" ඔව්. " මියුන්ගේ සීතල කටහඩ...
" මොකක්ද ඔව් ??? "
" එයාට ඒ ගැන ශුවර්... "
" ඉතින් ? "
" සැරයක් කිව්වේ !! එයාට ඒ ගැන ශුවර් !! " මියුන්ගේ කටහඩ කොච්චර සැර උනාද කියනව නම් , සනෝශ් තනෝශ් දෙන්නත් ඒ පැත්තට හැරිලා බැලුවේ යන්තමින් උනත් ඇහුන සද්දෙට.... ඩියෝන්ටත් මේ ගානටම ඇහෙන බව දන්න නිසාම ගවීෂ් හිතලම , එයාගේ සංඛ්‍යාතයට බාධා කළේ ඩියෝන් නළල බදාගෙන රාක්කෙට බර දෙද්දි... එනවා මෙතන ඕපදුප හොයන්න !!.... කමක් නෑ ටික වෙලාවක් ඕම ඉන්නැතෑ....
" ඒත් තාත්තා කාවවත් මරන්නෑ.... මට ඒකත් ශුවර්..... " මියුන් කිව්වේ උගුරෙම හිර කරගත්ත කඩහඩකින්... ගවීෂ් උගේ අතේ තිබ්බ ජපන් ෆැන්ටසි පොත් ටිකත් වේගෙන් වේගෙන් පෙරලන් ගියෙ මොනවහරි හෝඩුවාවක් හොයාගන්න.... එයා කිව්වද ඉතින් මියුන්ට ඒක විශ්වාස කරන්න කියලා ? ම්හ් නෑනේ.... ඌ විශ්වාස කරන එක උගේ වැරැද්ද... මං බොරුනේ කියන්නෙම... හැම එකටම බොරු කරනව බොරු කරනවා කිය කිය ඉදලා ඇත්තක් කිව්වමත් ඒක බොරුවක් වෙනවා කියලා එක්කො තමුසෙට දැනගෙන ඉන්න තිබ්බා ගවීෂ්... ඉදපන් !!! දැන් ඇයි තමුසේට දුක හිතෙන්නේ ? අදාළ නෑ ඕවා.....
ගවීෂ්ට ඇත්තටම ඕනේ නැ අරවින්ද් - මියුන් කතා කරන දේවල් අහන් ඉන්න... එත් ඇහෙනවනේ ..... අනික අරවින්ද් පගා උනත් දන්නවා ගවීෂ්ට මේ ගානට දුරට ඇහෙන බව...
" සීයා සහය පෙළ අතට ගන්න කරපු වැඩක් වෙන්න පුළුවන්... "
" අහ් ? "
" උබම දන්නව පොඩි කාලේ ඉදන් උබේ අම්මව අපි කවුරුත් දන්නැ.... භාතිය මාමා ඉන්නකන් උබට අත තියන්නවත් නොදුන්නට , එයා නැති උනාම සීයට ඕනෙ තරම් තිබ්බ උබ මොන අත දරුවා උනත් මැන්ශන් එකෙන් පාරට ඇදලා දාන්න... ඇයි ඒම නොකළේ ? " අරවින්ද් ඇහුවේ මියුන් නිශ්ශබ්ද වෙද්දි... ගවීෂ් , ඊළග පොත් ටිකත් පැත්තකින් තියලා මේ කල්පනා කරන්නේ මැද්දෙන් පනිනවද නැද්ද කියල...
" දැන් මට නිකමට හිතෙනවා සහය පෙළ බංගලාව අයිති උබට නිසා කියලා..... ඒකයි උබව තියාගත්තේ.... "
" චහ්..." මියුන්ගෙ කටින් පැන්නේ නෝන්ඩියට....
" හිත රිද්දන්න කිව්වා නෙවේ මියුන් !! , ඇත්ත කතා කරමු , ඒකනේ ඇත්ත !! මාව උනත් තාම තියන් ඉන්නේ විශේෂ හැකියා ඉගෙන ගත්තේ කොහෙන්ද කියල මම කියනකන් විතරයි කියලා උබට නොතේරෙන්න බැනේ.... නොතේරෙන්න උබ බබා නෙවෙනේ...
මේ බංගලාව ගැන උබ මොනව හරි දන්නවද ? අඩුම උබට පොඩි කාලේ මුකුත්ම මතක නැද්ද ? " අරවින්ද් ඇහුවේ මියුන් නිශ්ශබ්ද වෙද්දි....

- 100 -
Start from the beginning