" නැ !!! මට හිතන්නේ ඒ මේචුයුරි ගහ නෙවේ ගවීෂ්.... " අරවින්ද් කලබලෙන් උත්තර දුන්නෙ ඒ සැරෙ ගවීෂ් නළල රැලි කරද්දි... එයා තවදුරටත් බලන් ඉදියේ අරවින්ද් විස්තර කරනකන්....
" බන්ෂ් එක මම කිව්වම ඔළුවෙන් මවපන් හරි ද.... එදා අපි ඉදිය පුස්තකාල ගර්භය හරියේ ඉදන් වම් කොරිඩෝ එක හරහා ඉස්සරහට එන්න... හරිද... ඒ කොයි හරියෙද ? මං කියන්නේ ඊට උඩින් තියෙන්නෙ ? "
" ඍෂි මණ්ඩපය..."
" ඒ කොරිඩෝ එක කෙළවර වෙන්නේ ලොකු ගල් ඵලක ගහපු කර්ව් එකකින්... ඒ කොයි හරියෙද ? "
" ඇතුළු මළුව.... "
" අහ්... එතනින් එහාට ගල් බිත්තියක් නැතුව වෙන දෙයක් තිබ්බා නම්... ඒ කොහෙද ?" අරවින්ද් ඇහුවේ ගවීෂ්ගේ මූණෙන් දැනටම උත්තරය පේන නිසා...
" මේචුයුරි ගහට හරියටම යට තියෙන්නේ -- එතකොට ඒ ශක්තිය එන්නේ මතුපිටින් නෙවේ පොළොව යටින් ?? "
" මං හරියටම දන්නැ.. " අරවින්ද් කිව්වෙත් අවිනිශ්චිතව... ඒත් ගවීෂ් කල්පනාවට වැටුනේ එතන පුංචි නිශ්ශබ්දතාවයක් හදලා දෙන ගමන්....
" ඒක එහෙම තමයි.. ඒක අභ්‍යන්තර ශක්ති ගර්භයක්...!! ඒකෙන් මොකක් හරි ආරක්ෂා කරනවා....උබ මොකද හිතන්නේ ? " ගවීෂ් ටික වෙලාවකින් ඇහුවේ අරවින්ද් හපාගෙන ඉදපු යටි තොළ නිදහස් කරලා ගවීෂ්ට බැරෑරුම් බැල්මක් දීලා...
" ඉසිවර වේඝර්ණාරච්චි ඉස්සර ඉදන්ම පැන්නුවේ බන්ෂ් එක සම්බන්ධ දෙයක් කියලා මම දැනගෙන ඉදියේ... ඒත් ඒ මොකක්ද කියලායි, ඒකට මියුන්ව ඕන වෙන්නේ මොකටද කියලයි මට ගළපගන්න බෑ ගවීෂ්... එයා-- "
"දැන් උබ මෙච්චර වෙලා මම කියපු එක අහන් නෙවේද ඉදියෙ යකෝ... මම කිව්වේ ඒ බලයට උබලටවත් අපිටවත් පාලනයක් නැහැ කියලා !!!!!! ... එතකොට අපි දෙගොල්ලොම නෙවේ නම් කවුද ඒකට ඇක්සස් තියෙන එකම කෙනා ? ඔය මොළ ගෙඩියෙන් හිතපන්..!! .. " ගවීෂ් කිව්වේ අරවින්ද්ගේ ඔළුවට ටොක්කක් අනින ගමන්....
" මියුන් බල ඡේදනයකින් ඒක කැඩුවොත්, එයාලට ශක්ති ගර්භය අරින්න පුළුවන් නම් දවස් තුනක් බලන් ඉන්නෙ නැකත එනකන්ද ගවීෂ් ?? "
" නක්ෂත්‍ර අමාවක එනකන්...මොකද එයාලට ඒක ඇරලා මදි... උන්ට ඕනේ ඝර්ෂාත්මය කඩන්න...." ගවීෂ් සන්සුන්ව උත්තර දුන්නේ එයාගේ කටහඩේ තිබ්බ ස්ථිර ගතියට අරවින්ද්ගෙ එක එල්ලේ බැල්ම ගවීෂ්ට සෑහෙන වේගෙකින් එල්ල වෙද්දි..

- 116 -
Start from the beginning