抖阴社区

                                    

ගවීෂ් හිමින් සැරේ කෙලින් වෙලා වාඩි උනේ ගුහාව සම්පූර්ණයෙන් කලබලකාරී නිසා.... ඒ එදා මාස්ට අයෝද්ම ඉදපු හැංගුන ගුහාව බව ගවීෂ් ඉක්මනින්ම අදුරගෙන ඉවරයි.... ගවීෂ් එක පාරටම නැගිට්ට නිසා , ගුහාවේ එහා කෙළවරේ ඉදපු අරවින්ද්නුත් ඒ පැත්තට කිට්ටු කළේ ගවීෂ්ගේ පළවෙනි ඍජු බැල්ම අරවින්ද් දිහාවට එල්ල වෙද්දි... ගවීෂ් උත්තරයක් බලාපොරොත්තුවෙන් බලපු විදියටම අරවින්ද් අහක බලාගත්තේ එයාට දෙන්න තරම් නම් සුබවාදී උත්තරයක් කොහෙත්ම ඉතිරි වෙලා නොතිබ්බ නිසා....

" ශේප්ද උබට ?" ගවීෂ්ගේ පිටට තට්ටුවක් දාගෙනම අරවින්ද් සනෝශ්ගේ එහා පැත්තෙන්ම වාඩි උනේ යන්තන් ඉඩක් හදාගෙන.. උටත් සෑහෙන මහන්සි පාටයි..... ගවීෂ් ඒත් ඔළුව වනලා නිශ්ශබ්ද උනෙ අරවින්ද් මොනවහරි කියනකන් බලාගෙන... මෙතන මියුන් පේන්න නැහැ... එයා ඉන්නවා නම් , මෙතනින් හෙළවෙන්නැ..... ගවීෂ් ඒක හොදටම දන්නවා.... ඉතින් එතනින් එහාට එයා වෙලා තියෙන දේ අනුමාන කරලා ඉවරයි....

" උබට දවස් තුනක් සිහිය තිබ්බේ නැ හරියට... "

" මියුන් ? " ගවීෂ් ඇහුවේ අරවින්ද් කිව්ව එක ඇහුනේ නැති ගානට....

" උබව හොයාගන්නත් දවසක්ම ගියා... "

" මියුන් කෝ ? " ගවීෂ් ආයේ ඇහුවේ පුළුවන් තරම් සන්සුන්ව.. ඒත් ඒ ප්‍රශ්නේ අරවින්ද්ව නම් සැහෙන නොසන්සුන් කරනවා.....

" උබේ බෙල්ලට පාරක් වැදිලා තිබ්බේ...- " අරවින්ද් දෙවෙනි සැරේටත් යන්නේ කොහෙද මල්ලෙ පොල් ජාතිය උත්තරයක් දුන්නේ අහක බලාගෙන......

" මියුන් කොහෙද වින්ද් ? "

" ඒ ඉසිවර ද ? මොකද උබව හිර කරලා තිබ්බේ සහය පෙළ මැන්ශන් එකෙ.... "

" වින්ද් !!!....."

" උබව එළියට ගත්තේ-- "

" මට මියුන්ව ඕන.. " ගවීෂ් අත් දෙක එකකට එකක් තෙරපගෙන ඒක කිව්ව විදිය නිසාම අරවින්ද් නිශ්ශබ්ද උනේ සනෝශ් දිහා බලලා....... සනෝශ් කිසිම සද්දයක් නැතුව එතනින් නැගිටලා එහා පැත්තට ගිය විදිය ගවීෂ් බලාගෙන....

" ඉස්සෙල්ලා ටිකක් ඇලවෙයන්..." සනෝශ් යනකන් ඉදපු අරවින්ද් කිව්වේ හිමින් සැරේ ගවීෂ්ගේ පිටට තට්ටුවක් දාලා.. අරවින්ද් ඒම කිව්වෙ උත්තරය නොදන්නකමට නෙවේ කියලා ගවීෂ් දන්නවා.... ඒක එහෙම නම් මියුන් දැනටම එයාලා අතේ... අරවින්ද්ගේ මෙ නිශ්ශබ්දතාවය ඒකට ඕනවටත් වඩා ගැළපෙන උත්තරයක් දීලා ඉවරයි...

-Plot 23 -Where stories live. Discover now