මමයි වැඩිපුරම රිද්දන්නේ කියන තරගෙට වගේ පාරවල් වැදුන හැමතැනකම වේදනාව සැරින් සැරේට මතු වෙන්නේ ඇට මිදුළු විනිවිදගෙන.... අඩන්න ඔන උනත් කදුළු එන්නෙ නැතිකමට ගවීෂ් ඔහෙ සිවිලිම දිහා බලන් ඉදියේ සැරින් සැරේට නළල වේදනාවෙන් අකුළගන්න අතරෙ... සේරටම වඩා ඉසිවරකාරයා වගෙ සහය පෙළ වේඝර්ණ කෙනෙක් දෙපාරක් නොහිත එයාට අත තියපු හැටි !!! අහ් !! උරහිස් පණ නැති තරමට කකියනව.... මැරිලා ගියා නන් එකක් !!! . ගවීෂ් ඇදේ පෙරළුනෙ සයිලන්ට් දාලා වයිබ්රේට් උන එයාගෙ ෆෝන් එක සාක්කුවෙන් එළියට ඇදල අරගන්න අතරෙ....
අහ්හ්... ස්ක්රින් එකේ වැටුන කොළ පාට හාට් එක දිහා ගවිෂ් බලන් ඉදියේ ඒ තත්පරේට ඇගෙම තිබ්බ රිදිල්ල හරි අමුතු විදියකට වැඩි වෙද්දි..... කෝල් කරන්න එපා කියලනෙ තියෙන්නෙ මිට මම !! සති එකහාමාරක් වෙනවා කිසිම වච්නයක් නැතුවම.... ඒත් දැන් මොකද මේ ?? මේ වෙලාවෙම ???? ගවීෂ් තත්පර දෙක තුනක්ම අරගෙන ෆෝන් එක ආන්ස කලේ කොට්ටේ අතට අරගෙන වේදනාව අඩු ඉරියව්වකට අමාරුවෙන් මාරු වෙන අතරෙ...
" .........."
" ම් ? " නුපුරුදු නිහඩ ගතිය නිසම ගවීෂ් ඇහුවේ කතා කළොත් කටහඩෙන් වේදනාව හංගගන්න බැරි වෙයි කියන බයට..... .
" මොනව හරි කියන්න..." මියුන්ගේ කටහඩ පැහැදිලියි.....
" හ්ම් , දැන් තියන්න...." ගවීෂ් කිව්වෙ පුළුවන් තරම් වෙනසක් නොදැනෙන තරමේ කටහඩකින්.....
" තිමෞර්ය .... " මියුන්...එයාගෙ කටහඩ...... ඒක හරිම......ඇයි මේ........
" මං සතියකින් අරගෙනත් උබ මට තියන්න කියනවද ? " ඔව්.... ඒ කටහඩ වෙව්ලනව.... කොටින්ම ගවීෂ්ව නිරුත්තර කරන්න පුලුවන් තරමකට වෙව්ලනව.....
" උබට මාව මතක් නොවුනාම වෙන්න බැහැ නේද ? උබට මතක් උන වෙලාවල්වල ෆෝන් එක අතට අරන් කෝල් එකක් දෙන්නත් අමතක වෙන තරමට සිහියක් නැති වෙනව නේද ? මම එහෙම හිතාගන්නද ? ..." මියුන් නැවතීමක් නැතුව අහගෙන ගියේ ගවීෂ් නිදහස් අතින් කට තද කරල වහගනිද්දි ..... මියුන්ගේ කටහඩ සැරින් සැරේට මගින් නවතිනව.....
" මම මේම කතා කරද්දි...... මට මාව මෝඩයි වගේ දැනෙනව...... ඒත් , මට....මට තව....." මියුන් හරිම කැඩිලා බිදිලා ගිය කටහඩකින් කිව්වේ ගවීෂ්නුත් එයාගෙ ඇස් දෙක පියාගන්න පරක්කුවට කදුළු බිංදුවල රස්නෙ කම්මුල් දිගේ යනවා දැනෙද්දි.... මියුන්ට හොදින් කතා කරලා හිත හැදෙන දෙයක් කියන්න එයාට උවමනාවක් නැති කම නෙවෙ...., ඒත් මේ ඉන්න තත්වෙන් කතා කරල වැරදිලාවත්......වැරදිලාවත් එකම එක ඉකියක් පිට උනත් ඇති මියුන්ට සේරම දමල ගහල ආයෙ මෙහෙ එන්න තරම්.... අනිත් අතට කොහෙදි කොහොම දරාගෙන ඉදියත් මියුන් , තිමෞර්ය කියල හඩ බර කරන්නේ කොතනදිද , ඒ වෙලාවට භූමිකම්පාවකින් වගේ සේරම හැගීම් දෙගොඩතලා යන එක කොහොමටවත් නවත්තන්න පුලුවන් දෙයක් නෙවේ.....

-72 -
Start from the beginning