" අරවින්ද් !! කෝ බං මගේ කොල්ලා ? "
" .... අපි ඒක බලමු.. " අරවින්ද් උත්තර දුන්නේ ඒ ප්‍රශ්නෙත් මගඇරලා....
" මට ඇත්ත කියපන්.... උබ මියුන්ව දැක්කද ? " ගවීෂ් කෙලින්ම ඇහුවේ අරවින්ද්ගේ කඩාගෙන වැටුන බැල්ම තිබ්බ ඇස් දිහා කෙළින් බලාගෙන... සෑහෙන වෙලාවකින් පස්සේ එයා ඔළුව වැනුවේ ඒක පිළිගන්න...
" හොදින්ද ? " ගවීෂ් ඇහුවේ කිසිම තේරුමක් නැති ප්‍රශ්නයක්... හොදින්ද !! වෙන කෙනෙක් අමු අමුවේ එයාව පාවිච්චි කරනවා නම් හොදින් වෙන්නේ කොහොමද ! ගවීෂ් හිතින්ම එයාගේ ප්‍රශ්නෙට උත්තරේ හොයාගනිද්දි , එතනින් පස්සට ඇතිවුනේ ලොකු නිශ්ශබ්දතාවයක්... විලේජ් එකේ තත්වේ මොන වගේ ඇතිද කියන්න ගවීෂ්ට අමුතුවෙන් පැහැදිලි කරන්න ඕන නැහැ..... මේ වෙද්දිත් එයාලා මියුන්ව පාවිච්චි කරනව නම් , එතන කොහෙත්ම හොදක් තියෙන්නෙ කොහොමද ? !!
" තව කවුරුහරි දන්නවද ? "
" මියුන් බර්ඩ්‍රොමිඩා කෙනෙක් කියලාද ? "
" ම්ම්..."
" තාම කවුරුත් දන්නෑ...ඒත් වැඩිකල් හංගන්න බැරි වෙයි...." අරවින්ද් උත්තර දුන්නේ ගවීෂ් අසාමාන්‍ය විදියට නිශ්ශබ්ද වෙද්දි.....කොච්චර කලබලකාරී හැගීම් ඔළුවට ආවත් ගවීෂ් සන්සුන් වුනේ අත්දෙක එකකට එකක් තෙරපගෙන.... එයා එහෙමම කදවුරක් වගේ පේන ගල් ගුහාව වටේ ඇස් යැව්වේ එතන කොහොමටත් සැලකිය යුතු පිරිසක් ඉන්න නිසා..... ඒත් කොල්ලාගේ ඇස් නැවතුනේ බලාපොරොත්තු නොවුනම තැනක...
දිග කැරලි කොණ්ඩේ පහළට වෙන්න ගැට ගහගෙන , එක අතක් පරිස්සමට බඩට තියාගෙනම , තුවාල උන යොරෙල් කෙනෙක්ගේ නළලට බෙහෙත් කරපු ඉදපු හුරු පුරුදු රූපය මොහොතකට ඇති වෙන්නැති කොල්ලගේ පපුව ඉක්මනින්ම උණු කරන්න.... ආශදී... කෙල්ලගේ අත හරහා ගවීෂ්ගේ ඇස් නැවතුනේ යන්තමින් ඉස්සරහට නෙරපු බඩ ගාවින්.... පොඩි කෙල්ල නිසාම ඒක කොච්චර නුහුරු හැගීමක් උනත් ගවීෂ් සෑහෙන වෙලාවක් තිස්සෙ ඒ දිහා බලන් ඉදියේ , මාස තුනකට ළං වෙන්න එන මේ කාලේ ඇතුළත කෙල්ලගේ දරාගන්න බැරි වෙනස්කම් ගොඩ දිහා.... කවදද එයා කොණ්ඩේ මේම බැන්දේ.....? කැතයිනේ ඒම.. ලොකු පාටයි...ගවීෂ් හිතින් දොස් කිව්වේ ඒ දිහාවෙන් ඇස් ගළවගන්නැතුව...

- 116 -
Start from the beginning