ඒ කල්පනාවෙන්ම ආපු ගවීෂ් උඩින් විසි උනේ එයාගේ ඉස්සරහට වැටුන කකුල් මාට්ටුවට.... අපරාදේ කියන්න බෑ , මිනිහා හතර ගාතෙන් තණකොළ බිස්ස උඩට ඇදන් වැටුනේ , කකුල් මාට්ටුව දාපු එකා මොකාද කියලා දෙපාරක් හිතන්න ඕනෙ කමක් නැති වෙද්දි... ගවීෂ් රවාගෙනම අනිත් පැත්ත පෙරලුනේ , සුපුරුදු විදියට පොතත් අතේ තියාගෙන බිම වාඩි වෙලා ගහට හේත්තු වෙලා ඉදිය මියුන් ඇහි බැම උස්සද්දි....ශිහ්හ් ! මේ සිතලට නහය ගල් වෙලා තියෙද්දි තණකොළවල ඉවෙන් මුගේ ගාවින් එන සුවද වෙන් කරන්නේ කොහොමද කියනකෝ....
" දැන් මොකක්ද ප්රශ්නේ තමුසෙගේ ?" ගවීෂ් හාන්සි වෙලාම ඉදගෙන ඇහුවේ මියුන් උරහිස් අකුලද්දි... ඩබල මේ ඉන්න හරිය අනිත් අයට පෙන හරියෙන් නම් කවර් වෙලා.... ඊයේ හරියට කතා කරන්න උනෙත් නැ... අන්තිමට ගිනි බෝම්බයකුත් අතඇරියනේ....
කොහෙද !! මියුන් නෝ රිප්ලයි ..." මොකක්ද දැන් තමුසේ ඔය කියවන අටමගල ? ආපු වෙලේ ඉදන් ඕක අස්සේ ඔළුව ඔබන් මොන ලබ්බක්ද ඕයි කරන්නේ ? " ගවීෂ් ඇහුවේ ඒ සැරේ නම් නැගිටින ගමන්...... මියුන්ට ඒ ඇහුන පාටකුත් නැ..... ඒ සැරේ නම් ගවීෂ් පොත උදුරලා ගත්තේ කේන්තියෙන්... මොකකද මේ ?? ජේන් අයර් ??? !!! හහ්...
" මොන මගුල කියෙව්වත් කමක් නෑ , මම මෙතන උබට කතා කරන්නේ.... !! එතකොට අහන් ඉදපන්... නැ මං කිව්වෙ--" " ගවීෂ්ගේ කටේ සැර අඩුවුනේ මියුන් එයා දිහා බලපු විදියට.... බයකට ඒම නෙවේ.... ඒත් පොඩ්ඩක් විතර දාමරිකයි..... ගවීෂ්ගේ අතේ පොත තියෙන්න ඇරලා මියුන් එතනින් නැගිට්ටේ , ගවීෂ්ගේ ඇගෙ වැදීගෙනම ඌව පාස් කරන ගමන්.... හහ් !!
මියුන් අඩි දෙකක් තියන්නත් කලින් ගවීෂ් උගේ පාර හරස් කලේ අත් දෙකම දෙපැත්තට දික් කරලා හිට ගන්න අතරේ..... ඒම යන්න දෙන්න පුළුවන් ද !!!
" හරි ඉතින් කෙල්ලො එකෙක් දෙන්නෙක් ඉදලා තියෙනවා තමයි..." ගවීෂ් කිව්වේ මියුන් ඇහුන්නැති ගානට අනිත් පැත්තට හැරිලා යද්දි... ඌ ඒ සැරෙත් ඉස්සරහට පැනලා මියුන්ව බ්ලොක් කලේ , ඌව නවත්තගන්න....
" එකෙක් දෙන්නෙක් කිව්වට පහක් දහයක් ඉදලා තියේ...!! ඒ වුනාට එකක්වත් සතියට වඩා තිබිලා නැනේ ! " ගවීෂ් කිව්වේ මියුන් ආයේ ඇගේ වැදීගෙනම එයාව පාස් කරද්දි...... තියෙන මුරණ්ඩුකමක් !! ඒ සැරෙත් මියුන් වැඩි දුරක් යන්න කලින් ගවීෂ් පාර හරස් කලේ උගේ අත් දෙකෙන්ම තද කරලා අල්ලගෙන....

- 92 -
Start from the beginning