ඒ කැළල් පිරුණ නිරුවත් උඩුකයේ , තනි කළු නූලකින් එල්ලිලා තිබ්බේ වේඝර්ණ පේරැස් මුද්ද....!! ඒ චිත්රේ ඇදලා තිබුනෙම ඒ මුද්ද ඉලක්ක කරගෙන....ඉතින් අමුතුවෙන් සාක්ෂි ඕනෙද මේ ස්කෙචින්ස්වල ඉන්නේ කවුද කියන්න.... ඊළගට මුහුදු වෙරළක , දණිස් දෙක ළගට අරන් ඒ අස්සේ මූණ ඔබාගෙන ඉදපු හෙවනැල්ල... කකුල් දෙක තෙමාගෙන යන රැල්ල.... අමුතු විදියට ඇදලා තිබ්බ චිත්ර ගොඩාක්... ඒ චිත්ර ගැන මෙතුලට සහතික වෙන්න පුළුවන් එක දෙයයි.... ඒ හැම එකකම ඉදියේ ගවීෂ්... මෙතුල පොත උඩින් උඩින් පෙරලුවේ , ඕනෙවට වඩා පෙගිලා තිබ්බ සමහර පිටු අතරේ නැවතිලා... එයා හිතුවා වගේම , ඒකේ හැමදෙයක්ම ඇදලා තිබුනා... ඈතට පේන විදියට ඇදලා තිබ්බ සමහර සිද්ධි මෙතුල ඇස් දෙකෙන් සාක්ෂි කියපු සිද්ධි....හරියට මෙ ඕනෙවට වඩා පෙගිලා බොද වෙලා තියෙන චිත්රේ, ගවීෂ් උරහිස උඩින් ඔලුව තියන් ඉන්නේ යොවන්දිගෙ කියලා මෙතුලට විශ්වාසෙන් කියන්න පුළුවන් ....
මේ ලැන්ටන් දෙක.... ආයෙම ඇස්.... පැටලැවුන අත් වගේ සැහෙන තරමින් චිත්ර ගොඩාක්....
" ඔතනින් එහාට නම් එයිටීන් ප්ලස්ද මන්ද... " අරවින්ද් කිව්වේ මෙතුලත් හිනා වෙලා පොත වහලා දාද්දි... .
" මොකක්ද එයිටින් ප්ලස් ??? " ඔන්න ඒ සැරේ නම් මෙච්චර වෙලා ඔලුව ගහගෙන ඉදපු එකාට කන් ඇහිලා... මෙතුල පොත් දෙකම ගවීෂ් ගාවින් තිබ්බේ මෙතුලගේ මූණේ තිබ්බ බැල්මටම ගවීෂ් ඒ දෙක සැහෙන උනන්දුවෙන් අතට ගනිද්දි...
" හා හා මේ.. දැන් බලන්න එපා.. තනියම ඉන්න වෙලාවක බලන්න... " මෙතුල කිව්වේ ගවීෂ් පණ්ඩිතකමට අරවින්ද්ගේ නෝන්ඩි හිනාවත් දිහා බලලා පොත ගැම්මෙන් දිග අරිද්දි....
ඔහ්හ් ස්කෙචින් බුක් එකක් නේද ??? යකෝ.... හාෆ් නේක්ඩ්... කොලර් බෝන්ස්... නේවල් එක හරිය සියුම්ව මතුවෙන්න ඇදලා තිබ්බ චිත්ර.... හම්මට සිරි... තව තියෙනවා මෙන්න....ඇස්... අත්....ලිප්ස්... ඔහ්හ්..... ලිප් කිසින් ස්කෙචින්ස්....... ආයෙම අනන් මනන් තැන්....
" කාටද බොලව් මෙච්චර අසහනේ ??" ගවීෂ් කට ඇද කලේ , ඒ තියෙන්නේ උගෙම චිත්ර කියලා මෙලෝ අදහසක් නැතුව... ඌ කොච්චර අහිංසක විදියට ප්රශ්නේ ඇහුවත් , අරවින්දගේ හිනාව කවදාවත් නැතුව පුපුරලා ගියේ මෙතුලත් ලැජ්ජාවටම මේසේ උඩ ඔලුව ගහගනිද්දි....

- 81-
Start from the beginning