බුදු අම්මෙඒඒඒඒඑ !!! ගවීෂ් කැගැහුවේ එක පාරට පැන්ට්රිය උඩට පනින ගමන්... යකුනේ මේ අපේ පෆ් කෝලමනේ !! අමතක උනානේ මේ බඩ්ඩත් ඉන්නවා කියලා දැන්... රවුර්... රවුර් ගගා බොරුවට බව් වව් ගගා , කකුල් දෙකේ කැර කෙරෙන්න වෙන්නැති කුක්කාගේ අප්පච්චි පුරුදු කලේ මාස ගානට... ගවීෂ් පහත් වෙලා පෆ්ව උස්සලා ගත්තේ ඇරියස් කවර් කරගන්න උගේ කනිනුත් අදින ගමන්....
" හානේ.. නිකන් ඉදලා ගිලලා ගිලලා.. බලනවකෝ තඩි මේකගේ... "
" තිමෞර්ය !! පෆ්ට දුක හිතෙනවනේ... " ඔන්න ඈත ඉදන්ම මියුන් පත්තු උනා....ප්ෆ්ෆ්ට්.... ඒම කොහෙද මල්ලි පෆ්ලා දෙන්නෙක් ඉන්නේ ? හොදින් හරි නරකින් හරි එකම එක ඇවිදින පෆ් එකයි ඉන්න පුළුවන් .. ඒ මං.. තේරුනාද ... ගවීෂ් බලු නට්ටාගේ නහය මිරිකුවේ , දෙවෙනි ඇරියස් එකත් කවර් කරන ගමන්...ඕකෙන් නේ මියුන්ව ඉඹිනවා ඇත්තේ....
" තිමෞර්ය !!! ඔය මොකද කරන්නේ ?"
" මුකුත් නෑ... !! " ගවීෂ් කිව්වේ දත් සෙට් එකම දාලා හිනා වෙන ගමන්... මියුන් කරන්නේ නම් මොනවද අවුස්සන එක ....ඒත් එයැයිට මෙහේ වෙන සේරම ඇහෙනවා හුහ්...
" ඒක නෙවේ මේකාට තාම ඒම නමක් දැම්මේ නෑ ??? නාටුක්කා කෝමද ? නැත්තන් ගා- දයා... අහ්හ් ටිකක් පොශ් වෙන්න ඕනෙ නම්, නෝස්ලෙප්ට් උනත් හොදයි..තව ලස්සන - "
" පෆ් ! සතියට! දෙසැරයක් ! නානවා !! ඒකත් ඔයා වගේ බාගෙට සබන් ගාලා නෙවේ !!" මියුන් කිව්වේ ඔරොවගෙන .... පෆ් ගැන කියද්දි හරි වේදනයි එක්කෙනෙක්ට... හුහ්... බල්ලටත් නැතෑ කොල්ලට වගෙ බොඩිවොශ් , ෆේස් ක්රීම් අනන් මනන්... ආශාක්යසිංහලා බංකොලොත් වෙන දවස අත ළගයි...අරවින්ද් පාරේ හිගා කනවා මැවිලා පේනවා... ගවීෂ් හිනාව නවත්තගෙන බලු කෝලම ඉම්බේ ඌව අරහෙට මෙහෙට උඩ දාන ගමන්.. සුවදයි නේන්නම් ... ඔන්න ඔන්න , ගවීෂ් ඔහෙත් ඒ පාර මේ බලු මායම්වලට අහුවෙන්න හදන්නේ !!..
" පෆ් කො එන්න... " මියුන් කතා කලේ මෙච්චර වෙලා එයා හද හද ඉදපු පෆ්ගේ කෑම එක මුල්ලකින් තියලා කතා කරන ගමන්.. අමො අමෝ.. කතා කලා විතරයි මෙන්න මියුන් දිහාවට ඔලුවත් හරවන් බිමට පනින්න දගලනවා... ඕම තමයි හෑමෝම කෑම නම්.... ගවීෂ් පෆ්ව බිමින් තිබ්බේ , ඌ කෙලින්ම වංගු බ්රේක් නැතුව මියුන් ගාවටම දුවන් ගිහින් නවතිද්දි....

- 82 -
Start from the beginning