" තව මොනවද හේතු ? " ඩියෝන් ඇහුවේ ගවීෂ්ගෙන්...
" පොඩි එකා කිව්ව වගේ.... , සහය පෙළින් තර්ජනයක් තියේ නම් උරුමයකට සිද්ධ වෙනවා ඒක අයින් කරන්න..... අරවින්ද්ට උනා වගේ... සමහර විට මටත්....."
" අඩෝ ගවීෂ් අය්යේ සිරාද ? එතකොට මට අර ප්රිවිරුවාට දෙකක් අනින්න පුළුවන් ද ? " ඩියෝන් උගේ වැදගත්ම ප්රශ්නේ ඇහුවෙ, සනෝශ් අතට අහුවුන කෙන්ඩාමා එකෙන් ඩියෝන්ගේ ඔළුවටම දෙවෙනි පාරටත් තඩි බාද්දි... ඔහ් !! හොද පාරක් වැදුනා හැබැයි...
"ඌහ්හ්.. දෙකායි ! "තනෝශ් කැගැහුවෙ ඩියොන් ඒ සැරේ සනෝශ්ගේ අතින් කෙන්ඩාමා එක උදුරලා අරගනිද්දි... සනොශ්වත් කොලර් එකෙන්ම උස්සලා අරන් අයේ එහාට තල්ලු කරපු මිනිහා කෙන්ඩාමා එකත් කාමරේ මුල්ලකට විසි කළේ හොදටම මල පැනලා කියලා ගවිෂ්ට අමුතුවෙන් කියන්න ඕනේ නෑ.... ආයේ ආපස්සට සනෝශ් , ඩියෝන් දිහාවට කඩන් පනින්න කලින් අරවින්ද් මැදින් හිටගත්තේ සනෝශ්ව මෙල්ල කරගන්න පුළුවන් විදියේ බැල්මක් එක්ක.....
" අපි ඕක පස්සේ කතා කරමු... දැන් ආයේ හොයනවා කට්ටියම.... මියුන් පොඩ්ඩක් එනවා එළියට !! " අරවින්ද් කතා කළේ ගවීෂ් හිමින් මියුන්ගෙ අත අතඇරලා ශේප් එකේ ට්වින් ඩබල හැරුන රැක් එකට විරුද්ධ රැක් එක පැත්තට හැරෙද්දි.... මියුන් ඉක්මනින්ම අත් දෙක සාක්කුවේ ඔබාගත්තේ , අරවින්ද්ව පාස් කරගෙනම එළියේ පැසේජ් එකට ගිහින්...
ගවීෂ් තඩි පොත් සෙට් එක අරන් බිමින් වාඩි උනේ ටෝච් එක කටින් අල්ලගෙන.... මේවල නම් මොනවද මෙ ? අඩොව්... ආශාක්ය වංශ... වේඝර්ණ ඉතිහාසය... එව්ව් මුන් මහා ඕපදූපකාරයෝනේ බැලුවම...... මේඝානු පුරාවෘත්ත .... පුරාවෘත්ත හා පුද දෙවොල.... මොකක්ද රෙද්දක්ද මෙ... අවුරුදු දහස් ගාණක ඉතිහාසය ඉගෙන ගෙනද මේ යකා ? ගවීෂ් පොතින් පොතේ නමට චෙක් කරන ගමන් පැත්තකින් තිබ්බේ ඇස් අයිනෙන් අරවින්ද් මියුන් ඉදපු කෝනර් එක දිහා බලන්නත් අමතක නොකර... හැබැයි බොරු ඕන්නෑ මිනිහාට මෙතනටම හොදට ඇහෙනවා කතා කරන දේවල්..
" ගවීෂ් , කියනෝ උබේ තාත්තාය සධාර්න මාමාව මැරුවේ කියලා.... උබ ඒ ගැන මොකද කියන්නේ ? " අරවින්ද් මියුන්ගෙන් ඉවසීමෙන් ඇහුවේ ගවීෂ් තවත් කන් දෙක ඕපදුප අස්සට ඔබද්දි....

- 100 -
Start from the beginning