" මරන්න කලින්.. " ගවීෂ් හරි ගැස්සුවේ අරවින්ද් නිශ්ශබ්ද වෙද්දි.... ශ්ට්... මේ කටට බ්රේක් නැනේ.. අරවින්ද්ගේ මූණ සවුත්තු වෙනවා.... භාතිය ආශාක්යසිංහ , සධාර්න ආශාක්යසිංහව මැරුවා කියද්දි සමහර විට එයාගෙම කතාව එයාට මතක් නොවී තියෙන්නෙ කොහොමද.. ගවීෂ් වරදකාරී හැගීමෙන් තොල් තද කරගත්තේ බ්රේක් නැති කටට දොස් කියන අතරෙ...
" කෝම හරි ,දැන් ඔය කැලෑ ඉලව්වම මියුන්ගේ.... මං හිතන්නැ අවුරුදු විස්සකට පස්සේ එහේ බැංග්ලො එකේ ගන්න දෙයක් ඉතිරිවෙලා ඇතිය කිය්ලා... "
" ඒත් දැන් පොරගේ අප්පුච්චා අපිට කියනවා නම් ඒ පැත්තට යන්න වෙනවනේ ? " ගවීෂ් ඇහුවේ අරවින්ද් ඇස් රෝල් කරල රවද්දි.. අහ් හරි අමතක උනානේ , හරි වේදනයිනේ උටත් කලින් උරුමේ කෙරුවාව ගැන කියද්දි....
" මේ මියුන්ට කියනවද ? " අරවින්ද් ඇහුවේ ගවීෂ් උබට පිස්සුද වගේ උ දිහා බලද්දි....
" ඒ පාර චිට් එක හම්බුවුන විදිය විස්තර කරන්නෙ උබේ අප්පද වින්ද් ? "
" ඒ උනාට බං.. අපි උගෙන් හංගන්න ඕනේ ඌ කවුද කියන එක විතරයි ... උබ තාම..... අනික දැන් මම කිව්වේ කැලෑ උනත් ඒ බැංග්ලෝ එක අයිති උට.... මක්ං උබට කලින් නොකිව්වා කියන්න එපා තාම දැකලා නෑ මියුන්ගේ ඇත්ත විදිය... ඒ උබට ඌ කවදාවත් සැර කරන්නේ නැති නිසා.... " අරවින්ද් කිව්වේ බරපතළ විදියට......
" ඊයේ මෙතන ගිරිය පුප්පන් කැගැහුවේ මං ද එතකොට ? "
" චහ්.... ඒක සැරක් වගේ පේනවද ? උබට වැරදිලා එහෙනං... ඌ උබට සැර කරන්නෑ කියන එකෙන් කියවෙන්නැ ඌ සැර නැති බව... " අරවින්ද් සන්සුන්ව කිව්වේ සාක්කුවට අත් දෙක ඔබන් නැගිටලා....
" ඔය යන්නද තමුසේ ? "
" නැතුව පැල වෙන්නද අයිසේ ? "
" මෙහ්... අපි දැනට පොඩි උන් අදාල කරගන්නැතුව ඉමුකො... කොල්ලො ටික නම් ඉදිවි අරවින්ද්... ඒත් කෙල්ලො කොහෙන් පුපුරලා යයිද දන්නැ... "
" හ්ම්. ඇතුළට ගියාම ආයෙ මෙහෙම හම්බු වෙන්නේ නැ .. උබ උනත් මියුන්ව මුණ නොගැහෙනවා නම් තමයි හොද.. " අරවින්ද් කිව්වේ ගවීෂ් විරුද්ධ නොවී ඔළුව වනද්දි.... අරවින්ද් තවදුරටත් බලන් ඉදියේ දෙයක් කියන්න.... ගවීෂ් ඔලුව යන්තන් උස්සලා උගෙන් ඇහුවේ ඒ මොකක්ද කියලා.. මොකද අරවින්ද් , දෙයක් සිරියස් කියනවා නම් අනිවාරෙන්ම ඊට කලින් මෙහෙම නිශ්ශබ්ද වෙනවා....

- 97 -
Start from the beginning