抖阴社区

                                    

" ම්ම්... ගවීෂ් මොකද හිතන්නේ ප්‍රිවිරු ගැන ??  "

"  ඒ කිව්වේ සීයේ ? " ගවීෂ් , ආපස්සට ඇහුවේ සීයාගේ දුෂ්ඨකමයි කපටිකමයි එකතුවුන ඇස් දෙක දිහා බලාගෙන.... සමහර විට අහේතුවකම පවා , සීයා ප්‍රිවිරුව ඇදලා ගන්න තියෙන හේතු දෙකම ගවීෂ්ගේ යටි හිත දන්නවා... ඒ වගේම ඒ දෙකම එක වගේ භයානකයි කියන්නත් ගවීෂ් දන්නවා.... ඒත් එයා බලන් ඉදියේ සීයම උත්තර දෙනකන්..

" කොල්ලට දහ අටකුත් වෙන්න එනවානේ...... " ආර්ය වේඝර්ණාරච්චි මිමිණුවේ සිහින් උන ඇස්වලින්.... ගවීෂ් නිශ්ශබ්දව ඔළුව වැනුවේ ඒක තහවුරු කරන්න..... එයාට තාම නිශ්චිත නැ සීයා මේ හදන්නේ ආශදිව කොල්ලට ප්‍රපෝස් කරන්නද නැත්තන් , අරවින්ද් කිව්වා වගෙ----

" ඔය මදැ ජීවත් උනා... " ආර්ය වේඝර්ණාරච්චි කිව්වේ ගවීෂ් කම්පනයෙන් ඔළුව උස්සද්දි... සීයා අදහස් කලේ මොකක්ද කියලා දැන් නම් ගවීෂ්ට නොතේරෙනවා නෙවේ...

" ඒත්- එයාගෙන් කරදරයක් නෑ සීයේ.... " ගවීෂ් මිමිණුවේ සීයට කේන්ති නොයාවි කියන බලාපොරොත්තුවෙන් ....

"මොකක්ද !! "

" එයා මට පිටින් යන්න හදන්නේ නෑ සීයේ..." ගවීෂ් ආයේ කිව්වේ සීයාගේ කේන්ති ගිය ඇස් මගඇරල...

"  කරදරයක් ද නැද්ද , ජිවත් වෙනවද නැද්ද ඒක තීර්ණය කරන්නේ මම !!
"

" ඒත් සීයේ , ඉසිවර මාමාල අපිට විරුද්ධ උනොත්-- "

" ඉසිවරගෙන් මට වැඩක් නැ... උබ කාටද කටගහන්නේ ?? අහ්හ් ?  " ආර්ය වේඝර්ණාරච්චි තදින් කිව්වේ ඒ හඩේ තිබ්බ අනතුරු ඇගවීමටම ගවීෂ් නිශ්ශබ්ද වෙද්දි....  දිගින් දිගට තර්ක කරන්න එයාට තමන් ගැබම විශ්වාසෙකුත් නැහැ!!

" ඔයාම ප්‍රිවිරුව මරන්න.... "  සීයාගේ සීතල හඩ ඩන්ජන් එක පුරා පැතිරිලා ගියේ ගවීෂ් දරදඩු වෙච්ච තොල් , අත් තද කරන් බලන් ඉද්දි.... ප්‍රිවිරුව මරන්න !! හහ්... ඒ පොඩි එකාව මරන්න !! ??

වෙනදා වගේ අරවින්ද් පැත්තකින් නැති නිසාම හිත ඇතුළේ මහ විශ්වාසයක් ඉතිරි වෙල නැ තමයි !!! , ඒත් තමන් ගැන ඉතිරි වෙලා තිබ්බ අන්තිම විශ්වාසෙත් එකතු කරන් ගවීෂ්  විරුද්ධව නැගිට්ටේ ආර්ය වේඝර්ණාරච්චි කොහොමටවත් බලාපොරොත්තු නොවුන විදියට... ගවීෂ්ගේ ඒ පියවරත් එක්ක වටේම ඉදපු ගාඩ්ස්ලා අඩිය ගානේ ඉස්සරහට තිබ්බෙ ආයේමත් බලය කියන්නේ මොකක්ද කියලා ගවීෂ්ට මතක් කරවල දීලා... ඒත් සීයාගෙ එක හෑන්ඩ් සින්ගල් එකකට ඒ ගාඩ්ස්ලා සේරම සන්සුන් උනේ සීයාගේ ඇස් කෙලින්ම එයා දිහාවට එල්ල වෙද්දි ... ගවීෂ් උත්තර දෙනකන් ඒ ඇස්වල තියෙන්නේ අධම විදියක , සමච්චලයක්....

-Plot 23 -Where stories live. Discover now