මාස දෙකකට කලින් වචනයක්වත් නැතුව දෙන්නා දෙපැත්තට වෙලා සයිලන්ට් උනේ සෑහෙන තරමක වලියකට පස්සේ.. ඒමයි කියලා , දෙන්නම දැම් හැසිරෙන්නේ ඒම මුකුත්ම මතක නැති ගානට හැබැයි....
" මාව ඇතුළට ගන්නවැයි ඔහේගේ මහ ලොකු අපාට්මන්ට් එකේ ? " ගවීෂ් ඇහුවේ ඇස් රෝල් කරලා... මෙතන බේස්මන්ට් එකේ එන්ට්රන්ස් එක ගාවට වෙලා විකාර කර ඉන්න බැනේ... මිනිස්සුත් හැරි හැරි බලනවා....
" ම්ම් ? "
" නැ.. මට මෙතන කිස් එකක්වත් දෙන්න බෑනේ..... "
" ඇයි ? " මියුන් ඇහුවේ එහෙමම පහත් වෙලා , චූටි කිස් එකකින් ගවීෂ්ගේ තොල් අල්ලගන්න අතරෙ...
" ඕයි එපා !! " ගවීෂ් එහාට කරන්නත් කලින් මියුන් එහාට වෙලා ඉවරයි කෝමටත්.... ඒක සැහෙන වේගෙන් සිද්ද වෙලා ඉවරයි !! ඔව්ව් අඩුම දෙන්නෙක් තුන් දෙනක්වත් දකින්න ඇති !!!!
මේක හෙනම අමුතුයි.... ප්රසිද්දියේ අතවරයට ලක් වුනා වගේනෙ..... ගවීෂ් මියුන් දිහා යන්තන් ඔලුව උස්සල බලන ගමන්ම තොල් ඇතුළට තද කරගත්තේ හොර පූසෙක් ගානට... ලැජ්ජයි !!! කොහෙන්ද එක පාර කඩන් පාත් උන ලැජ්ජාවක්..... ඒ දැනෙන නොදැනෙන තත්පර ගාන, ගවීෂ්ගේ බඩ අඹරලා දාලා ඉවරයි කොහොමත්... මියුන් ඉස්සරත් උසයි ඔව් ඒක හරි.... ඒත් කෙට්ටුවට ඉදියේ සැහෙන්නම !!! දැන් චුට්ටක් ....... ම්හ්ක්.. ලොකු වෙලාද ??මහත් වෙලාද.... ඔව්ව් ඒ වගේ සීන් එකක්....බෑආආආආ ඔන්න ඔහේ එක පාරක් මුණ දිහා බලනවා... ගවීෂ් ආයේ ඔලුව උස්සල සෑහෙන ප්රවේගකින් මියුන්ගේ මූණ බලාගෙන ආයේ ආයෙ බයික් එකේ ලස්සනට අවධානේ යොමු කලේ මාපට ඇගිල්ලෙන් බයික් එකට අනින අතරේ....
" මොකද මේ ලැජ්ජාව තිමෞර්ය ? " මියුන් ආයේ ඇහුවේ ගවීෂ් දිහාවට තව අඩියක් බර වෙන ගමන්...
" කෝ බලන්න මූණ.... "
" එපා ඕයි ! ගන්නව අත.... " ගවීෂ් කිව්වෙ එයගේ බෙල්ල යට ඇගිලි තුඩුවලින් හිමීට අතගාපු මියුන්ගේ අත එහාට තල්ලු කරල....හරිනෙ !! අර පෆ් කොලම හුරතල් කරල වැඩි වෙලා..අන්තිමට තමුසෙව අතගාන්නෙත් බව්වෙක් වගෙ උනාම !! මේවට තමා ඔර්ජිනල් කර්ම කියන්නේ.... මියුන්ග අත එහාට තල්ලු කරපු අත ගවීෂ් ,පහළට දන්නත් කලින් මියුන් ඒ අතින් තද කරල අල්ල ගත්තේ පරිස්සමට ඒ අත උස්සල අරන් අත උඩින් තොල් තද කරන අතරේ.... ඒක න්න්ම් එපා වෙන්නෙ නෑ.... ඔව්ව් !!! ඒම ඇස් දෙක වහන් අත ඉඹිනකොට මියුන් හරිම ආදරණීයයි..... ඒක මියුන්ගේ , අයි මිස් යූ , ඇන් ෆයිනලි ගොට් යූ කියන එක කියන්න ගවීෂ් දන්නවා....

- 82 -
Start from the beginning