" නෑ .... " මියුන් කිව්වේ ගවීෂ් , නළල රැලි කරද්දි.. මියුන් ඒ කිව්වේ උත්තර දෙන්න අකමැත්තට මිසක් ඇත්තටම නොදන්නකමට නෙවේ කියලා ගවීෂ්ට විශ්වාසයි...
" අහ් හා ? මම දන්න විදියට උබට පොඩි කාලේ දේවල් ගොඩක් මතක නැනේ ? ආයේ මතක් කරපන්...."
" ඉස්සෙල්ලාම !! දැන් මේක කී දෙනෙක් අහන් ඉන්නවා කියලද හිතන්නේ ? " මියුන් අරවින්ද්ගෙන් නෝන්ඩියට ඇහුවේ මෙච්චර වෙලා කතාව අහන් ඉදිය ගවීෂ්නුයි, තරංග යථාතත්වයට අරන් රබර් කන දාගෙන ඉදපු ඩියෝනුයි දෙන්නම මුකුත් නොදන්න අහිංසකයො දෙන්නා ගානට ආපස්සට හැරෙද්දි....
" අහ් චීත්තකාරයො ටික !! අහන්ද ඉන්නේ උබලා ? . " අරවින්ද් කෑගහලා ඇහුවේ ගවීෂ් , ඩියෝන් , වෙන එකක් තියා ඩියෝන්ගෙන් විස්තරේ ලයිව් අහගත්ත ට්වින් ඩබලත් බබාල ටික වගේ ඒ පැත්තට හැරෙද්දි..... අහන් ඉන්න ? පිත්තුද අනේ... ඒමත් වැඩ කරනවාද ? හැමෝගෙම මූණුවල තියෙන්නෙ ආන් ඒ ජාතියේ අහිංසක ගතියක්.... අරවින්ද්ට හරියට උත්තරයක් නොදීම , මියුන් සාක්කුවට අත් දාගෙන අනිත් පැත්තට හැරුනේ එයාගෙ සාක්කුවෙන් ෆෝන් එක ඇදලා අරගෙන.... ඌ සද්ද නැතුවම ටොච් එක ඕන් කරගෙන රාක්කවලට ඇල්ලුවේ කල්පනාවෙන්.....
" ගවීෂ් ... එහෙනම් අද රැ ඉන්නවද ? "
" හා මරු...!! " ගවීෂ් උත්තර දෙන්න කලින් අරවින්ද්ට උත්තරය ලැබුනේ තනෝශ්ගෙන්...
" පැහෙන්නැතුව හොයමු.. පොත් අස්සේ තියෙන කොළ කෑලි... මීට කලින් දැකල නැති පොත්... සේරම මැදට වෙන් කරන්න..." අරවින්ද් කිව්වේ මියුනුත් තඩි පොත් ගොඩක් උස්සන් වාඩිවෙද්දි... දැන් නම් ෆෝන් ටෝච්වල එළියෙන් සෑහෙන තරම් දුරකට කාමරේ එළිය වෙලා.... ඉතිරි පස් දෙනාම තැන් පහක පොත් ගොඩවල් ගහගෙන පෙරලද්දි අරවින්ද් , කලා බඩු රැක් අස්සේ චෙක් කරන වැඩේ බාරගත්තේ සෑහෙන උනන්දුවෙන්... මෙච්චර පරණ බංගලාවක රහස් කුටියක් නෑ කියලා හිතන්න බැරි නිසාම කොල්ලා බිත්තිවල ලෑලිවලටත් තට්ටු කරන්න අමතක කලේ නැ... ඇරත් පුස්තකාලයකට කවුළු නොතියම උනත් හුළං එන්න තියලා තියෙන හිදැස් හොයාගන්නකන්ම අරවින්ද්ගේ හිතේ තිබ්බේ සැකයක්...

- 100 -
Start from the beginning