抖阴社区

                                    

" එයයි ප්‍රිවිරුයි තමයි උබව එළියට ගත්තේ... " අරවින්ද් කිව්වේ ගවීෂ්ගෙ ඇස් නැවතුනේ කොහෙද කියලා හරියටම අදුරගෙන.... ගවීෂ් ඒකට කිසිම විදියකින් උත්තරයක් නොදුන්නේ ආයෙම ආශදී දිහා බලලා.... කෙල්ලව මෙහෙම දකිද්දි කොච්චර පපුව උණු උනත් තාමත් ඒ හිත් තැල්ම හොද නොවුන බව ගවීෂ් දන්නවා... තුවාල උන යොරෙස්ලා, අත් උදව් දෙන යොරෙස්ලා අරහෙට මෙහෙට දුවන ඩියෝන් , තනෝශ් , ක්‍රිෂ්... උදව් කරගන්න ඇවිත් හතර වටෙන් බැනුම් අහන අඩුවක් එල්ලගත්ත සනෝශ්.... පුළුවන් විදියකට පොඩි පොඩි තුවාලවලට බෙහෙත් කරන ආශදි , ඩ්‍රැන්, යොවන්දි.... තව එක එක්කෙනා උස්සලා එහාට මෙහාට කරවන ප්‍රිවිරු පවා !! .... එතන කොහොමටත් තිබ්බේ යුධ කදවුරක වගේ අපැහැදිලි, කලබලකාරී වාතාවරණයක්...

තමන්ගේ ඉස්සරහ තියෙන ගුහාවේ පුංචි විවරයෙන් ගවීෂ්ට කෙලින්ම පේන්නේ හීනියට ඉරක් විතරක් ඉතිරිවෙලා තිබ්බ අවපස හද.... මේ සතිය ඇතුළත , දවස් කිහිපයකින් අමාවක උදාවෙනවා... ගවීෂ් ආයේ මිනිත්තුවකට ඇස් දෙක පියාගත්තේ එයලා හිර වෙලා ඉන්න උගුලේ අඩියෙම තැනක බව තේරුම් අරගෙන.... ඇගේ පතේ වේදනාවට හුරු වෙලා , කොල්ලා පියවි සිහියට ඇවිල්ලත් දැන් සෑහෙන වෙලාවක් ගතවෙලා ඉවරයි... මෙච්චර වැඩ තියාගෙන ඉද්දිත් අරවින්ද් නෙවේ තාම ගවීෂ් ගාවින් අගලක් හෙලවුනේ.....

ඇත්තටම , අරවින්ද් ඕනෙ රෙද්දකට එයත් ඉන්න බව ගවීෂ් දන්නවා.. ඒත් ප්‍රශ්නේ මෙතනින් එහාට සිද්ධ වෙන්න තියෙන දේවල්වලට මුහුණ දෙන්නෙ කොහොමද කියන එක... සමහර විට මෙච්චර කල් නිශ්ශබ්දව ඉදියට එයා ඔළුවෙන් ගළපගත්ත දේවල් ගවීෂ්ට නැතුවම නෙවේ... ඒත් ඒවා ගැන ගවීෂ්ට තවමත් තියෙන්නෙ දෙගිඩියාවක්... එයා අත මිට මොළවගෙන කල්පනාවට වැටුනේ තවමත් නොබිදුන විශ්වාසෙකින්..... මේක කොහොමටවත් දුර්වල වෙන්න වෙලාවක් නෙවේ..... ඒ වගේම ගවීෂ්ගේ එකම බලාපොරොත්තුව මනවිශට එයාගේ පාලනය අයිති කරගන්න නොදෙන එක විතරයි...

විශ්වාසෙන් කියන්න පුළුවන් එක දෙයක්, ඒ කළු ලෝගුකාරයා ළගට එනකන් ගවීෂ්ට ඇහුනේ නැහැ.. ඉතින් ඒකෙන් කියවෙන්නේ එකම එක දෙයයි... ඒ කවුරු උනත් එයාට පුළුවන් තරංග සීල් කරන්න... මෙච්චර කල් ඒ හැකියාව තිබ්බ එකම වේඝර්ණ ලේ තමන් බව හිතාගෙන ඉදපු එක සම්පූර්ණයෙන්ම වැරදි බව ගවීෂ් දැන් දන්නවා... තව කෙනෙක් ඉන්නව බලවත්.. කොහොමටත් එයාගේ මනවිශ එක්ක , ගවිෂ්ට හැරෙන්න හිතන්නවත් බැරි තරම් බලවත් කෙනෙක්....කොටින්ම මේ වෙලාවෙ මියුන් පවා ඉන්නේ එයාගේ ගාව....

-Plot 23 -Where stories live. Discover now