抖阴社区

                                    

" අර සහය පෙළ ඉසිවර !!! ඌත් අත තිබ්බානෙ මට !! " ගවීෂ් කේන්තියෙන්ම කසය විසිවෙලා යන්නම පයින් පාරක් ගැහුවේ ඇගේ ශක්තියක් නැතිකමටම බිත්තියට බර වෙලා.....

ගවීෂ් ඩන්ජන් එකෙන් එළියට ආවේ සාක්කුවට අත දාලා එයාගෙ කළු පාට ව්‍රිස්ට් වොච් එක එළියට අදින අතරෙ... ඇති යන්තන් සුදු මාමා දිපු වොච් එක පරිස්සම්.... සැහෙන්න වෙලා ගිහින්....

ඩන්ජන් එකෙන් එළියට ඇවිත්, බේස්මන්ට් එකෙ දොර වහන පරක්කුවට කෙල්ලො දෙන්නම ගවිෂ් දිහාවට දුවගෙන ආවේ විසිත්ත කාමරේ ඉදපු ගවීෂ්ගේ අම්මයි, පුංචි අම්මයි සේරම දැක්කේ නෑ වගෙ අහක බලගනිද්දි... පුදුම වෙන්න දෙයක් නෑ... එයාලටත් නැහැ.... උබටත් නැහැ ....

" ගවීෂ් අය්යෙ......අනේ.........." 

" යන්න කාමරේට !!" ගවීෂ් සැර කලේ ආශදී ඇවිත් ගවීෂ්ව අල්ලගනිද්දි.....

" ගවීෂ් !!! මේ ලේ....." ඒ අඩන්නේ අනිත් එකී....යොවන්දි .... හරිනේ... කොල්ලො එකෙක්වත් නැනේ මැන්ශන් එකේ දැන්.... මේවා ඉවසන්නම එපැයි..... විසිත්ත කාමරේ දෙවෙනි පරම්පරාවේ ඇස්වල අපහසුතාවයට ලක් වෙන්න උවමනාවක්  නැති නිසාම ගවීෂ් අමාරුවෙන් උනත් අත්වැට අල්ලගෙන පඩිපෙළ නැග්ගේ කලින්ටත් වඩා තට්ටුවක් නගින්න තියෙන විත්තිය මතක් කරගෙන....සේරමටත් වඩා පඩිපෙළ නැග ගන්නත් කෙල්ලො දෙන්නගෙන් සපෝට් එක ගන්න උනා කිව්වම...

" ගවීෂ්.. මම බෙහෙත් අරන් එන්නම්...එතකන් රූම් එකෙන් ඉන්නකෝ...- " ඒ යොවන්දි......

" දන්නවනෙ උබල...පනිශ්මන්ට්වලට එහෙම බෙහෙත් කරන්න බෑ..... " ගවීෂ් කිව්වේ දොරට වාරු දීලා කෙල්ලො දෙන්නව එහාට තල්ලු කරලා..... මුන් දෙන්නම මහ මුරණ්ඩුනේ අප්පා...

" මං යන්නෑ !!! " ආශදී මුරණ්ඩු විදියට කිව්වේ ගවීෂ්ගේ අත දමල ගහලා...එයා අඩන්නේ යුවනිදු අය්යට වුන දේට... ආයේ ඒකම වෙයි කියල කෙල්ල සැහෙන බයයි.....

" මං කිව්ව යන්න එපා කියල දවල් !!!"  ආශදි ආයෙම කැගැහුවේ ගවීෂ් යොවන්දි දිහා බලද්දි...  අඩුම මේකිටවත් තේරෙනව නන්....  කොහෙද ඩබලම එකයි......අන්තිමේදි තිබ්බ අන්තිම ශක්තියත් වැය කරල , හෙනම ගේමක් දීලා කෙල්ලො දෙන්නව එළියට තල්ලු කරගත්ත ගවීෂ් කාමරේ දොර ලොක් කරගත්තේ ශර්ට් එක ගලවල බලන්නවත් කිසිම උවමනාවක් නැති ගාණට ඇදට බර වෙන අතරෙ..... ඇගම කකියන වේදනාවට බෙඩ් ඩ්‍රෝවර් එකෙන් පේන් කිලර් එකක් ඇදල ගත්ත ගවීෂ් වතුර නැතුවම ඒක කටේ ඔබා ගත්තේ ඒකට මහ දෙයක් කරන්න බැරි බව හොදටම දැනගෙන......

-Plot 23 -Where stories live. Discover now