抖阴社区

                                    

සරලම කතාව, ගවීෂ් මෙලෝ රෙද්දක් උයන්න දන්නෑ !!! ඒ වගේම ඌ දන්න තරමින් මියුන්ට නම් හොදට උයන්න පුළුවන් .. ඒත් ගවීෂ් මේ හදාගත්ත අමුතු එළවලු ටික හදාගන්නකන් ඌ කලේ අරහෙට මෙහෙට එබි එබි පාඩම් කරපු එක විතරයි.... මොනවද කියල ඇහුවෙත් නැ... ඔහේ පිගන් තුන හතරක්ම ගිල්ලත් එක්ක.... දැන් මේක අස් කරපන්කෝ....

ගවීෂ් හිනා වෙවීම භාජන සෝදන්න ගත්තේ කහ කුඩුවලට කහ පාට වෙලා තියෙන උගේම අත් දෙක දිහා බල බල තව ලැජ්ජ නැතුව හිනා වෙවී.....වැඩියෙන්ම හිනා යන්නේ මියුනුත් හිනාව තද කරගෙන හුම් සද්දයක් නැතුව භාජන අස්  කරන විදියට.... කියපන්කො බලන්න වචනයක් ඌ මට !! කඩෙන් ගෙනත් දෙන්න ඇහුවම නෑ එක්සැම් ළගයිනේ බඩේ අමාරුවක් හැදුනොත් ගගා , උයලා දෙන්න කියලා නහයෙන් ඇඩුව නම් , සොරි ඩොට් කොම්...  දැන් මේ යන විදියට උට මේව කාලා මොන ලෙඩ හැදෙයිද දෙන්නැ.... කමක් නෑ දෙන දෙයක් කාලා , බොන දෙයක් බීලා ඉදපුදෙන්...

" මේ... ගිහින් පොතක් බලාගන්නවා... මම අස් කරන්න..." ගවීෂ් කිව්වේ මියුන් සද්ද් නැතුව කුස්සියේ බිම වයිප් කරන විදියට.... මොනාද ඔට්ටු මිනිහට කිචන් එක දැකලා ඩිප්‍රෙශන් වගේ ඇති සේරටම වඩා.... කොච්චර අනන් මනන් දාලා හේදුවත් තාමත් කහ පාට යන්නේ නැති භාජනේ දැක්කම ගවීෂ්ගේ හිනාව මහ හය්යෙන් පුපුරලා ගියේ මියුනුත් වයිප එක පැත්තකින් තියලා හිනා වෙද්දි... කෑමවල අවුලක්ද මන්දා දෙන්නටම ඔටෝම හිනා යනවා....

" ඇති මෝඩයෝ... ...".

" ඉතින් තමුසෙම ඇවිත් බලනවකෝ පාට මේකේ... ? " ගවීෂ් කිව්වේ භාජනේ උස්සලා පෙන්නලා...  එහෙන් උගේ අතත් සම්පුර්ණයෙන් කහ පාටයි....

" ඔය ඉතින් නාලා !! අයින් වෙන්න ඔතනින් !! ඊළගට මෙතන රෑට පීණස හදාගෙන හචිං හචිං ගගා ඉදි...." මියුන් සැර කලේ ගවීෂ් භාජන හෝදන්න ගිහින් තව බාස් වැඩ සෑහෙන ප්‍රමාණයක් කරගෙන කියලා නෝට් කරගන්න අතරේ.... මියුන් බැන බැනම එයාව එලවපු නිසා ගවීෂ් මූණත් නරක් කොරන් පැත්‍තකට උනේ මියුන්ට රවන්නත් අමතක කරන්නැතුව.... එහෙන් ආසම හූඩි එකත් තෙමිලා....

" යන්න ගිහින්,  ඇදුම් මාරු කරගන්න... " සින්ක් එක සුද්ද කරන අතරේ මියුන් කිව්වේ ඔලුවවත් උස්සන්නේ නැතුව..

-Plot 23 -Where stories live. Discover now