ලියන්නෑ ලියන්නෑ ගගා ඉදියාට , දැන් අන්තිම දවසේත් ගවීෂ් එක්සැම් එකට වාඩි වෙලා ගෙදර එන ගමන්... කොච්චර රස්තියාදුවයි කාලේ කැමයි තිබ්බත් ගවීෂ්ට තිබ්බේ ටිකක් උඩ IQ එකක්... කොහොමත් බර්ඩ්‍රේන් කෙනෙක් විදියට එයාට තිබ්බ හොද මතකය නිසාම බයො පේපරේට කලින් දවසේ පොත කියවපු ටිකෙන්ම උනත් මිනිහා සැලකිය යුතු MCQ ටිකක් ගැහුවා... ස්ට්‍රක්චර්ඩ් එකත් යන්තං ෂේප් කරගත්තට බොරු කියන්න ඕන නැනේ එසේ එක නං තනිකර විදේශ ආධාර පිට තමයි මිනිහා බයො පේපර් එක ලිව්වේ... වාසනාවේ තරමට කෙමෙස්ට්‍රි , ෆිසික්ස් දෙක ඇගේම තිබ්බ ගානට ලියලා ඉවර කරලා දාලා අද ඉන්ග්ලිෂ් පේපර් එක පැයෙන් ලියලා පැය දෙකක්ම නිකන් ඉදලා යොවන්දිව ගන්න බාලිකාව පැත්තට ගාටන ගමන් තමයි මේහ්... යුනිෆෝම් එක අදින අන්තිම දවස නිසා කොල්ලාේ සැට් එක එක්ක ෆොටො ටිකකට පෙනි හිදින්න අමතක කලෙත් නෑ මිනිහා... වෙන මොකටවත් නෙවේ මිනිහාට දුක අච්චර දිගට ලස්සනට වවලා තිබ්බ කොන්ඩේට එක්සැම් එකට කලින් දවසේ ගුඩ්බායි කියන්න උන එක....
'' ගවීෂ්!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! '' එයාලාගේ ආදරණීය බාලිකා පාසල පැත්තට යන්නත් කලින්ම අතර මගදි යොවන්දි පාරේ ඉදන් අත වනනවා දැක්ක ගවීෂ් යොවන්දිගේ යාලුවො සෙට් එකටත් රවලා බයික් එක පාරෙන් එහා පැත්තට අරන් නැවැත්තුවේ මේකි නං දැන්ම එන්නැ කියලා ඉවෙන් වගේ තේරුම් අරගෙන... ඥාති සහෝදරියක් මේන්ටෙන් කරන එකත් හෙන වදයක් කියලා තේරෙන්නේ මේ වෙලාවට තමයි.. කොහේද ගෙදර ගිහින් හොද නින්දක් දාලා හවසට දෙවෙනි පරම්පරාවම වගේ බීච් එක පැත්තට යන්න තමයි හිතන් ඉදියේ... හෙට ගෙදර ලොකු ඩිනර් පාටියක් තියෙනවා කියලාත් ගවීෂ්ට වටින් ගොඩින් ඇහිලා තිබුනා....
යොවන්දි එයාගේ ෆොටො ෂූට් එක ඉවර වෙලා එනකං ගවීෂ් බයික් එක නවත්තලා ෆෝන් එක අතට ගත්තේ එයාලාගේ ස්කුල් සෙටාර් එක අලුතින් හදපු ට්‍රිප් ග්රුප් එකේ නොටිෆිකේෂන්ස් දාහම නැවතිල්ලක් නැතුව ස්ක්‍රින් එකේ වැටිගෙන යද්දි... මුන්ගේ කටින් යන ට්‍රිප්... ගවීෂ් බැන බැන ඌ මෙන්ෂන් කරලා තිබ්බ මැසේජ්වලට රිප්ලයි කරගෙන ගියේ ස්ටේටස් පැත්තට ගාටන ගමන්... නයිස්.. එච්චරයි අඩුවට තිබ්බේ.. මුළු ෆොටො ෂූට් එකම පෝස්ට් කරලා සේරමලා.... ෆොටෝවල කොන්ඩේ දැක්කම තමයි ගවීෂ්ට හික් ගැවෙන්නේ...
හය්යො ගවීෂ් ඒ ගෞරවයෙන් බුදුසරණයි කිව්වේ ඔයාගේ ලස්සන කොන්ඩේට ! බාබර් අංකලුත් කෲරයි කොන්ඩේ කොට කරන්න කිව්වම නැති වෙන්නේම කපලා... ඊකෙය්යා කැත.. පුරුද්දට හදන්න කොන්ඩයක්වත් නැ... ඊළග ස්ටේටස් එක සින් කරන්න කලින්ම ගවිෂ්ගේ ස්ක්‍රින් එක පුරාවට කොළ පාට වෙලා ෆෝන් එක රින්ග් වෙන්න ගත්තේ ගවීෂ්වත් බර ගානකින් කොන්ෆියුස් කරලා...ෆෝන් එක බිමට අත ඇරෙන්න ගියපු එක යන්තං නවත්තගත්ත මිනිහා ආයේම ස්ක්‍රින් එක දිහා බැලුවේ දෙපාරක් ඇස් පිය ගහලා.... අදහාගන්නට බැ !! පුදුමයි ඒත් ඇත්තයි.. !!! අද තමයි දවස... !!! ෆෝන් එකට පපුවටත් තුරුල් කරගෙන තත්පර දෙකක් පිස්සෙක් වගේ හිනාවුනු ගවීෂ් ෆෝන් එක ආන්ස කරලා කනේ තියාගත්තේ මූණ රළු කරගන්න ගමන්...
'' හලො ? කවුද මේහ් ? '' ගවීෂ් ගහගන්න වගේ ඇහුවේ කෝල් එක ගත්තේ කවුද කියලා නොදන්න කමට නං නෙවේ..
'' තමුසෙගේ ඉස්සරහා ඉන්න මනුස්සයා... ''
ඩාං... ඔය කොලේ ඉතින්... ගවීෂ් ෆෝන් එක කනේ තියාගෙනම ඉස්සුනේ වැඩි දුරක් යන්නැතුවම කෝල් එකේ අයිතිකාරයා නෙත ගැටෙද්දි... ෂිට්.. !!! සවලක් නැද්ද සවලක්... !!! දැන් මෙතනම වැළලෙනවා සැපයි....ෆෝන් එක පපුවටත් තුරුල් කරගත්තා නේද ගවීෂ් !!!!
'' තමුසේ ඒ පාර මගේ පස්සෙන් එනව ද ? '' පාරෙන් එහා පැත්තේ ඉදපු මියුන් දිහා බලාගෙන ගවීෂ් රවලා ඇහුවේ මියුන් නෝන්ඩියට හිනා වෙනවා බලාගෙන.. අරකට තමයි ඔය හිනා වෙන්නේ ගවීෂ්... අය්යො.. සවලක් මදි ඩෝසරයක්වත් ඕන ගවීෂ්....
'' මේහ්.., මට තමුසේව හුරතල් කරන්න වෙලාවක් නෑ.. බයික් එක මෙහාට ගන්න.... ''
'' හොදට අහගනින් එහෙනං...... ම-ට බෑ !!! '' ගවීෂ් බෑ හයිලයිට් කරලාම කිව්වේ පාරෙන් එහා පැත්තේ ඉදපු මියුන්ට දිවත් අදින ගමන්.. හිතන් ඇති ඌ කියන දේවල් කරයි කියලා මං.. හහ්.. අඩුම මැරිලාද කියලාවත් බැලුව ද ? !!! එදා නම්බ එක ඉල්ලගත්තා ගියා ගියාමයි .. ගල් මූසලයා...
'' ඕකේ ෆයින් දෙන්...!! '' මියුන් රවලා කෝල් එක කට් කලේ පාර පනින්න අඩියක් ඉස්සරහට තියලා.. ගවීෂ් නෝන්ඩියට හිනා වෙලා ෆෝන් එක අතට ගත්තේ මියුන් අන්තිමට පාර පනින්න තිරණය කරපු ඒ සුන්දර අවස්ථාව රෙකෝඩ් කරගන්න ගමන්... පාරෙන් එහා පැත්තේ ඉදපු මියුන්ට විසිල් එකකුත් එක්කම ෂවුට් අවුට් එකකුත් දෙන ගමන් ගවීෂ් මියුන් පාර පනින එක රෙකොඩ් කලා... කෝමද දැනෙන ගැම්ම ගවීෂ් !! උටම එන්න වුනානේ...ගවීෂ් හිතුවේ බයික් එක ළගටම ආපු මියුන්ගේ තරහා ගිය මූණත් රෙකෝඩ් වෙනකං ඉදලා ෆෝන් එක සාක්කුවට ඔබාගන්න ගමන්...
'' තවුසේ මට කන්ෆෙස් කරන්න නේද ආවේ ? '' ගවීෂ් ඇහුවේ මියුන් දිහා බලන්නේවත් නැතුව බයික් එකේ කන්නාඩියෙන් පුරුද්දට කොන්ඩේ හදන ගමන්... හරිනේ හරිනේ.... කො හදන්න කොන්ඩයක් ??? ඒක තට්ටේම ගාලානේ !!! ඊයා මේක මියුන්ටත් පේනවානේ ????? හෙල්මට් එක ගැලෙව්වේ ඇයි මෝඩ ගවීෂ් !!!!!!!!!!!!
'' උබේ හීනෙන් තමයි... කෝමද එක්සැම් ෂුවර් එකට ෆේල් ඇති උබ ? '' මියුන් නෝන්ඩියට ඇහුවේ ගවීෂ්ගේ කොටටම කපලා තිබ්බ කොන්ඩේ දිහා දෙපාරක්ම බලන ගමන්.. ඒ ඔටු මූණට ඒක ගැලපෙනවා හැබැයි... තනිකර මැදපෙරදිග ඔටු වර්ෂන් එකක්....
'' නෑ පිස්සුද මල් හතයි , ඇයි අටවෙනි මල උබට ඕනවෙලා ද ? '' ගවීෂ්නුත් අතඅරින්නේ නැතුවම ඇහුවේ මියුන් අඩියක් ඉස්සරහට තියද්දි...
'' තමුසේ යුනිෆෝම් ඉන්නේ.. ''
'' ඇයි මං තමුසේව කිස් කරයි කියලා බය ද ? '' ගවීෂ් බය නැතුව ඇහුවේ මියුන් එයාගේ ඊළග අඩියත් ඉස්සරහට තියද්දි... දැන් නං ටිකක් ගැස්සෙනවා නේද ගවීෂ් ?.. ගවීෂ් කෙළ ගිල්ලේ මියුන්ගේ කළුම කළු පාට ඇස් දිහා බලලා.... ආයේ දෙකක් නැ මේ වෙද්දි එයාගේ ඇස් නං රතුම රතු වෙලා කියන්න ගවීෂ් දන්නවා....
'' මං ඊට වඩා දෙයක් කරයි කියලා බය නැද්ද උබට ? '' මියුන් ආපස්සට බය නැතුව ඇහුවේ ගවීෂ්ගේ කකුලට අත තියලා... වෙනසක් නෑ , ගවීෂ් කොහොමත් ගැස්සෙනවා.... උගේ දේපළ වගේනේ මූ !!!! ගවීෂ් මියුන්ගේ අත ගසලා දැම්මේ මියුන්ට රවලා...
'' මං කියන්නැතුව අත තියන්න හිතන්නවත් එපා තමුසේ.. '' ගවීෂ් තදින් කිව්වේ ඇත්තටම ඇවිලුන කේන්තියට... ඒ පාර නං මියුන් ආපස්සට මුකුත් කියන්නැතුව අඩියක් පස්සට තිබ්බේ එයාගේ අත් දෙකම පිටිපස්සට අරගෙන...
'' මං මේ ආවේ -''
'' යොවන්දි එනවා.. '' ගවීෂ් මැද්දෙන් පැනලා මියුන්ව නැවැත්තුවේ යාළුවො සෙටාර් එකට බායි කියපු යොවන්දි ඒ පැත්තට දුවගෙන එනවා ඈත තියාම දැක්ක නිසා... මියුන් කටවහගත්ත විදිය දැක්ක ගවීෂ් ආයේ කතා කරන්න හැදුවත් ඊට කලින් යොවන්දි එතනට දුවගෙන ඇවිත් විතරයි... මියුන් මේම ආවේ නිකන් ආතල් එකක් අරන් යන්න නෙවේ කියන්න ගවිෂ් හොදටම දන්නවා.... බයික් එක ගාව අත් දෙක පිටිපස්සට කරන් බැදගෙන ඉදපු මියුන්ව දැකලා යොවන්දි නළල රැලි කලේ ගවීෂ් දිහාත් බලලා...
'' මං මැද්දට පැන්නද ? '' යොවන්දි බය නැතුව මියුන්ගෙන් ඇහුවේ එයා නැ කියන්න ඔළුව විතරක් වනලා බයික් එකෙන් එහාට වෙද්දි...
'' ඔයා නගින්නකො.. '' මියුන් දිහා බලාගෙනම යොවන්දිගේ අතට හෙල්මට් එක දිපු ගවිෂ් යොවන්දිට නගින්න කියලා සන් කලේ එයාගේ හෙල්මට් එකත් අතට අරගෙන... කොල්ලො දෙන්නාගේම ටෙන්ෂන් එක යොවන්දිට නොපෙනෙනවා නෙවේ.. ඒත් ඒ හැම වෙලාවකම අඩු නැතුව එයාගේ හිතට එන්නේ ගවීෂ්නුයි මියුනුයි බෙල්ල මිරිකගත්ත විදිය තමයි..
'' මේහ්.. '' ගවීෂ් කතා කලේ යන්න ආපස්ස හැරුන මියුන්ට... ඒත් යොවන්දි බලාගෙන ඉන්නවා.. යොවන්දි ඉස්සරහා මියුන්ට කතා කරන එක ලොකු වැරැද්දක් ගානට ගවීෂ්ට දැනෙන්නේ... මියුන් හැරිලා මොකද කියලා රවලා ඇස් දෙකෙන් ඇහුවත් ගවීෂ්ට දෙන්න උත්තර නෑ... එයා මුකුත් කියන්නැතුව මියුන්ගේ ඇස් දිහා බලන් ඉදියේත් ඒක නිසාමයි... මේක හෙන අමාරු කෝස් එකක් අප්පා...
'' මල්ලි කෝමද යන්නේ ? '' - ඇහුවා.. ඒත් එයා නෙවේ යොවන්දි... ගවීෂ් ඔළුව හැරෙව්වේ යොවන්දි දිහාවට.. එයාට එ්ක අහන්න හේතුවක් කොහෙත්ම නෑ... ඒත් - ඒක තමයි ගවීෂ් අහගන්න බැරුව දැගලුව ප්‍රශ්නෙත්...
'' තව ක්ලාස් එකක් තියේ...'' මියුන් උත්තර දුන්නේ යොවන්දිට.. ඒනං යන එකයි ඇත්තේ.. ගවීෂ් රැව්වේ දැනටම මිටර් ගානක් එහාට ඇවිදන් ගිහින් ඉවර මියුන් දිහා බලලා...ගවීෂ් , බයික් එක රේස් කරපු සැරේට කිලෝමිටරයක් විතර එහා ඉදපු යොවන්දිගේ යාළුවො ටිකගෙත් ෆුල් ඇටෙන්ෂන් එක ගවීෂ්ගේ සුදු පාට යමහා එකට යොමු වෙලා ඉවර උනත් , මියුන් නෙවේ එක පාරක් හැරිලා බැලුවේ.. එහෙමයි නේ.. විදවයි ඕකා පස්සේ දවසක... මේ ගවීෂ් වේඝාර්ණාරච්චි කියලා තිබ්බා කියලා හිතාගන්න..
'' මේහ් මොනවා හරි ගන්න තිද ? '' අප්ලොෂ් එකට හැරෙන්න කලින්ම ගවීෂ් යොවන්දිගෙන් ඇහුවේ ආයේ කාලේකට එළියට එන්න දෙයිද කියලා දන්නැති නිසා... කොහොමත් පිරිමි ළමයි නිතර දෙවේලේ එළියේ ලෝකේ කරක් ගැහුවට ක්ලාසස්වලට එනවා ඇරෙන්න යොවන්දියි , ආශදියි එළියට එවන්නේම අඩුවෙන්... දැන් ක්ලාසස් ගිහිල්ලත් හමාරයිනේ මේකි...
'' නැ ඒම මුකුත් නෑ.. '' යොවන්දි කිව්වේ අවංකවම.. දැන් ඉතින් ගෙදර ගිහින් නිදාගන්න තියෙනවා නං වෙන මොනවද ?
'' නැ නැ යමං.. මටත් යන්න ඕන .. '' ගවීෂ් කිව්වේ ෂොපින් මෝල් එක පැත්තට බයික් එක හරවන ගමන්...
'' පිස්සුද මේම ? හොදට තියෙයි යුනිෆෝම් ගිහින්.. '' යොවන්දි කිව්වේ ගවීෂ් විතරක් නෙවේ එයත් යුනිෆෝම් නිසා...
'' ඇයි මැජික්ද ? අනේ බලාගන්න කියහන්. වරෙන් යන්න.. හෙට හවසට අදින්න ඇදුමක් තියෙනවාද තමුසේට ? ''
'' හෙට හවස මොකක්ද ? ''
'' ෆැමිලි මීට් අප් එකක්.. මං හිතන්නේ.. '' ගවීෂ් අන්තිම ටික කිව්වේ ෂුවර් නැති ගානට...
'' ඇයි හදිසියේ ? '' යොවන්දිට තව ප්‍රශ්නයක්...
'' කවුද දන්නේ.. ''
.
.
.
.
.
.
.
.
~ මතු සම්බන්ධයි ~