" ඇයි ඇයි ??? " ගවීෂ් ඇරියස් එකටම ඇහුවේ තාමත් පොත පෙරලන ගමන්...
" කාගෙද කියලා බලහන්... ඉස්සරහ පිටුවේ ලොකුවට නම ගහලා තිබ්බා... "අරවින්ද් කිව්වේ මෙතුල හිනා වෙවීම මේසේට ඔලුව ගහගනිද්දි..... ගවීෂ් ඉස්සරහ පිටුවට පෙරළුවේ අරවින්ද්ගේ නෝන්ඩි හිනාවට මිසක්...... ඒකේ ලොකු අකුරින් ආඝර්ව ආශාක්‍යසිංහ කියලා ලියලා තියෙනවා බලන්න නෙවේ.... ඔහ් !!මිනිහාගේ මූණ සුදුමැලි වෙච්ච ඉක්මන බලාගෙන ඉදපු අරවින්ද්ගේ හිනාව ආයෙම පුපුරලා ගියේ , මෙතුල ලැජ්ජාවටම ඇස් වහගෙන හිනා වෙද්දි.....
මියුන් ආඝර්ව ආශක්‍යසිංහ !! පොඩි පගයා !!! හරිම යසයි !!!! ගවීෂ් ෆුල් සයිලන්ට් ... මිනිහා ඒත් දෙවෙනි සැරේට හෙනම ගට් එකෙන්,කලින්ටත් වඩා උනන්දුවෙන් පිටු ටික පෙරලුවේ ටිකෙන් ටික උගේම කටේ ඇදෙන හිනාව ලොකු වෙද්දි..... කමක් නෑ අසහනේ උනත් හරිම ගානට.... ඔය තියෙන්නෙ ලස්සනට ඉතින්... වරදක් නෑ.... අනික ඉතින් මියුන් නම් ඇන්දෙ වරදක් අපේ ගවීෂ්ට පේනව නම් බැරිය... නියපොතුත් කටේ දමන් හප හපා බලන්නේ ඔය අගේට ....
ඒකේ හැම සිද්ධියක්ම පිළිවෙලට ඇදලා තියේ... එයලා ගියපු හැම තැනක්ම වගේ.... සමහර තැන් ගවීෂ්ව ශොක් කරන තරම්... ඕනවට වඩා පෙගිලා තිබ්බ පිටු... බොද උන පිටුත් නැතුවම නෙවේ.... පොතෙන් බාගයක්ම ඇස්... එක එක හැගීම් තියෙන එකම ඇස්... එක එක ඉරියව්වලට ස්කෙච් කරපුවා... අනේ පාහරයා.. එයා ගොඩක් කල් තිස්සේ හොරෙන් බලලා තියේ එහෙනම්...හොර ගෙඩියා මේව මුකුත් කිව්වෙත් නෑ....මේම එකක් තියේ කියලා දන්නෙත් නෑ.... තවත් බලන්න බැරි තරම් ඉක්මනින්ම එයාගෙත් ඇස් බොද වෙද්දි ගවීෂ් පොත වැහුවේ කවුරුත්ම නැති වෙලාවක තනියම බලලා හිතේ හැටියට අඩන්න හිතාගෙන....
" කොහෙද තිබ්බේ බන් ? " ගවීෂ් ඇහුවේ පොත් දෙකම අරගෙන පොඩි එකෙක් වගේ පපුවට තුරුල් කරගෙන... අරවින්ද්ව ඉඹගෙන ඉඹගෙන යන්න හිතෙනවා මේ දෙක ගෙනත් දුන්නට... නැත්තන් මලාට මියුන් නම් මේව අහුවෙන්න තියන්නෙ නැහැ....කලින් පොල් ටොපි... ඒ සැරේ ස්කෙචින්ස් පොත්... තව මොනවා තියෙද් මන්දා ළග !! .
" අර පොතේ පිටුව හොයද්දි හම්බුනේ...." අරවින්ද් කිව්වේ මෙතුල ගවීෂ් හැසිරෙන විදිය දිහා ආසාවෙන් බලන් ඉද්දි.... එක අතකට එයා මේම සතුටු වෙන්නේ කොච්චර කලාතුරකින් ද ? පොත් දෙකම පපුවට තුරුලු කරන් පොඩි එකෙක් වගේ.... මෙලොඉ සිහියක් නැතුව....

- 81-
Start from the beginning