抖阴社区

                                    

" තිමෞර්ය එපා !! " මියුන් සැර කළේ ගවීෂ්ව තවත් නම් කන්ට්‍රෝල් කරගන්න අමාරු නිසා... එයා සැර වෙද්දි , ගවීෂ් තවත් නැට්ට පාගගන්නවා විතරයි ..!!

" මොකක්ද යකෝ එපා කියන්නේ ? මං නැතුව කවුරු අල්ලන්නද හු##..... ! "

" ඉස්සෙල්ලා හරියට කතා කරපන් !! "  මියුන්ටත් තද වෙලා ආපස්සට කැගැහුවේ ගවීෂ් කට ඇද කරන් නවතිද්දි.... ඔන්න එතකොට තමා මිනිහාට මීටර් උනේ තද වෙච්ච පාර කැගැහුනේ ගවීෂ්ට කියල... මියුන් එහෙමම නැවතිලා ගවීෂ්ගේ අතින් අල්ලගත්තේ , කලබලෙන්.....

" තිම---"

" යනවා යන්න !!! "   මියුන්ව එහෙමම අමනාපෙන් එහාට තල්ලු කරපු ගවීෂ් පාරේ අනිත් පැත්තට කකුළු ලීලාවෙන් පියෑඹුවේ ගියේ මියුන්ගේ ඩිප්‍රෙශන් මට්ටම නග්ගන ගමන්.. ආයේ හැරිලා ගවීෂ් ගාවට දුවන් ගියපු මියුන් ගවීෂ්ගේ අතින් අල්ල ගත්තේ , බිව්වම මේ මිනිහා හැසිරෙන විදිය හිතාගන්න බැරුව... ඒක අමුතුම විදියක්..... ඒක හෙනම නපුරුයි, ඒත් අමුතු විදියකට හුරතල්....

" මෙහෙට යන්න ඕනේ තිමෞර්ය !! "  මියුන් කිව්වේ ගවීෂ්ව ඉස්සරහට හරවන්.... ඒත් මිනිහා මියුන්ව එහාට තල්ලු කළේ තිබ්බ සේරම හය්ය දාලා....  ඒම තල්ලු කරලා ගවීෂ් උදේ ඉස්කෝලේ රැස්විමේ වගේ සීරුවෙන් හිටගෙන වැනි වැනිම මියුන්ට සැලියුට් එකක් ගැහුවේ , සෑහෙන භක්තියෙන්...

" ගමනේඒඒ යා !!... ලෙෆ්ට් රයිට්.....ලෙෆ්ට් -- "සැලියුට් එක ගහල මාච් පාස්ට් එකෙන්ම ගවීෂ් ආශක්‍යසිංහ මැන්ශන් එක පැත්තට මනකල්පිත ඇද ඉරක් දිගේ යනවා බලාගෙන ඉදපු මියුන් , සාක්කුවට අත් දෙක දාගෙනම ගවීෂ්ව ෆලො කළේ කට අයිනෙන් ඇදුන හිනාවක් එක්ක...කලිම් ගවීෂ් ගාව තිබ්බ ගවීෂ්ගේ අවුටර් කෝට් එක, වොලට් එක , ෆෝන් එකේ ඉදන් සබ්බ සකල මනාවම කෝමත් මියුන් ගාව...  ඒත් , ඉවරයි කිව්වට ඉවරම නෑ සහෝදරවරුනි.....!!!

මාච් පාස්ට් එක නවත්‍තපු ගවීෂ් ඒ සැරේ එයා දිහාවට දුවන් ආවේ මොකටද කියල හිතාගන්න බැරුව මියුන් බලාගෙන ඉදියේ ඉවසීමෙන්... මියුන්ගේ මූණ අල්ලගත්ත ගවීෂ් , ඇස් දෙක හීනි කරන්ම ඒක අහේ මෙහේ හැරෙව්වෙ සෑහෙන උනන්දුවෙන්....ටිකක් වෙලාවක් යද්දි ගවීෂ්ගේ ඇස් ලොකු වුනා... මූණේ බැල්ම නපුරු වෙනවා මියුන් බලාගෙන ඉදියා......

-Plot 23 -Where stories live. Discover now