එහා පැත්තේ එතන ආශාක්‍යසිංහලා මහ ගොඩක් , ළගට යන්නැති තරමට ඇගට ගුණයි, හොදට කන් ඇහෙන නිසාම ගවීෂ් ළග තිබ්බ ගහකට හේත්තු උනේ මුගෙ සිංදු කිවිල්ලේ කැත අහගන්න නෙවේ !! මියුන්වත් හොදට මෙතනට පේන නිසා.....
" මුලු ලෝකෙ නවතින්න තිබුනත් මගේ....
හදගැස්ම නවතින්නේ ඔබටයි ළදේ.....රෑ සදවත ඇවිල්ලා...හඩනා හදවත නළවාලා
ගලනා කදුළැල් මැකීලා... තාම නෑ මා ඒ මතකෙන් මිදීලා....
ගයපු ආලේ ගීතිකා ඇහෙන මානේ නෑසුනා...
හිමිවෙන්න ගිලිහෙන්න සන්තානයේ...
මට කියල මුණ ගැහුනේ ඔබමයි ළදේ.....අරවින්ද් හෙන හොර ගෙඩියා කිව්වෙත් නෑ..... මෑන්ස් මේ බිම දණ ගහන් ප්‍රපෝස් කරන්නේ අර සක්කරවට්ටමට !!...... ඒ දර්ශනේම තමයි මෙහා පැත්තේ ඉන්න වේඝර්ණලා ටිකත් ඇස් උඩ තියන් බලන් ඉන්නේ.... ගවීෂ් සේප් එකේ ගිහින් වේඝර්ණ කෙල්ලො දෙන්නගේ මැද්දෙන් ඉඩක් හදන් වාඩි උනේ ආශාක්‍යසිංහ පැත්තටත් පූර්ණ අවධානේ යොමු කරන අතරේ.... බලන්න වටින සිද්ධිනෙ මේව... හැබැයි නිකමටවත් කිව්වෙ නැති එක නම් හෙනම කුහක වැඩේ....
" ගවීෂ් අය්යේ.. " ගවීෂ් වාඩි උන පරක්කුවට, ආශදී දුන්නේ උණහපුළු මූණක්....
" ඒ පාර මොකො මේ ? "
" මම කලින් ඕනෙය කිව්වේ ඔයා වගේ කොල්ලෙක්නේ.... ??" ආශදී කිව්වේ මූණ ගොරක ලෙල්ලක් කරන්....
" ඔව් ඉතින් ?? "
" මට ඔයා වගේ කොල්ලෙක් එපා..... " ආශදී කිව්වේ ගවීෂ්ව එහාට තල්ලු කරලා....
" ඇ ? "
" අර වගේ එක්කෙනෙක් ඕනේ......!!! " ආශදී කිව්වේ ගවීෂ්ගේ අතින් අල්ලලා හොලවන අතරේ.... හරිනේ අමාරුව... හරිනේ.... මේ කෙල්ලොන්ගෙත් හිත යන යන තැන මාළිගාව... ප්ෆ්ෆ්ට්.. බොරු ඕන නැනේ ඒක අරවින්ද්ගෙන් බලාපොරොත්තු උනේ නැති තරමට ලාවට වගේ ආදරණීයයි කියලා ගවීෂ්ටත් හිතෙනවා... ඉතින් කොහොමටත්, ඌ මෙහෙම දණ ගහලා ඇහුවත් නැතත් මෙවීනාගෙයි අරවින්ද්ගෙයි එන්ගේජ්මන්ට් එක යොරෙල් විලේජ් එකේ සුප්‍රකට රහසක්... ඒ වෙලත් අරවින්ද් කෙල්ලගෙන් මේ විදියට අහන එකෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ බැදීමට තව පොඩ්ඩක් හරි ආදරේම එකතු කරන්න නෙවේද ?

- 90 -
Start from the beginning