" කෝමද ඒම කියන්නේ ? මට ඉතිරි ටිකත් කියපන්.... නක්ෂත්‍ර අමාවක දවසට ඝර්ෂාත්මය කඩනවට අමතරව එයාලාට පුළුවන්ද ශක්ති ගර්භයත් අරින්න ? "
" පැහැන්නැතුව ඉදපන්.. ඔය ඇති දැනගත්තා... "
" වීෂ් !! "
" දැන් දන්නවනේ මියුන් ඉන්න තැන... උබටම තමයි මේ වෙලාවෙ කරන්න පුළුවන් හොදම දේ ප්ලැන් කරන්න පුළුවන් ... " ගවීෂ් කිව්වේ අරවින්ද් දිහා සෑහෙන විශ්වාසයකින් බලලා...ඒත් අරවින්ද්ගේ ඇස්වල තියෙන්නෙ අඩමානයක්... මොකද එයාට හොදටම පේනව ගවීෂ් ඉන්නෙ සැහෙන ආවෙගෙකින් බව.. ඒ ආවේගයෙන් ගන්න තීරණ හරිම ඒවා නොවෙන්න තියෙන ඉඩකඩ පවා වැඩිබව අරවින්ද් දන්නවා.....
" වීෂ් සිහියෙන් අහපන් , අපිට උට ළං වෙන්න බෑ... එයා මියුන් නෙවෙ..... අනික උන් ඝර්ෂාත්මය කැඩුවොත් ආයේ කිසිම තුරුම්පුවක් නෑ අපිට..... ඉස්සෙල්ලා අහනවා ගවීෂ් !!!!! " අරවින්ද් තදින්ම කිව්වේ ගවීෂ් ඒක ඇහුනේ නෑ වගේ නැගිටිද්දි...
මොකද අනිත් පැත්තෙන් මනවිෂට එයාව පාලනය කරන්න දෙන්න ගවීෂ් ලෑස්ති නැහැ.. එයාලාගේ අතේ තියෙන අවස්ථාව සීරෝ උනත් , ගවීෂ් ලෑස්ති නෑ නිකන්ම මේක අතාරින්න... ඇරත්, අරවින්ද්ට නොකිව්වට තවමත් අන්තිම තුරුම්පුවක් ගවීෂ් අතේ ඉතිරි වෙලා තිබ්බා !!
උන් දෙන්නා මෙතන කුටු කුටු ගාපුවට සැහෙන තරමක් වෙලාවක් ගිය බව උරුමයන් දෙක තේරුම් ගත්තේ අනිත් අය සේරම වැටුන වැටුන තැන්වල නිස....හැමෝම ඉන්නේ හෙම්බත් වෙලා බව ගවීෂ්ට පේනවා... ක්‍රිෂ් අක්කට අනිවාරෙන් කන්න බැරුව ඇති.... ඩ්‍රෑන්ගේ මුළු මූණම රතුවෙලා මහන්සියට.... කාලෙකින් අක්කව මුණ ගැහුන පොඩි එකා වාශිත් ආශදිගේ උකුල උඩම නිදි.... කෙල්ල පොඩි එකාගේ ඔළුව අතගානවා සෑහෙන හෙම්බත් ගතියකින්..... මෙච්චර වෙලා ඩියෝන් කර කර ඉදපු බර වැඩ සේරම ප්‍රිවිරුයි යොවන්දියි බාර අරන්.... එතකොට ඩියෝන් බාගෙට මැරිලා වගේ සනෝශ් ගාවින් ඇලවෙලා කොල්ලාගේ ඔළුව හතර අතට පෙරල පෙරල මහ වෙදනා වෙන්න යනවා..... තනෝශ් ඒ දෙන්නවම හිනස්සවන්න ලොකු ට්‍රයි එකක..... ඒත් ---
" මේ !!! කෝ ආශාක්‍යසිංහ කෙල්ලො ටික ?? " ගවීෂ් අරවින්ද්ගෙන් ඇහුවේ මෙච්චර වෙලා කල්පනාවක ඉදපු අරවින්ද් ගැස්සිලා යද්දි... උගේ මූණම බර වෙන්න ගියේ එක විනාඩියයි....

- 116 -
Start from the beginning