ඩ්‍රොමිඩා කෙනෙක් එක රැයෙන් මරන්න බැහැ, සේරටම වඩා මියුන්ව මරන්න හිතට හය්යක් ගන්න කොහොමටවත් බැහැ.... නිශා අක්කා එයාටත් වඩා ආදරේ කරන පොඩි කාලේ ඉදන් එකට හැදුන එපා කරපු හොස්ස අගින් මැස්ස යන්න බැරි පොඩි එකා...!! කවමදාවක්වත් නොකිව්වට , අරවින්ද් කොහොමටත් තමන්ගේ මිනිස්සුන්ට සැහෙන හදවතින් බැදිල ඉදියා... පොඩි කාලේ ඉදන්ම ඒ දෙන්නා අතරේ තිබ්බේ සීතල ඒත් හිටි ගමන් උණු වෙන බැදීමක් උනත් මියුන් කියන්නේ එයාගේ ලොකුම හය්ය විදියට අරවින්ද් සැලකුවේ... මියුන් ගැන අරවින්ද්ගේ මානසිකත්වය හැදිලා තිබුනේම මුකුත් කරගන්න බැරි හිතුවක්කාර පොඩි එකෙක්ව මට්ටු කරන්න තරවටු කරන අය්යා කෙනෙක් ගානට.... ඉතින් මරන්න ??? ...මියුන්ගේ තවමත් හිස් මූණ දිහ බලපු අරවින්ද් සන්සුන් උනේ ගවීෂ්ට යන්තම් ඔලුව වනන අතරේ....

- 67 -
Start from the beginning