" අරවින්ද් ... මොකක්ද ඒ වෙන්නෙ ? " නිශා අක්කා ඇහුවේ අරවින්ද් නහයෙන් පිඹිද්දි....
" මන් දන්නෑ මොන කරුමයක්ද කියල.. වේඝර්ණලා මේක අස්සේ... " අරවින්ද් කිව්වේ ක්‍රිෂ් නම් මාරුවෙන් මාරුවට අරවින්ද් , ගවීෂ් , මියුන් දිහා ඉණටත් අත තියන් බලද්දි... එයා නම් මීටර් කරන් අහවහරයි මේ අරුම පුදුම අහම්බය ගැන..... මුන් කාටද කියහන්කෝ මේ බොරු කරන්නේ ??
" ඔහියටම ???? " නිශා අක්කා ඇහුවේ මෙච්චර වෙලා නිශ්ශබ්දව ඉදපු ගවීෂ් එහා පැත්තේ ඉදන් උත්තර දෙද්දි...
" අපොයි , ගායිස්... මට පේන්නේ නරක ආරංචියක් .... ඔහියට යනකන්ම ගස් ගද ඉවසන්න වෙනවා... " ගවීෂ් සද්දෙන් කිව්වේ වාශිත්ගේ බැග් එක උස්සලා උඩින් තියන අතරේ.....
" කවුද ඒ ? " නිශා අක්කා ඇහුවේ ගවීෂ්ගේ කටහඩට....
" උරුමය... " අරවින්ද් කට අරින්න කලින් මියුන් නිශා අක්කට උත්තර දුන්නේ නිශා අක්කා ඉක්මනින්ම නිශ්ශබ්ද වෙද්දි..එයාගේ තාම ඒ ගැන තියෙන්නේ එච්චර පැහැදිමක් නෙවේ කියල දන්න නිසා මියුන් ආයේ නිශ්ශබ්ද උනේ , ආයේ කණ්ණාඩිය යටින් වේඝර්ණලා ඉදපු පැත්ත දිහා බලන අතරේ.....වේඝර්ණලා ඇත්තටම පහයි... ඉලක්කම පොඩි උනාට ඉන්න පහ මදැ කෝච්චි පෙට්ටියම පෙරලන්න .... කටවල් ඝන්ටාර වගේ.. ආශාක්‍යසිංහලා අටයි... ඒත් ඔය අටෙන් බහුතරේ සයිලන්ට්...
" අපි මොකද කරන්නෙ වෙන තැනක් බුක් කරන්න බැරිද ?? " මෙවීනා ඇහුවේ වේඝර්ණලාගේ පැත්තේන් දැනටම වැඩි සද්දේට ඔලුව කැක්කුමත් වැඩි වෙන නිසා...
" දැන් මේ කෝච්චිය අද්දනවනේ .. " අරවින්ද් කිව්වේ ඒ වෙනකොටත් හිමින් සැරේ ඉස්සරහට ඇදුන කෝච්චිය නිසා....
" අපේ අස්සෙමයි එන්නේ !! " සනෝශ්නුත් කැගැහුවේ කට ඇද කරගෙන...
" හා හා මේ !! මේ දවස්වල ඉතින් රස්නෙට හැමෝම යන්න හදන්නේ කදුකරේටනෙ.... උනුත් අපිත් එක්කම වගේ ටිකට් බුක් කරන්න ඇති... උන් අර කෙළවරේනේ... ඔන්න ඔහෙ අපේ ආතල් එක අපි ගමු......"ක්‍රිෂ් කිව්වේ අරවින්ද් ගොනා සේ ඔළුව වනද්දි... හොදයි උටත් ශේප් කරන්න අක්කලා ඉන්න නිසා...
අනිත් පැත්තෙන් ගත්තම වේඝර්ණලාගේ පැත්තේ ලොකුවටම ප්‍රශ්නේ තියෙන්නේ ඩියෝන්ට... යොවන්දි කොහොමටත් නිශ්ශබ්ද එකී... ඩියෝන් කොයි වෙලෙත් ඉන්නෙ ඇවිලෙන්න බලාගෙන.... හැරෙනවා... අරුන් ඉන්නවද බලනවා... උන් මොකක්ද කරන්නේ බලනවා... බුදු අම්මේ ඉතින් එහෙමත් උන්න්දුවක්.. ....වේඝර්ණලා මෙහේ කොනේ ,..... ආපු වෙලේ ඉදන් කරන්නේ එයාලගේ මහා කෑම ගබඩාව හිස් කරන්න උපරිම දායකත්වය දෙන එක...

- 86 -
Start from the beginning