抖阴社区

                                    

"අහ් , උබ දැන් හෙන වැඩ්ඩාද !! "

" මොකො උබ හිතුවේ මම උබ කියන කියන හැම එකටම සප්‍රයිස් වෙන්න බලන් ඉදී කියලද ? මම පෞරාණික අක්ෂර ඉගෙන ගත්තේ උබට කලින් වින්ද්... " ගවීෂ් කිව්වෙ අරවින්ද්ගේ වතුර ගහලා වගේ තිබ්බ මූණ දිහා බලන් උරහිසට තට්ටුවක් දාලා.... අරවින්ද් තාම සයිලන්ට්......

" උබට හිතිල තිබ්බේ නැද්ද ඉස්සර වේඝර්ණලා වලෝර දෙවොලයි , ආශාක්‍යසිංහලා නියුධාශ්‍රමයෙයි වතාවත් කළාට ඇයි දැන් බන්ෂ් එකේ වතාවත් කරන්නේ කියල ?? උබ දැන් කිව්වේ විසිතුන ක්‍රමවේද පොත ආයෙම කියෙව්වා කියලනේ.... චහ්... ඒත් උබ දකින්න ඕන දේ දැකලා නෑ වින්ද්..... එහෙම පරණ පොතක අපේ පූජනීය ස්ථානය විදියට බන්ෂ් එක ගැන වචනයක් මම දැක්කේ නැ.... වෙන්න පුළුවන් දේ හරිම සරලයි...... අංක එක යාදම් සිද්ධියට කලින් බන්ෂ් එකක් තිබිලා නැහැ.... එතකොට එ කියන්නෙ ජගුවර් ආත්මයක්වත්, මේචුයුරි ආත්මයක්වත් නැහැ... ඉස්සෙල්ලා ඔය කට වහගන්නවා මිනිහො....." ගවීෂ් කියාගෙන ගියේ අරවින්ද් , තාම කරකවලා අතඇරියා වගේ බලන් ඉද්දි....

" අඩෝ .. විෂ්....මේ -- "

" ඉදපන් පොඩ්ඩක් මං ඉවර නැ.... උබ කිව්වා වගේ බර්ඩ්‍රොමිඩා කෙනෙක් විනාශ වෙද්දි ලොකු ශක්ති රික්තයක් හැදෙනව.. ඒ ශක්ති රික්තය නිසා තමයි අදටත් ඩ්‍රොප් සෝන් එක වැලි අගුරු... ජීවයක නාමයක් නැහැ.... ඒත් ඒ අතරේ හිතපන් , ඩ්‍රොප් සෝන් එක මැද මේචුයුරි ගහ විතරක් හැදෙනවා ? එතකොට උබ මතක් කරපන් ඔහොමම එදා මියුන්ගෙ ජන්ම හෝරාව වෙලේ , මියුන්ගේ කකුල අර අගුරු වැලිවල වැදෙන්න විතරයි ඕන උනේ වටේම ජීවය මතුවෙන්න.... ඒ ශක්තිය අපේ වේඝර්ණලාටවත් , මෙච්චර ගස් ගැන තියෙන උබලටවත් තියෙන හැකියාවක් නෙවේ වින්ද්.... උබ ඒක පිළිගන්නවද ඉස්සෙල්ලා ? "

" ඔව්.. උබ කියන් පලයන්.... යකෙක්නෙ මිනිහෝ උබ !! " අරවින්ද් මිමිණුවේ මේ වෙනකොටත් ගවීෂ්ගේ වචන නිසාම එයාගේ හිතේ ටිකෙන් ටික ආත්ම විශ්වාසය ආයෙම ගොඩ නැගෙන නිසා....

" අපි ඕන කෙනෙක් දන්නව බන්ෂ් එකේ ශක්තිය කොහොමටත් වැඩි කියලා....ඒක අපිට පාලනය කරන්න බැරි විදියක එකක්.. ඒත් අපි හිතනව වගේ ඒ ශක්තිය වේඝර්ණලාටවත් ආශාක්‍යසිංහලාටවත් අයිති ශක්තියක් නෙවේ... මියුන් මුලින්ම බන්ෂ් එකට ආපු දවසේ , මම ඉදියෙ එතන... කොල්ලා ඇතුළු මළුවට අඩිය තිබ්බ විතරයි සේරම වට පිටාව පවා වෙනස් උනා... මම හිතන්නේ එතන බල ඡේදනයක් උනා... ඒත් මේචුයුරි ගහ එක්ක ඒම--- "

-Plot 23 -Where stories live. Discover now