වේඝර්ණ මැන්ශන් එක වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අදුරු මාළිගාවක් උනේ ඒකෙ බේස්මන්ට් එකේ තිබුන අදුරු කාමර නිසාමයි.... මැන්ශන් එකේ ආර්ය වේඝර්ණාරච්චි නම් රැදෙන්න ආසම තැන තමයි මේ බේස්මන්ට් එක... මැන්ශන් එකේ ප්‍රධාන දොරෙන් ඇතුළු වෙන ඕනෙම කෙනෙක්ට ඇස්වලට මුණ ගැහෙන පළවෙනි දේ අග්‍රගන්‍ය ගෘහ භාණ්ඩවලින් පිරිලා සංකීර්ණ වෙලා තිබුන විසිත්ත ශාලාව... විසිත්ත ශාලාවෙන් දකුණු පැත්තට වෙන්න තියෙන කොරිඩෝව අවසන් වෙන්නෙ නිතරම පාහේ එයාලාගෙ බැන්ක්වෙට්ස් තිබුන ලොකු කෑම කාමරයෙන් හා මුළුතැන්ගෙයින්... විසිත්ත ශාලාවෙ මැද්දෙන් පටන් අරන් දැවමය අත් වැටක් එක්ක පිළිවෙලින් වම් හා දකුණු පැතිවලට බෙදිලා යන පඩිපෙළ් උඩම තට්ටුවේ කුළුන වෙනකන්ම විහිදිලා තිබුනා....
සීයාගේ හදිසි කැදවීම නිසාම ගවීෂ් බේස්මන්ට් එකට බැස්සේ තරමක දෙගිඩියාවෙන්.... තනි සුදු අත් දිග කමිසය කළු කලිසමට යට කරපු නිසාම එයාට ලැබිල තිබුන සරල ඒත් වැදගත් පෙනුම නිසාම මිනිහා තියන අඩිත් ටිකක් විතර බරයි.... ඕනවට එපාවට අදින සාමාන්‍ය ඇදුම් වගේ නෙවේ, මේ ඇදුමට කවදාවත් නැතුව එයාගෙ උසත් ඉස්මතුවෙලා පේනවා කියල ගවීෂ්ට දැනෙනවා..... පරණ පෙනුමින් ගවිෂ් අයින් නොකරපු එකම දේ වම් අතේ බැදල තිබ්බ, සුදු මාමා එයාට අරන් දීපු කලු ව්‍රිස්ට් වොච් එකයි, දබර ඇගිල්ලේ තිබුන වේඝර්ණ පේරැස් මුද්දයි විතරයි.... ඒ ඇරුනම රස්තියාදුකාර ගතිය ගෑව්ලාවත් නැති කොල්ලා බේස්මන්ට් ඔෆිස් එකට යන්න කලින් අත් දෙකම සාක්කුවට ඔබා ගත්තේ සන්සුන් විදියට....
" ගවීෂ්... "
සීයා එක්ක හිනා වෙන්න අමාරුවෙන් හිනාවක් මවාගත්ත ගවීෂ් සුපුරුදු විදියට යන්තමින් ඔලුව පහත් කරල සීයාට ආචාර කලේ ආර්ය වේඝර්ණාරච්චි ඉදගෙන ඉදපු සෝෆා එක ඉස්සහ කෙලින් හිටගෙන.... සීයාගෙ එහා පැත්තේ ඉදපු අනිත් දැකල පුරුදු කෙනා දිහා ගවීෂ් හැරෙන්නෙ නැතුව ඇස් අයිනෙන් විතරක් බැලුවේ එයා නැගිටලා ගවිෂ්ට යන්තමින් ඔලුව නවලා වාඩි වෙද්දි....ඔව් , වේඝර්ණ උරුමය විදියට ගවීෂ් දෙවෙනි වෙන්නෙ ආර්ය වේඝර්ණාරච්චිටත්, ප්‍රධාන පෙළ දෙවෙනි පරම්පරාවටත් විතරයි ....
ම්ම්... ඉසිවර වේඝර්ණාරච්චි... සහය පෙළ පළවෙනි පරම්පරාව...වේඝර්ණ මැන්ශන් එකේ බලය අල්ලන්න පෙරුම් පුරන භාතිය අංකල්ගේ ඉසිවර පැණි මුට්ටිය...ගවිෂ් දන්න තරමින් එයාට නෑකමට මාමා වෙන ඉසිවර වේඝර්ණාරච්චි කියන්නේ සින්ල්‍යා වේඝර්ණාරච්චිගේ නෙරපීමට සම්බන්ධ ප්‍රබල කැරැක්ටුවක්.... හරියටම කියනවා නම්, සින්ල්‍යා වේඝර්ණාරච්චි මාර්ගයෙන් උරුමයට ළං වෙන්න ඉසිවර මාමාගෙ තිබුන උණ , භාතිය අංකල්ගේ ලියුම්වලින්ම ගවීෂ් හොදහැටි දන්නවා.... ඔව් ඉතින්, මේ මිනිහා සුහද සිතින් තව ලැජ්ජ නැතුව පවුල් කටයුතුවලට පෙනී ඉදින්න වෙන්නැති මේ....
" බලන්නකෝ මේ කොල්ලා ලොකු උන හැටි... නේද මාමේ ? " ඉසිවර ඇහුවේ ආර්ය වේඝර්ණාරච්චිත් ගවීෂ් දිහා බලලා ඔලුව වනද්දි....
" සීයා මට එන්න කිව්වේ ? " ඉසිවර වේඝර්ණාරච්චිව තඹ දොයිතුවකට මායිම් නොකරපු ගවීෂ් ඇහුවේ විනීත විදියට.....
" හා හා .. කොල්ලා බය වෙලා වගේ නැකැත පරක්කු වෙයි කියල...." තව කවුදෝ කිව්වේ බේස්මන්ට් කාමරේ ලොකු බොල් හිනාවල් දෙක තුනක්ම දෝංකාර දෙද්දි ... ගවීෂ් එහෙමම කෙලින් හිටගෙන සීය කතා කරන කම් බලාගෙන ඉදියේ කිසිම හැගීමක් නැතුව.....
" ගවිෂ්..... ආශිර්වාද ගන්න බන්ෂ් එකට යන්න වෙලාව හරිනේ...තව පැයකින් විතර පිටත් වෙන්න ඕනෙ.... ඩියෝන් එහෙද... ? "
*නෑ...* කියල කියවෙන්න දිව නැවුනේ නැති ගවීෂ් ඔලුව වැනුවේ ආර්ය වේඝර්ණාරච්චිගේ ඇස් දෙකෙ මතුවුන හීනි වීම නොසලකා හරින්න උත්සහ කරන අතරෙ...නැ, අඩුම මෙතන කට්ටිය ඉන්න නිසාවත් , බන්ෂ් එකට ලේ පෙරාගත්ත උරුමයක් යවන්න ඕනකමක් නැති නිසාමත් සීයා එයාට දැන් නම් නොහහන විත්තිය ගවීෂ්ට විශ්වාසයි...
ප්‍රශ්නේ තියෙන්නෙ ඇත්තටම මෙතන නෙවේ... මේ වෙලාවෙ ඇත්තටම ඩියෝන් ඉන්න තැන !!!!
" දැන් යන්න පුලුවන් . " ආර්ය වේඝර්ණාරච්චි සීතල හඩින් කිව්වේ ගවීෂ් කිසිම පැකිලීමක් නැතුව යන්තමින් ඔලුව නවල පුලුවන් තරම් ඉකමනින් බේස්මන්ට් එකෙන් එළියට අඩිය තියද්දි... එකේ කොරිඩෝ එකත් පාස් වෙනකන් ඇවිදගෙන ආපු ගවීෂ් මැන්ශන් එකේ මේඩ්ස්ලටත් මවාගත්ත හිනාවක් දුන්නේ පුලුවන් තරම් ඉක්මනින් ආයෙම එයාලගේ තුන් වෙනි පරම්පරාවේ පොදු කාමරේට පැනගන්න අතරෙ.... අහ්...
ඩියෝන් තාම ජනෙල් පඩිය උඩත් , ආශදී අනිත් පැත්තේ සෝෆා එකත් උඩ දෙන්නට දෙන්නා රවාගෙන ඉදපු විදිය බලපු ගවීෂ් යන්තමින් සන්සුන් උනේ අඩුම උන් දෙන්නා තාම මිනී මරාගෙන නැති නිසා... ඔව්ව් !! ප්‍රශ්නේ තියෙන්නෙ මෙතන.... සමහර විට විසදන්න ඉතිරි වෙලා තියෙන දරුණුම ප්‍රශ්නේ.....
"මොකද සීය එන්න කියල තිබ්බෙ ? මට කියන්න එපා ඒකත් මේ .. මේ.... චීත්තේ ගිහින්.... " ආශදී කේන්තියට වෙව්ලුවේ ජනෙල් පඩිය උඩ ඉදපු ඩියෝන්ට අත දික් කරන අතරෙ.....
" ආශදි !! "
" තමුසේ ! එක වචනයක් !!! කතා කරන්න එපා ඔශෙව් ඩියෝන් වේඝර්ණාරච්චි !! මම තමුසේගේ බෙල්ල මිරිකන්නෙ නැතුව ඉවසගෙන ඉන්නෙ සැහෙන අමාරුවෙන්.... " ආශදී කොච්චර කේන්තියෙන් කඩන් පැන්නත් අන්තිම හරිය කියද්දිත් ඒකිට ඇඩුනේ ගවීෂ් කෙල්ලව එයාගෙ පැත්තට ඇදල ගනිද්දි..... කෙල්ල කේන්තියටම ගැහෙනවා....
" ගවීෂ් අය්යේ ... " එහෙන් ඩියෝන් ගවීෂ්ට කතා කලේ එයාවත් අහයි කියන බලාපොරොත්තුවෙන්....
" තමුසේ කටවහන් ඉදපන් ඩියෝන්..." ගවීෂ්ට කේන්තියටම කියවුනෙ එයාගේ අතේ එල්ලිලා ඉදපු ආශදීගේ ඔලුව හිමින් අතගාන අතරේ... එයා කොහොම ඉවසුවත් මෙ කෙල්ලට ඉවසගන්න අමාරු එක අහන්න දෙයක් නෙවේ....ඒ කෙල්ලගෙ එකම අය්යා...
" මට කාටවත් කරදරයක් කරන්න ඕන උනේ නෑ ගවීෂ් අය්යෙ.... " ඩියෝන්ගෙත් කඩහඩ වෙව්ලනව...
" තමුසේ ...කරපුව.....ඇති.... !.. උබට අය්යව ඔච්චරටම පේන්න ..... බැරි.....වෙල.....ම්හ්... තිබ්බ නන්..... " ආශදී කැගැහුවේ ගවීෂ් ආයෙම කෙල්ලව ඇදල ගනිද්දි.... එකම නංගිනේ...මේකිව කන්ට්‍රොල් කරන්න සැහෙන අමාරුයි...වෙන එකක් තියා මේම දේකදි එයා කන්ට්‍රෝල් වෙයි කියලා ගවීෂ් කොහොමත් බලාපොරොත්තු වෙන්නෙ නැහැ....
" ගවීෂ් අය්යෙ... එයා ඒම කියන එක මට තේරෙනව... ඒත් ඔයාට පුලුවන් නෙහ් තේරුම් ගන්න...... ගවීෂ් අය්යෙ..." ඩියෝන් ආයෙ කිව්වේ ගවීෂ් ඒ දිහා හිස් බැල්මෙන් බලද්දි...ඒත් වෙලා තියෙන දේවල් ? ......
" බොරු !! යොවන්දි අක්කා දැනගත්තේ නැත්තන් අපි කවදාවත් දැනගන්නෙ නෑ අය්යගේ විස්තර කොහොමද පිට ගියේ කියල !!! තමුසේ ඒක අපිට කියාවිද ? " අහ්හ්...ආශදී රතුවුන ඇස්වලින් කැගැහුවේ එයාගේ කේන්තිය පිට කරගන්න ඉඩ දීලා ගවීෂ් බලාගෙන ඉදිද්දි....අනිත් අතට ඩියෝන්ට කියන්න කිසිම දෙයක් එයාට ඉතිරි වෙලා තියෙද කියන එකත් ගවීෂ්ට සැකයි ....
" ඔයා කතා කරන්නෙ හරියට අය්යව මැරුවේ මම වගේනේ ආශදී !!! " ඩියෝන් පුපුරල ගියේ ආශදී ආයේ ගවීෂ්ගෙන් බේරිලා කඩන් පනින්න හැදුවට ඒකි නැවතුනේ ඩියෝන්ගේ ඇස්වල කදුළු නිසා... ඔව් , ඒ දෙන්නට දෙන්නා සේරටම වඩා ක්ලොස්, පොඩි කාලේ ඉදන් කසින්ස්ලට වඩා දෙන්නට දෙන්නා හොදම යාලුවෝ....වේඝර්ණ මැන්ශන් එකේ හැම රෙද්දටම හොම්බ ඔබ ඔබ වාශිත් ඉපදෙනකම්ම මේකෙ බඩපිස්සෝ දෙන්නා විදියට උපරිම වගකිම් ඉටු කරපු අපාය සහයකයෝ ඩබල...
" මම මේ මාසේම ඉදියේ..... ඔයාලා කාටවත් ෆේස් කරන්න බැරුව... මම එයාව මැරුව නෙවේ !! ප්ලිස්.. මම එයාව මැරුවා නෙවේ..... අනික ආශදී ඒ ඔයාගෙ ෆෝන් එක.. උබ වැරදි නැත්තේ මොකද එතකොට ? මම විතරයි ද වැරදි ? උබේ ෆෝන් එක එවෙලේ මගේ අතේ තිබ්බ එකද මම කරපු වැරැද්ද ???...... "
" ඩියෝන් උබ වාඩිවෙයන් ඉස්සෙල්ලා......." ගවීෂ් තදින් කිව්වේ ඒ කොල්ලාගෙත් මූණ සුදුමැලි වෙලා කියලා එයාට හොදටම පේන නිසා....ඒත් ඩියෝන් දිගටම කතා කලේ ආශදී මෙල්ල වෙලා වගේ බලාගෙන ඉදපු නිසා.....
" මම... ඒක... මම සීයට හිතලා ඒක ගිහින් දුන්නා නෙවේ ආශදී !!! ඔයා සීයව දන්නෙ නෑ !!! මම පුදුම කේන්තියෙන් ඉදියේ ඇයි ගවීෂ් අය්යවත්, අර මෝඩ අක්කාවත් එක වචනයක් නැතුව මේ කෙහෙම්මල් එන්ගේජ්මන්ට් එකට කැමති උනෙ කියල.... හ්හ්.. දැන් මට තේරෙනවා මොකද කියල...... ආශදී උබ තාම දැකල නෑ....ඒත් ගවීෂ් අය්යා දන්නවා මං කියන දේ..... මම මගේ ජිවීතේට කෑදර ඇති යුවනිදු අය්යගේ එකට වඩා... ඕන කෙනෙක් ඒම නෙවේද.... ඒත් මිනීමරුවෙක්, පාවාදෙන්නෙක් ගානට දාන්න එපා... ඒත්... ප්ලිස්... මට ඒක බර වැඩි... ගවීෂ් අය්යෙ .... ආශදීට කියන්න ඒම කියන්න එපා කියල... මම එයාව මැරුවේ නැ... අය්යව මැරුවේ මම නෙවේ.... " ඩියෝන් ඒකම ආයෙ ආයෙ කිව්වේ , ගවීෂ් ඉක්මනින්ම ඩියෝන්ගේ වචනවලට හෙන ගැහිලා වගේ බලාගෙන ඉන්න ආශදීව අතඇරල ඩියෝන් ගාවට යද්දි... මෙච්චර වෙලා ගවීෂ්ගෙ ඇස් දෙකේ නොතිබුන මිනීමරු බැල්ම දිහා බලපු ඩියෝන් අඩියක් පස්සට තිබ්බේ මොනව කියන්නද කියලා හිතාගන්න බැරිව..
" විශ්වාස කරන්න එපා ගවීෂ් අය්යෙ.... " ආශදී කිව්වේ තදින් උනාට ඒකිටත් ඒ වචන ප්‍රතික්ෂේප කරන්න බැරි විත්තිය ගවීෂ්ට තේරෙනවා...
"ආශදී යන්න එළියට..... " ගවීෂ් ආශදීටත් සැර කලේ ගවීෂ්ගේ කටහඩේ තිබ්බ ටෝන් එකට එයත් දෙපාරක් මොනවද මුමුණන්න හදල ආයෙම කට පියාගෙන කාමරෙන් එළියට යනවා බලාගෙන.... ආශදී යනකන් ඉදපු ගවීෂ් ආයෙම ඩියෝන් දිහා ඇස් හීනි කරල බැලුවේ ගවීෂ්ගේ රතු ඇස්වලට කොල්ලා ආයෙ අඩියක් පස්සට තියද්දි....
" ශර්ට් එක ගලවපන්..." ගවීෂ් කිව්වට වඩා කමාන්‍ඩ් කලේ ඩියෝන්ගේ ඇස්වල තියෙන පසුතැවීම කියවන්න අතරේ....
" ඒත්. .- "
" ශර්ට් . එක. ගලවපන්. !" ගවීෂ් වචනෙන් වචනේ කිව්වේ ඩියෝන් මුකුත් නොකිය එයා ඇදගෙන ඉදපු සුදු පාට ශර්ට් එකේ බට්න් පන්නලා පිටි පස්ස හැරෙද්දි.... ගවීෂ් ඒකෙන් සැහීමකට පත් නොවුන බව තේරුම් අරගෙනම ඩියෝන් සුදු පාට බැනියමත් ගලවලා දැම්මේ සන්සුන්ව.....
"හෙන ගහපන් !!!" ගවීෂ්ගෙ කටින් පැන්නේ ඩියෝන්වත් ගස්සගෙන.... ඩියෝන්ගේ උරහිසෙන් තද කරල අල්ලගත්ත ගවීෂ් , එයාගෙ පිට පුරා තිබුන බර්න්ට් මාක්ස් දිගේ ඇස් ගෙනිච්චේ පුපුරන තරම් කේන්තියෙන්... මොකක් හරි චතුරස්‍රාකාර හැඩයක යකඩයක් දිගින් දිගට රත් වෙලා චෙස් බෝඩ් එකක් වගේ ඩියෝන්ගේ පිටේ තැනින් තැන පිළිස්සුම් පැල්ලම් හදලා තිබ්බේ හරිම භයානක විදියට... වෙලන්න හොද නැති නිසාම මොනවා හරි සුදු පාට ක්‍රීම් එකක් ගාලා වගේ පෙනුනත් තාමත් හොද නොවුන තුවාල කැළැල් සමහරක් පැසවලා කියල පවා ගවීෂ්ට පේනවා...!! එහෙනම්, සීයා එයාගෙන් පිට පවුලේ ඊළග කොල්ලටත් අත තියල.... !! ඒකත් එයා නොදැනම...!!! ඒත්....
" කවුද තව ඉදියේ ? " ගවීෂ් දත් මිටි කාගෙන ඇහුවේ ඩියෝන්ට ශර්ට් එක ඇදගන්න උදව් කරන අතරේ...
" මට අදුරගන්න බෑ .... පෙරහැර දවසේ....බන්ෂ් එකේ ඩන්ජන් එකේ....."
" අමනයෝ !!!! අහ්හ් ශිට්!!! .... අතාරින්නෙ නෑ එකෙක්වත් මම !!! උන් මේන් ෆැමිලි එකට අත තියන්න....!!!" ගවීෂ් කිව්වේ කොච්චර සන්සුන් පිට උනත් එයාගේ කටහඩේ තිබුන කේන්තිය ඩියෝන්ට නොපෙනනව නෙවේ....
" ඔයාට ඉස්සර ඉදන් මේමද ? ඔයාට ඒමද සැලකුවේ ? ඇයි කිසි දෙයක්, මමවත් ආශදිවත් නොදන්නේ ? " ඩියෝන් ආයේ ඇහුවේ ගවීෂ් උත්තර නොදී ෆෝන් එක කනෙ තියාගන්නවා බලාගෙන.... එක්කො මුන්ගේ වයසේ ඉපදුන සේරමලා මේමද කොහේ !! ඉන්නේ දසිස් රාවණ ඒ මමයි ටයිප් එකේ , ඒත් පොඩ්ඩ ඇත්තන් සූප්පුව ලෙප්ට් වෙච්ච පොඩි උන් වගේ අඩනව...තව එකෙක් ඉන්නවනේ ඉතින් දන්න කියන... ගවීෂ් එයාටම මුමුණගත්තේ කොල් එක ගත්තු එකා ඒක උස්සන්න පරක්කු වෙන එකටත් කේන්තියෙන්....
" කලින්..... මම ඔයාට කොන්ද පණ නෑ කියල කී පාරක් කැගහල තියෙද ගවීෂ් අය්යෙ ? මං දන්නවා නන්...."
" තමුසේ පොඩ්ඩක් කට වහනවද ඇ? කෙල්ලෙක් වගේ නහයෙන් අඩන්නේ.... අහ්හ්හ් හලෝ මං මං එළවස්සෝ... ඔව්ව් ඔව්ව් බොල ගවීෂ් තමා.... රෙද්ද ! නැහැ....මේ මල්ලි බබෙක් ඉන්නව ටික කාලයක් මෙහෙන් පිට තියන්න ඕනෙ... ඔව් ඔව්ව් උබේ ඒ ආදරේ තමා......මෙ මේ... මගුල් නැතුව මේකව එළියට යවපන්... " ගවිෂ් ෆෝන් එකෙන් කියවන්නෙ කාත් එක්කද කියල හිතාගන්න බැරුව ඩියෝන් බලාගෙන ඉදියේ එයාගෙ සුදු ශර්ට් එක පිළිවෙලකට හදාගන්න අතරේ...
" ඕකේ..... මම ඌව එවන්නම් අප්ලොශ් එකෙන් පිටට...උබේ යාලුවගේ නම්බ එක එවල තියපන්කෝ... අහ්හ් එහෙමද......ඩියෝන් උබ තවින්ය කියලා හාදයෙක්ව දන්නවද ? " ගවීෂ් කෝල් එක බ්‍රේක් කරල ඇහුවේ ඩියෝන් කල්පනාවෙන් ඔලුව වනද්දි...
" හරි හරි.. මූත් ඌව දන්නව නන් වැඩේ ශෙප් නෙහ්... මම මූව එවන්නම්... තිබ්බ.... නැ යකෝ තාම විශ් කලේ නැ ...... බැහැ.. !!! උබවත් එක්කම මරනව දැනගනින් ඌ බන්ෂ් එකට පේන මානෙක ඉදියොත් !! හරි තිබ්බ....ඔව් ඔව් වැඩක් අරගන්න ඕනෙ උනොත් ආයෙ කෝල් කරන්නම්...... " ගවීෂ් කට් කලේ කලබලෙන් ඩියෝන් දිහාවට හැරෙන අතරේ... ඒ ඇස් තාම රතු වෙලා...හරියට මංමුලා වුන පොඩි එකෙක්ගේ වගේ......ඒත් අඩුම ගවීෂ් එයාව විශ්වාස කරපු එකට ලොකු සැනසීමක් ඒ ඇස්වල ඇදිල තිබ්බ....
" උබ ටික දවසකට එළියේ ඉදපන්.. "
" ඒත් ......"
" තමුසේ වේඝර්ණ කෙනෙක් ද කොල්ලා දාලා ගිය කෙල්ලෙක්ද ඒත් මේත් ගාන්නෙ ? " ..
" ඒත් මෙහේ දේවල්...."
" තමුසෙව ඉන්නම නෙවේ යවන්නේ.. උබ ආවට පස්සේ ලොකු වැඩක් තියෙනව කොහොමත් ... " ගවීෂ් විශ්වාසෙන් කිව්වේ ඩියෝන්ගේ පිටට තට්ටුවක් දාන ගමන්...
" මම හිතුවේ ඔයත් මාව විශ්වාස කරන එකක් නෑ කියල.....ආශදි වගෙ ... මෙච්චර එකට ඉදපු එකී අමාරුම වෙලේ විශ්වාස කරන්නැති උනාම -- "
" ආශදීට වැරදි කියන්න එපා ඩියෝන්... ඒ කෙල්ලෙක්.. අනික ඒම උනේ ඒ කෙල්ලගේ ලොකු අය්යාට.. .. "
" නැ මට තේරෙනව....ඒත්.. එතන ඉදපු කවුරුම හරි දැනන් ඉදියා ගවීෂ් අය්යේ ආශදීගේ ෆෝන් එකේ ඒ විස්තර තියෙනව කියල.... " ඩියෝන් කිව්වේ ගවීෂ් නළල රැලි කරද්දි... ඇත්තටම පහු ගිය ටිකේම ඩියෝන් ගැන සැකයක් ගවීෂ්ගෙ ඔලුවේ නොතිබුනා කිව්වොත් බොරුවක්...මොකද කොල්ලා ඒ තරම්ම එයාව මග ඇරිය විත්තිය ගවීෂ් දන්නව...වෙන එකක් තියා මෙ දැන්, ඩියෝන්ගේ පිටේ බර්න්ට් මාක්ස් දකිනක්ම්ම ගවීෂ් නෙවේ ඩියෝන්ව සම්පූර්ණයෙන්ම විශ්වාස කළේ... ඒ අතින් මේ කෙනා කවුරු උනත් එයා තමන්ගේ ක්ලෝස් සර්කල් එකෙ නොවුන එක ගැන මිනිහට සැනසීමයි...
" එතන ඉදපු සේරම අපේ අයමද ඩියෝන් ? "
"සේරම වේඝර්ණලා තමයි ..... "
" ධාහන්රා එක කරද්දිත් උබේ පිට හොදට තිබ්බනෙ ! අහ්හ් ! ඊට පස්සේ ඒක තමයි එදා රෑම උබ පේන්න හිටියේ නැත්තේ...ඇයි බොල මෝඩයෝ තොට මහ දුරක්‍ද මගේ රූම් එක ? ඕක ඇවිත් කියන්න ? " ගවීෂ් තදින් ඇහුවේ ඩියෝන් කට පියාගනිද්දි...
" තමුසේ ඇවිත් ඒක අපිට කිව්ව නම් , යුවනිදු අය්යට වෝන් කරගන්නවත් තිබුනා ඩියෝන්...!!! "
"ඉතින් අය්යේ, මම දන්නෙ නෑනේ එයාලා මොනවද බැලුවේ කියල ගවීෂ් අය්යෙ...අඩුම මම දන්නේ නෑ ඒකෙ යුවනිදු අය්ය ගැන විස්තර තිබුනා කියල... ඒක මං දන්නෙ..... ඒක දන්නේ අය්යා නැති උනාට පස්සේ ඔයාලා දෙන්නා ඒක පිට ගිය විදිය හොයන්න ගනිද්දි....." ඩියෝන් අසරණ විදියට කිව්වේ ගවීෂ් තව මුකුත්ම නොකිය එයාගෙ පිටට තට්ටුවක් දාද්දි...
"අහ්....හරි... හරි ඒක ගැන අපි මීට පස්සෙ කතා කරන්නෙ නැ.....තුවාල ටික- "
" මම ඉන්නම බැරි තැනයි අක්කට කිව්වෙ... " ඩියෝන් තාම ඉවර කරල නැ.... ගවීෂ් තොල් තද කරගත්තේ ඩියෝන්ට කතා කරන්න දීලා..
" ඒ අක්කා මගෙ තුවාල ගැන දැනගත්තම.... මම හිතුවෙ නැ අක්කා ඔයාට කියයි කියල.... ඒත්... ඒත්... ආශදී මාව විශ්වාස කරන්නෙ නැත්තේ ඇයි ගවීෂ් අය්යේ.... ? "
" තමුසෙට කිව්වනෙ ඩියෝන්... කෙල්ලගේ අය්යා... අනික කෙල්ලගෙම ෆෝන් එකෙන් ඒ දේවල් පිට ගියාම.. තේරෙනවනෙ... නහයෙන් අඩන්නැතුව ඉදපන්... කල් ගිහින් හරි ඒකි තේරුම් ගන්නවා..."
" එයා මට මිනීමරුවෙක් කිව්වා... මම පාවා දුන්නෙ නැ... එයලා පුච්චද්දි මට හිතුනා මම මැරෙයි කියල.. මට මැරෙන්න බය හිතුනා....ඒක නිසා.. ඒක නිසා මම ෆෝන් එක ඇරල දුන්නේ.......ඒත්..... මම දන්නෙ නැ..."
"හරි හරි....කෝ... ඒක ඉවරයි... උබේ වැරැද්දක් නෑ ඩියෝන්..... කෙල්ල ඒම කිව්වේ දුකට බං.. දන්නැද්ද ඔය කෙල්ලොන්ගේ හැටිනේ..... කෝ.. උබ ඔය සේරම අමතක කරලා චුට්ටක් එළියට වෙලා ඉදපන්කො... තවින්ය ද කවුද එකා ඇති උබව ගන්න..."
" මම ඔය මිනීමරුවව හොයාගන්නව ගවීෂ් අය්යෙ.. මම අත් දෙකෙන් මරන්නෙ... සීයා උනත් මට කමක් නැහැ.. මම මරනව... මම මරනවා සේරමලව... දෙන්න පුලුවන් දස වද දීලා මම මරනවා... මම මරනවා සේරම...!!! " ඩියෝන්ගේ වෙව්ලන කටහඩේ තියෙන්නේ ලොකු ආවේගයක්... මරනව කියන එක් ඩියෝන් රිපීට් කරන විදිය පවා සෙල්ලමක් නෙවේ කියල ගවීෂ්ට තේරෙනව....
" තමුසේ රෙස්ට් කරන්නයි ඕනෙ දැන්... "
" නෑ...!! මුළු පරම්පරාවම වගේ මරන්න උනත් මම එක එකාව වෙන වෙනම කෑලි නවයකට කපල මරනව ගවීෂ් අය්යෙ.... මම මරනවා... මම වැරදි නෑ...!!"
" ඩියෝන්.... ෂ්...බිත්තිවලට පවා කන් තියෙනව.... "
" ඔයා දැන් කියනව නන් වේඝර්ණ පරම්පරාව භාරගන්න ඔයා ලෑස්තියි කියල , මම මේ දැන් බේස්මන්ට් එකට ගිහින් මරාගෙන මැරෙනවා... !! මාක් මයි වර්ඩ්ස් ගවීෂ් අය්යෙ..."
" ඕයි !!! මෝඩයෝ !!! ඩියෝන් !! කට වහ ගනින්.. !! මේක ඒම ගේමක් නෙවේ... ආශක්‍යසිංහලා ඉන්නවා, ඉසිවරය වගේ සහය පෙළ වේඝර්ණලා ඉන්නවා .... උන් ඔක්කොම ඉන්නේ මෙතන කෙස් ගහක් අවුල් යනකන්... මේ මැන්ශන් එකේ බලය අල්ලන්න..... උබේ කේන්තිය ඒකට චාන්ස් එකක් වෙන්න බෑ.... තේරුණාද ? !! "
" උනුත් සේරම මම මරනවා..!!!!!."
" කට වහපන් ! මරනව කියන්නේ අප්පුඩි ගහනවා වගේ වැඩක් කියලද හිතන් ඉන්නේ... පිටට දුමක් නොයා මේක ඉවර වෙන්න නම් ගේම ගහන්න ඕනේ මෙතනින් නෙවේ..." ගවීෂ් නැවැත්තුවේ ඩියෝන්ගේ පපුවට ස්ලෝ පන්ච් එකක් දෙන ගමන්....
"මෙතනින්... " එයාගේ නළලම පොයින්ට් කරල පෙන්නපු ගවීෂ් කිව්වේ ඩියෝන් ටිකක් සන්සුන් වෙද්දි.....
" දැන් උබ මම කියන දේ අහල, අප්ලොශ් එකෙන් එළියට යන්න..."
" ඒත් එන්ගෙජ්මන්ට් එක....."
" උබ නෙවේනෙ ඒකට ඉන්න ඕනෙ මමනෙ.....හහ්.."
" නෑ... අක්කා.... අක්කා ඔයාට කිව්වද එයා.... ඇත්තටම ඔයාට......"
" මං දන්නවා... අක්කායි මායි ඒක බලාගන්නම්..... "
" අක්කට රිද්දන්න එපා අය්යේ... එයා හෙන සෙන්සිටිව්...."
" මොකද බොල පොඩි එකා වගේ නහයෙන් අඩන්නේ ? අක්කයි මායි ඒක බලාගන්නම්....!"
" මාව මේම ට්‍රස්ට් කළාට ඔයා කවදාවත් පසු තැවෙන්නෙ නෑ ගවීෂ් අය්යේ.......මම මේක - "
"ඇති ඇති පලයන් ඕය්.. සේරමල එනව මෙතන මාව ඉමෝසනල් කරවන්න...හ්හ්..." ගවීෂ් කිව්වේ ඩියෝන්ගේ පස්සට පාරක් ගහලා එයාව එළියට යවන ගමන්....
සමහර විට, බැරිම වෙලාවේ කෙනෙක් මත තියෙන පුංචි විශ්වාසයකට උනත් වෙන්න තිබුන ගොඩක් දේවල් වෙනස් කරන්න පුලුවන් වේවි...!
" උබට උන දේවල් වෙන උන්ට වෙන්න දෙන්න එපා ගවීෂ්..." යුවනිදුගේ වචන මතක් කරපු ගවීෂ් සැහැල්ලුවෙන් හුස්මල් ගත්තේ ඩියෝන් පඩි පෙළ බැහල යනවා බලාගෙන ඉදපු ආශදීගේ කොන්ඩේ යන්තන් අවුස්සන අතරේ.....
" ඇයි යන්න දුන්නේ ? " ආශදී ඇහුවේ නොරිස්සීමෙන්...ඒත් එයාගේ කලින් තිබුන කේන්තිය නම් නිවිලා...
" මේ වෙලාවෙ අපිට ඕනෙ තවත් අලුත් නරුමයෙක්ව හදන්න නෙවේ කෙල්ලේ.. ඒ පාත් එක තෝර ගන්නම වෙන විදියට තව කෙනෙක්ව අසරණ නොකරන එක විතරයි..."
.
.
.
.
.
.
.
.
.
.
- මතු සම්බන්ධයී-
AN-
#මේක 63 නෙ...64 ලියල නෑ, ඒත් 65,66 ලියල තියෙන්නෙ... දැන් මේ හිස්තැන් පුරවනව වගේ දෙයක් කරන්නේ...🥴😒
බයෝ පොත දිග නොහරිනකන් මේ දරුවට ස්ට්‍රෙස් නැත... දිග ඇරියොත් ඩිප්‍රෙශන් ය.🙂
#බයෝ_වලට_ආස_වෙන්න_විදි_තියේද 😫