抖阴社区

                                    

" සතුටුයි...." මියුන් කිව්වේ අවංකවම..... ඇත්තටම එයාගෙ ඇස්වලින් ඒක පේනවා.... මේවට වැඩි වෙන්නේ කොහේවත් තියෙන ගෑස්ට්‍රික් අමාරුව.....

" ඒ මොකටද ?? " ගවීෂ් ඇහුවේ මියුන්ගේ අතින් අත අරින්නේ නැතුවම බයික් එකෙන් බැහැලා , කොල්ලා ඉස්සරහ හිටගෙන.... අහ් ශේප් ශේප්... තාම එක උස !! ඒ අස්සේ ගවීෂ් හිතන්නේ උස ගැන....

" මාව බලන්න නේ ආවේ ? "

"  පුහ්... තනි ඇහැට ඇඩෙනවා ඒ ආත්මවිශ්වාසෙට.. " ගවීෂ් කිව්වේ නෝන්ඩියට කටත් ඇද කරලා...

" එන්න... " මියුන් කිව්වේ ගවීෂ්ගේ අතින් අල්ලන් ඇතුළට අදින අතරේ..... මිනිහා මුකුත් නොකිය මේ මොන වදයක්ද ගානටත් රැව්වෙ මියුන්ගේ අත දමල ගහල....

" අත් අල්ලන් යන්න ඕන්නැනෙ... විකාර !!.. කෝ මොන ෆ්ලෝ එකෙද ?? කෝ වරෙන් යන්න ඉතින්.... ගවීෂ් කිව්වෙ මියුන්ගේ පිටට තට්ටුවක් දලා කොල්ලව තල්ලු කරන ගමන් .. . මියුන් කලින් කිස් කරපු නිසා අත හීතල වෙලා වෙව්ලන එක දැනෙනවට ලැජ්ජාවෙ අත ඒම ඇදල ගත්ත එක ඉතින් ගවිෂ්ගේ වෙනමම කතාවක් නෙව....

මියුන්ව නඩත්තු කරන්න ආශක්‍යසිංහ බූදලෙන් බර ගානක් යන බව ගවීෂ් කලින් නොදන්නවම නෙවේ... ඒත් හරියට දැක්කේ අද තමයි!! මුට නිකන් බෝඩිං සෙට් නැතුව ඇති මෙච්චර තඩි ලක්ශරි අපාට්මන්ට් එකක් රෙන්ට් කරන්නෙ.... යකෝ අනාගත වේඝර්ණ උරුමේ වෙලාත් තමුසේ මෙතන හිගන්න වගේනේ එව්ව්...

" පොඩ්ඩක් පිළිවෙල මදි මේ ටිකේ... අවුලක් නැ තමුසේ පිළිවෙල කියන්නේ මොකක්ද කියල දන්නෙත් නැනෙ.... " මියුන් නෝන්ඩියට කිව්වේ ගවීෂ් ඉණට අත් දෙක තියාගෙන නවතිද්දි.... හනෙ අම්මපා හහ්... 

" ඔයාලගේ නැදැ රැල අද වැරදිලාවත් මෙහෙ වඩින එකක් නෑ කියල ශුවර් නේ ? "ගවීෂ් අඩමානෙට ඇහුවේ මියුන්ගේ අපාට්මන්ට් එක වටේ ඇස් යවන ගමන්..  ඩයිනින් එකේ වෙනම පොත් ගොඩක්..... ෆ්‍රිජ් එක පුරාම ස්ටිකි නෝට්ස්... ඒවල තියෙන්නේ................ එව්ව් කෙමෙස්ට්‍රි .....වමනෙට වගේ.... මූ ෆ්‍රිජ් එකෙන් කන්න ගන්නේ මේව බලාගෙනද ??

" අරවින්ද් අය්යට කියලනෙ ආවෙ ? " .

" යකො ඇයි දැන් උබව බලන්න එන්න උගෙන් පර්මිශ්න්න් ගන්න ඕනෙද ? හහ්....  අනෙ එන්න කියනව ඕකුන්ට ...බයවෙයි මම.... " ගවීෂ් කිව්වේ මේසෙ උඩ පොත් ටික පිළිවෙලක් කරපු මියුන්ට.....

-Plot 23 -Where stories live. Discover now