ගවීෂ් ආයේ ඇස් යොමු කළේ ගුහා විවරය දිහාවට..... අවපස හද ආයෙම වතාවක් එයාගේ ඇහැ ගැටුනේ ගවීෂ් ඒත් ආවේගෙන්ම අත මිට මොළව ගනිද්දි.... එදා මාස්ට අයෝද්ම ඒ ගැන අනතුරු අගවපු බව ගවීෂ් දන්නව.. ඒ දැනගෙනත් , කොච්චර සැලකිලිමත් උනත් අන්තිමට සිද්ධ නොවෙන්න ඕන දේවල් බලාපොරොත්තු උන නරකම විදියට සිද්ධ වෙලා ඉවරයි....
" දැන් මොකද ඊළගට ? " ගවීෂ් ඇහුවේ සෑහෙන තරම් විශ්වාසයක් එකතු කරගෙන... එයා ඒක අහපු විදියට මලානික ගතියෙන් පිරිලා තිබ්බ අරවින්ද්ගේ මූණෙත් ක්ෂණික එළියක් ඇදුනේ අල්පමාත්‍රික විශ්වාසයකින්... මොකද ගවීෂ්ගේ කටහඩේ මේ වෙලාවේ සෑහෙන තරම් ධෛර්යයමත් පෙළඹීවමක් එයා බලාපොරොත්තු වුන දේවල්වලින් ඔබ්බට තිබ්බ දෙයක්.... අරවින්ද් උත්තරේ දෙන්න පටන් ගත්තෙත් සැහෙන උනන්දුවෙන්...
" සති දෙක තුනකට කලින් මම අර ලයිබ්රිය ඇවිස්සුවේ මාස්ට අයෝද්ම උබට ආයෙම යාදම් පුරාවෘත්තය ගැන කියවන්න කිව්ව නිසා.... පස්සේ ඇතුළු කුටියේ තිබ්බ පුරාවෘත්ත පොත් ගොඩක් කියෙව්වා... ඒත් අපි හැමදාම දන්න කතාවට වඩා වෙනස් දෙයක් එකකවත් ලියවිලා තිබ්බේ නැහැ.....ඒත් අපිට මොනවම හරි මගඇරුනා කියලා හිතුන නිසා මම ආයේ විසිතුන ක්‍රමවේද තහනම් පොත කියෙව්වා.... "
" හ්ම් හ්ම්... " ගවීෂ් හූමිටි තිබ්බේ ඩෝන්ට් කෙයා ගතියකින් නිසාම අරවින්ද් රැව්වේත් දෙපාරක් හිතන්නැතුව....
" යාදම් යාගය සිද්ධ වෙලා බර්ඩ්‍රොමිඩා කෙනෙක් විනාශ කරද්දි එතන ලොකු ශක්ති රික්තයක් නිර්මාණය වෙනවා....ඒක සිද්ධ කරන්න සාමාන්‍ය දවසකට වඩා--- "
" උබ ඔච්චර කැටයම් දදා කියන්නේ මේ සැරේ අමාවක ගැන නම් අපරාදේ මහන්සිය.....-" ගවීෂ් ඉක්මනින්ම කිව්වේ අරවින්ද්ගේ ඇස් ලොකු වෙද්දි...
" හැමිනියන් වීෂ් !! උබ දන්නවා ?? "
" ඇයි උබට මාව කන් දිග බූරුවෙක් වගේද පේන්නේ ? "
" උබ සද්ද නැතුව මේවා--- "
" ෂූඌඌ.... ෂුස්.. වින්ද් වින්ද් වින්ද්.... !! උබ හෙන මෝඩයිනෙ... කෝ මේක අහපන්.. "
"කියපන් #&$* !! "
" උකුස්සෙක් අහසේ රවුමට කැරකෙන්න පටන් ගන්නකොට ඕන කෙනෙක් දන්නවා , දුරින් ඉදන් හරි ඒ කිට්ටු කරන්නෙ ගොදුරකට කියල.....!! ඒ උබේ ඊගල් තියරිය.... ඒත් ඉලක්කේ අහුවෙන මානෙකට එනකන් කිසිම විදියක සද්දයක් නැති මගේ චීටා තියරිය ඊට වඩා වෙනස් අරවින්ද්... " " ගවීෂ් කිව්වේ අරවින්ද් ඒකට කට අයිනෙන් හිනාවෙද්දි...

- 116 -
Start from the beginning