ආශාක්යසිංහලා කෙසේ වෙතත් ගවීෂ් ඩියෝන් දෙන්නත් කට ඇරන් උන්ගෙ කෙල්ල දිහා බලන් ඉන්නේ ... එයා
සින්ග් කරන්නේ ලිරික්ස් නෙවේ ඉමෝශන්ස් !!! වෙන එකක් තියා අරවින්ද් පවා කෙල්ලගේ සිංදුවටත් කටහක් නැතුව කෝඩ්ස් ඇල්ලුවේ ඒ කෝඩ්ස් එක්ක ගැලපුන කටහඩ නිශ්ශබ්ද කෝච්චි පෙට්ටිය පුරාවට පැතිරිලා යද්දි.... ඒක වාව් !! හීනි පොද වැස්සක් වෙලාවට මීට වඩා නොස්ටැල්ජික් හැගීමක් තියෙන්න පුළුවන් ද ?අහිමිව යන බැව් දැන බැඳුනේ
දැන දැනමයි නුඹ ළග රැඳුනේ
හිමිකම් නැති ළැම මත හැඬුනේ
සනසනු හැකිදෝ කඳුළට මේ..... "ආශදි සිංදුව ස්ලෝ කරල නැවැත්තුවේ අරවින්ද් දිගටම කෝඩස් ප්ලේ කරද්දි...."කෝ ඉතිරි ටික.....?
සිදගනාවී.... නුඹමයි සසරේම මා පැතුවේ.....
හිමි නැති නම් කිම නුඹගේ උණුහුම දැනුනේ....
දෙතැනක වූවත් නැත නියයනු සෙනෙහස මේ....
එන අත් භවයක හෝ නුඹ හිම්වෙද ලදුනේ.... ...ආශදි නැවැත්තුවට අරවින්ද් කන්ටිනියු කරන් ගියේ, සිංදුව නවත්තපු කෙල්ලත් ඉතිරි ටික කියාගෙන යද්දි.... හැමෝම සම්පූර්ණයෙන් නිශ්ශබ්දයි , කෝච්චිය පීලි අතරේ ටකස් ගාන සද්දේ අතරින් ඇහෙන එකම හඩ ඒ ඩුවට් එක විතරයි ...ඒ සේරටම වඩා ගවීෂ්ගේ කම්මුල් සතුටට නලියන්නේ මේම එකට සින්ග් කරන්නේ ආශාක්යසිංහ කෙනෙකුයි වේඝර්ණ කෙනෙකුයි නේද කියලා මතක් උනාම.... මහ ලොකුවට හෙනම අහම්බයක් වගේ ප්ලැන් කරලා කස්ටියව එළියට එක්කන් ආවට මොකද අරවින්ද්ගෙයි එයාගෙයි එකම සැලසුම තුන්වෙනි පරම්පරාව සමතයකට පත් කරන එක ... ඒක කොච්චර අමාරු උනත්, සමහර විට කරන්නම බැරි දෙයක් උනත් ඒක නොකරන්න අසාර්ථක වෙන්නේත් එයාලමයි කියල කොල්ලෝ දෙන්නා හොදටම තේරුම් අරගෙනයි ඉන්නේ...
" මියුන්.... " ඩුවට් එක ඉවර කරපු අරවින්ද් කිව්වේ මියුන් දිහා බලලා.... ගවීෂ්නුත් ඇස් අයිනෙන් ඒ පැත්තට ඇන්ටෙනාව කැරකැව්වේ ඕපදූප හොයන්නමත් නෙවේ , හැබැයි ඒකටත් තමයි....

- 87 -
Start from the beginning