" අනේ මෙහ්...
නටන්නැතුව ඉදහන්..
ඒක නෙවේ අලුත් කොන්ඩේ සෝක්..
කූරු කූරු...අල්ලලා බලන්න ආසයි.... "💚 - "ම්ම්... එළියේ දොර ගාවට එනවද ? "
" යකෝ දැන් ?"
💚- "yes... "
ගවීෂ් ඊළග රිප්ලයි එක මැනේජ් කරගන්නත් කලින් මියුන් නැගිටලා කලින් ක්‍රිෂ් වගෙම දොරෙන් එහා පැත්තට යනවා ගවීෂ් බලාගෙන.... තියෙන හිතුවක්කාරකම තරම බලහන්කෝ ඉතින්... දැන් ඒ පාර නොගියොත් ඊළගට මූණ හොද නැති වෙනො.....
විනාඩි පහක් දහයක් යනකන් හොරගල් අහුල අහුල ඉදපු ගවීෂ් ශේප් එකේ නැගිට්ටේ මෙච්චර වෙලා නිදාගත්ත ගානට තඩි ඈනුමකුත් අරින ගමන්.... කොල්ලා හෙන ඇක්ට් එක දාගෙන නැගිට්ටට මොකද ආශදි නම් ඒ වෙනකොටත් කොල්ලට නෝන්ඩි ලුක් එකක් දීලා අහවරයි... බෑනේ කරන්න ඉතින්...
ඊළගට ඒ දොර ගාවට යන්න ආශාක්‍යසිංහලත් සේරම පාස් කරන්න ඕනෙ... ඔතනින් දෙවෙනි නෝන්ඩිය දාන්නේ අරවින්ද් ... ඔව් ඔය උඩ ඉදන් පහළට බැලුවේ මොකාද වගේ.... උ ඉන්න එකත් හොදයි එක අතකට , කවුරුහරි ඒ පැත්තට එන්න හැදුවොත් නවත්තගන්නවා ශුවර් එකට.... ඒ ඇරුනම මෙතන කලින් වෙච්ච රණ්ඩු ගොඩේ හැටියට කට්ටියම ඒ ඒ කලපනාවල නිසා වෙන කාටවත් ගවීෂ් මියුන්ට පස්සේ එළියට ගිය එක එච්චර මීටර් නෑ....
යාන්තන් ඇවිත් ට්‍රේන් කම්පාර්ට්මන්ට් එකේ දොරත් වහලා මිනිහා ඉණට අත් දෙක තියන් බැලුවෙ මියුන් දිහා.... මැද දොරෙන් එහාට උනාම ඊළග පෙට්ටියේ පැත්තේ දොර ගාවට වෙනකන් තියෙන පරතරයේ මදි පාඩුවට ක්‍රිෂ් අක්කාත් ඉන්නවා... ගවීෂ් ආයෙම මැද දොරෙන් ඇතුළ බැලුවේ , ශුවර් නැති පිට.... අරවින්ද්කාරය ඉන්නවනේ...
" දැන් උබලට පෙම් කෙලින්න දීලා මම මෙතනින යන්න ඕනෙ එහෙමද ? " අතේ තිබ්බ අන්තිම සිගරට් වැටිය එළියට විසි කරල ක්‍රිෂ් ඇහුවේ පැත්තෙ දොරට ගහගෙන ඉදපු ජැක් එක අතඇරලා කෙලින් වෙන අතරෙ....
" දරාගන්න පුළුවන් නම් ඉදියත් කමක් නෑ... " ගවීෂ් කිව්වේ කියන්න ඕනේ මොනා තාලෙටද ආන් ඒ තාලෙට.... කෝමටත්, ආශාක්‍යසිංහ කෙල්ලොන්ගෙන් ඌත් එක්ක ටිකක් හරි ඇයි හොදය්යක් තිබ්බේ මේ නැනාට විතරයි නෙව.... මියුන් තාම එහා දොරට හේත්තු වෙලා සාක්කුවට අත් දෙක ඔබන් නිශ්ශබ්දයි .... එයා කොහොමත් වැඩි කතාවක් තිබ්බ නම් ගවීෂ් එක්ක විතරනෙ.....

- 88 -
Start from the beginning