抖阴社区

-Plot 23 -

By Bulbz_D

5.3M 358K 118K

If you know ~, You know. More

- 1 -
- 2 -
- 3 -
- 4 -
- 5 -
- 6 -
- 7 -
- 8 -
- 9 -
- 10 -
- 11 -
- 12 -
- 13 -
- 14 -
- 15 -
-16 -
- 17 -
- 18 -
- 19 -
- 20 -
- 21 -
- 22 -
- 23-
-24-
- 25 -
- 26 -
- 27 -
- 28 -
- 29 -
- 30 -
- 31 -
- 32 -
- 33 -
- 34 -
-35-
-36 -
-37-
- 38 -
-39-
- 40 -
- 41-
- 42-
- 43 -
- 44 -
-45-
- 46 -
- 47 -
- 48 -
- 49 -
- 50 -
- 51 -
- 52 -
- 53 -
- 54 -
- 55 -
- 56 -
- 57 -
- 58 -
- 59 -
- 60 -
- 61-
-62-
- 63 -
- 64 -
- 65 -
- 66 -
- 67 -
- 68 -
- 69 -
-70-
- 71 -
-72 -
- 73 -
- 74 -
-75-
- 76 -
- 77 -
-78-
- 79 -
- 80 -
- 81-
- 82 -
- 83 -
- 84 -
-85-
- 86 -
- 87 -
- 88 -
- 89-
- 90 -
- 91-
- 92 -
- 94 -
- 95 -
- 96 -
- 97 -
- 98 -
- 99 -
- 100 -
- 101 -
- 102 -
- 103 -
- 104 -
- 105 -
- 106 -
- 107 -
- 108 -
- 109 -
-110 -
- 111 -
- 112 -
- 113 -
- 114 -
- 115 -
- 116 -
- 117 -
- 118 -
- 119 -
- 120 -
-121 -
- 122 -
-123-
- 124-
- 125 -
A/N -

- 93 -

37.7K 2.6K 742
By Bulbz_D

" හරි ඉතින් ඕක දැන් අල්ලලා දාන්නකෝ.. "

ආශදී කිව්වෙ තාමත් කට පැත්තකට කරන් මූණ එල්ලන් ඉන්න ගවීෂ්ට...... කෙල්ලට විතරයි සිද්දිය යන්තන් හරි මීටර්... අනිත් ඩබලම හිතන් ඉන්නේ ගවිෂ් ඉස්සර  මෙවිනාට ක්‍රෂ් නිසා තරහ ගිහින් ඒකිට බැනපු එකට දැන් අව්ලෙන් කියල....

" මහ ඕන්නෑ... " ගවීෂ් කිව්වේ එයාගේ ප්ලේට් එක ඉස්සරහට තල්ලු කරන ගමන්....

" ඒක දැන් හිතන්න එපා අය්යෙ.... කෝ ෆිට් එකේ ඉන්න... අර කියන්න වගේ ඔයත් මේ ලෑලිකැලිවලට ෆොම් වෙනවනෙ... " ඩියෝන් උගේ අර්ථකථනයට අනුව සෑහෙන මහන්සියෙන් ගවීෂ්ගේ හිත හදනවා... අපරාදේ පව් වචන... ගවිෂ් ඒකටත් දමල ගහලා නිදහසේ හුස්ම ගන්න හිතන් නැගිට්ටේ හෙන සද්ද බද්දත් ගොඩක් කරන්....

" කන්නේ නැද්ද ගවීෂ් ? " යොවන්දි ඇහුවේ එයා පිගාන තල්ලු කරලම නැගිට්ට නිසා....

" මට ඇති බඩගින්නක් නෑ. !!"  ගවීෂ් කිව්වේ ෆෝන් එකයි අතට අහුවුන හැම බඩුවයිම අරන් දොරත් ඇගේ තියෙන උපරිම හය්ය දාලා අරින අතරේ.... වේඝර්ණලා කටවල් ඇරන් බලන් ඉද්දිම දොරත් දඩාස් ගාලා වහලා දාපු ගවීෂ් එළියට බැස්සේ ගල් ගැහෙන හීතලේ... කොහෙද යන්නේ ? ඔන්න ඔලුව හැරුන අතක යනවා !!! ගවිෂ් මේ කොහොමටත් එළියට බැස්සේ ටවුන් එක පැත්තටවත් ගිහින් එන්න හිතාගෙන...  කොහොමටත් කන්දක් බැහැලා කන්දක් නැග්ගම කෙලින්ම අහුවෙන්නේ ටවුන් එක... ගිහින් බොනවා වැටෙන්න ඔව්.... හුහ්....

අහ් අර ඉන්නේ !! ගවීෂ් එළියට බහින බව කල්තියා අනුමාන කරලදො , තැනිතලාව මැද්දෙන් තිබ්බ අඩිපාර ගාව බලන් ඉදපු මියුන්ව.....හොව් හොව්ව් නෑ.... ආඝර්ව ආශාක්‍යසිංහව කලින්ම දැක්ක ගවිෂ් ඇස් දෙක නළලට අරන් කට ඇද කලේ අඩු නොවෙච්ච කේන්තියෙන්..... මොකද දන්නැ බලන් ඉන්නේ හහ්... මේවා දැක්කම නගින්නේ හොදට තියෙන ප්‍රෙශර් !!

අපරාදේ කියන්න බෑ සුදෝ සුදුවන් දත් දෙපළ විහිදගෙන මියුන් කවදාවත් නැතුව ඈත තියාම මූණට හිනාවුනේ ගවීෂ් නළත් රැලි කරලා කල් තියාම මියුන් ඉදපු පාරෙන් අනිත් පැත්තට හැරෙද්දි.... සේරම කරලා තව එනව මෙතන දත් සෙට් එක දාගෙන හිනා වෙන්න.. !! හහ් මේ පාර දිගේම උදේ පාන්දර ඌව යාළු කරගන්න කට්ට කෑවේ උබනෙ... කමක් නැ ගවීස් , කර්මා ඉස් අ බිච් !! හොද වැඩේ ඕකාට... අරවින්ද් කිව්වා වගේ අතාරින්න හොද නෑ.....

" ඉන්න පොඩ්ඩක් කිව්වම !! " මියුන් කැගැහුවේ ගවීෂ් ඒත් හිතුවක්කාරකමට පහළට බහිනවා බලාගෙන.... මියුන් කොහේ අල්ලන්නද ඉතින් උගේ ස්පීඩ් එකහ්... කොල්ලා හති දාගෙන ඇවිත් ගවීෂ්ගෙ වැලමිටෙන් අල්ලගත්තේ ගවීෂ් ආපස්සට මියුන්ව තල්ලු කරලාම දාද්දි...  ඇදන් වැටුනා තමයි , කරන්න දෙයක් නෑ.......

" කාටද දන්නැ මෙතන අහවල් අමාරුව දැන් අනිත් අයගේ එවට හොම්බ දාන්න.. " ගවීෂ් මූණේ හිනාවක්වත් නැතුව ඇහුවේ මියුන් විසි උන සැරේ එහෙම්ම බිම වාඩි වෙල බලන් ඉද්දි... සැලෙනවද නෑ !! කොල්ලා දිගටම මියුන්ව ගණන් ගන්නේ නැතුව පහළට බැස්සේ මියුන් ආයේ දුවන් ඇවිත් පාර හරස් කරද්දි....

" කො....කොහෙද මේ යන්නේ ? " 

" මිනිස්සු මගේ ඔළුව කන්නැති දිහාවක... "  ගවීෂ් තොල් ඇදලාම මවාගත්ත හිනාවක් එක්ක උත්තර දුන්නේ මියුන් නම් ගානට ඒ හින්ට් එක වද්දගනිද්දි....

" සොරි මට කේන්ති ගියා... ම්ම් ?? "

" ෂා මරුනෙ !!! ඉතින් ??  " ගවීෂ් ඒක ඇහුවෙත් සැහෙන සන්සුන්ව.... මියුන් මාර නර්වස්.. ගවීෂ් මෙච්චර කල් දැකලා තිබ්බේ ඉහේ සිට පාදාන්තය දක්වාම තිබ්බ එයාගේ ගට්ස් විතරයි ... ඒත් දැන්... කොටින්ම වෙනදට නර්වස් වෙන එකා උන තමනුත් මෙච්චර සන්සුන් වෙලා ඉද්දි....

"  .....? " ගවීෂ් උරහිස් ඇකිළුවේ එයාට පරක්කු වෙන බව අගවලා....

" තිමෞර්ය .. "  මියුන් පටන් ගත්තා... මුගේ නිදහසට හේතු ටිකද දන්නෑ දැන් අහන්න ඕනේ...

" ඒක ගවීෂ්... "

" අහ් ? "

" ගවීෂ් කියල කතාකරන්න... " ගවීෂ් කිව්වේ මියුන් ටිකක් වෙලා අමුතු විදියට බලන් ඉදලා ඔලුව වනද්දි..... මියුන්ට කතා කරගන්න බැරි තරම් එයා නර්වස් කියල ගවීෂ්ට හොදටම පේනවා... එයා වචන දෙක තුනක්ම කතා කරගන්න කට ඇරියත් උගුර හිරවෙලා වගේ ආයේ කට පියාගන්නවත් ගවිෂ් බලාගෙන.....

" හරි.....එහෙනන්... මං.. ඔයාගේ අතින් අල්ලගන්න ද.... "

" නෝ තැන්ක්ස්....."  ගවීෂ් කිව්වේ අත් දෙකම මියුන් ඉස්සරහම සාක්කුවට ඔබාගන්න අතරේ..... මියුන් ටික වෙලාවක් එහෙමම බලන් ඉදියා..... මුලින් සාක්කුවට ඔබාගත්ත අත් දෙක දිහා පස්සේ කෙලින්ම ගවීෂ්ගේ ඇස් දිහා.... ගවීෂ්නුත් කෙලින්ම නළල රැලි කරගෙන... හහ් !! බය වෙන්නද දන්නැ කියන්නෙ.... ගවීෂ් ගේමටම බලන් ඉදියේ මියුන් ඒ සැරේ අයි කන්ටැක්ට් එක කඩද්දි......

" හරි... පරිස්සමෙන් ..  " ලොකු නිශ්ශබ්දතාවයකින් පස්සේ මියුන් මිමිණුවේ සමු දෙන්න වගේ උනාට මිනිහා නෙවේ අඩියක්වත් හෙලවුනේ...  ගවීෂ් එක පාරක් විතරක් ඔලුව වනලා මියුන්ව පාස් කරගෙන උඩට නැග්ගේ හිස් හැගීමකින්.... කොච්චර අගතියට පත් උනත් වැරැද්ද තමන්ගේ කියල හිතන එක නවත්තනව මෝඩයො !! ගවීෂ් මේ බනින්නෙ එයාගෙම හිතට... එයාත් වැරදි ඇති... ඒත් කවුද හරි කවුද වැරදි කියන එක නෙවේනේ ප්‍රශ්නේ මෙතන..... එයා ඉතිරි ටික හිතාගන්න කලින් මියුන් හති දදාම ඇවිත් එයාගෙ වේගෙට සමකළේ එයා ඇවිදලා තිබ්බේ කොච්චර වේගෙකින්ද කියල ගවීෂ්ට තේරුම් කරවලා දීලා.... එයා මියුන් දිහා හැරුනේ ඇස් හීනි කරගෙන.. ඒ මොකද ??

" යං මාත් එනව... "  මියුන් උත්තරේ කිව්වේ එයාගේ හූඩි එකෙන් ඔලුව කවර් කරගන්න අතරේ... ඒම හූඩි එක දැම්මම මියුන්ව පේන්නේ හරි අමුතු විදියකට.... හරියට ලොකු පිරිමි ළමයෙක් වගේ... ?? ඊයා ගවීෂ් තමුසේ උටත් වඩා වැඩිමල්නේ.... ගවීෂ් මුකුත් නොකිය අත් දෙක සාක්කුවට ඔබාගෙනම පහළට ඇවිදගෙන ආවේ මියුනුත් එන බව ඇස් අයිනෙන් බලාගෙන... අපරාදේ කියන්න බෑ , ඌ යන්නේ උගෙ පාඩුවේ...  කන්දේ සැලකිය යුතු දුරක් පල්ලම් දෙකක් නැගල බැස්සම ඇහට අහුවෙනවා ප්‍රධාන පාර පේන මානෙ....

ඇගම ගල් ගැහෙන සීතල හුළග වැව දිගේ ඇවිත් මූණේ වැදෙනවා.... අයිස් මිදෙන තරම් සීතල !! මරේ මරු......මේ වෙලාවට තමා බයික් එක දාලා ආව එකේ විපාක තේරෙන්නේ..... ශික්... ගවීෂ් සම්පූර්ණයෙන් තාර පාරට අඩිය තිබ්බේ මියුනුත් හුඩි එක අස්සේ අත් ඔබාගෙන ඒ පිටිපස්සෙන්ම ප්‍රධාන පාරට අඩිය තියනවා බලාගෙන... මේකා පස්සෙන්ම එනවනේ ....  නිදහසේ කොහෙවත් යන්නත් නෑ හහ්.... ගවීෂ් නෙවේ ඒත් වචනයක් කියන්න කටක් ඇරියේ... අනිත් පැත්තට ගවීෂ්ගෙ සයිලන්ට් ගතියෙන් මියුන් නෙවේ සත පහකට සැලුනේ.....

හැමෝම කියන්නේ නුවර වැව ගැන... ඇතුගල වැව ගැන.... තිසා වැව ගැන... මේ හීතල හුළගට ආදරේ ලැබුනා මදි.... !!!  ඇයි ? ග්‍රෙගරි වැව ඉඹගෙන එන හැම හුළගකම වගේ මල් රේණු ඇති... මල්වල අමුතුම සුවද.... පුංචි කඩ පේළිවල අල බැදෙන සුවද.... රොටි පිච්චෙන සුවද.... ඒ වගේද මේ අයිස් සීතල...  කොච්චර උනත් මියුන් නම් වැඩි සීතලේ ෆෑන් කෙනෙක් නෙවේ කියල ගවීෂ්ට දැනටම පේනව... කන්ද හරිය වගේ නෙවේ මේ වැව් හුළග එක්ක කෝමටත් මෙතන සීතලයි ....

" හාආඅචුහ් !!!! "  හරිනේ , ඔය පටන් ගත්තේ ඉතින් කියනකොටම..... ගවීෂ් පත හචිං එක යවලා ඔළුව උස්සද්දි මියුන් ඉන්නවා තව බලාගෙන....

" හාආඅචුහ් !  "  ඊළගට මියුන් කට අරින්නත් කලින් ගවීෂ් දෙවෙනි හචිමත් මියුන්ගේ මූණටම ඇරලා ඉවරයි... පුදුම ද්‍රෝහිකමක් මේ කිවිහුම්වලත් තියෙන්නෙ.....!!

" අර පැත්තට යනවද ? " මියුන් එහා පැතවෙන්න තිබ්බ කැෆේ එක පෙන්නල ඇහුවේ ගවීෂ් ඒ පැත්ත බලලා , කෙලින්ම ඊට විරුද්ධ පැත්තට හැරෙද්දි.... ඌ යන පාරක යද්දෙන්...හහ්...  කවුරුත් කිව්වේ නැනේ උට එන්න කියල... එක අතකට අපරාදේ කියන්න බෑ ආවා කියල කිසි වදයක් නම් නෑ.....

ගවීෂ් අඩියක් ඉස්සරහට තිබ්බා , ඒත් එක්කම මියුනුත්..... මියුන්ගේ සුළැගිල්ල දැන් දෙතුන් පාරක්ම හරිම ළාමක විදියට එයාගේ සුළගිල්ලේ පැටලෙන්න හදනවා ගවීෂ්ට නොදැනුනාම නෙවේ.. මුරණ්ඩුකමට අත අරගෙන සාක්කුවලට ඔබාගන්න හිතුනත් එයා ඒ විදියටම අත් දෙක නිදහසේ තියාගෙන අඩියෙන් අඩිය ඉස්සරහට තිබ්බේ මියුන්ගේ බර හුස්මටත් කන් දෙන අතරෙ..

අහස විටෙන් විට දම්පාට කරන එළි ගොඩ මොනවද හොයාගන්න අනිත් අතට මිනිහට තිබ්බේ ලොකු කුතුහලයක්.... සමහර විට කානිවල් එකක්..... මේ ඇහෙන මියුසික් සද්දෙන් කියන්න පුළුවන් ඒක....... තාර පාරේ ඉදහිටක මීදුම අතරින් මතු වෙන කහ පාට එළියක් ඇරුනම අපැහැදිලි බීට්ස් ගොඩක් මැද්දේ වැව නිශ්ශබ්දයි.... හරිම නිස්කලංක හැගීමක්... හීතලට ගවීෂ් ආස කරන්න ගත්තේ එදා බ්‍රින්ධව් කන්දේ ගමනින් පස්සෙ... හැමෝම දන්න උණුහුමට වඩා උණුහුමක් හීතල නිසා එයාට දැනෙන එක හරිම පුදුමයි..... සීතලට සමහර විට එයා ඉස්සර ඉදන්ම ආසාවෙන් ඉන්න ඇති... ආසාව වැඩිවෙලානේ දැන් මේම ---

* හාආචුහ්.... !! * ගවිෂ් ඊළග හචිමත් ඇරියේ නහය උඩට අදින ගමන්.....ටික දුරක් ඇවිදන් ගියපු ගවීෂ් මියුන්ගෙන් සද්දයක් නැති තැන ආපහු හැරුනේ කොන්ක්‍රීට් ලැලි උඩ බර උන , මෙච්චර වෙලා එයා අහගෙන ආපු මියුන්ගේ අඩි සද්දේ නැවතිලා කියලා තේරුම් අරගෙන...

ඔව්, මියුන් නැවතිලා.... දණිස් දෙකට අත් දෙක තියල පහත් වෙලා කණ්ඩියෙ තියෙන මොකක්ද දිහා බෙල්ල හරව හරව බලනවා..... හයොව්... පිස්සෙක්නේ අයිසේ..... ටික වෙලාවකින් මියුන් දණහිස් දෙකත් නවාගෙන එතනින් පහත් උනේ අර කැලෑ පදුරු අස්සේ හෙන නිධානයක් හම්බුන ගානට.... ලයිට් කණුවේ එළියෙන් පේනවා මූණේ තියෙන උනන්දුව.. කොහෙද.... මිනිහගේ අත් දිග මදි... ඔන්න මූණ නරක් උනා.... මියුන් කකුලක් පල්ලමට තියලා ආයේ කණ්ඩිය දිහාවට ඇදුනේ ගවීෂ් නහයෙන් පිඹලා ඔලුව දෙපැත්තට වනද්දි.. මොන සත්තු ඉන්නවද දන්නෑ ඕවා අස්සේ.....

අන්තිමට හෙන මෙහෙයුමකින් පස්සේ පොර නැගිට්ටා.... ඔලුව උස්සලා බලපු මියුන් එහෙමම ගැස්සුනේ ගවිෂ් හැරිලා එයා දිහා බලන් ඉදපු විදියට... ඒ නිසාමදො මන්දා මිනිහා බෙල්ල පොඩ්ඩක් ඇල කරල බැලුවේ ඒ තොල් අතරින් ලොකු හිනාවක් ඇදෙද්දි...... ඇයි ??? මොකක්ද ??? මොකටද හිනා වෙන්නේ ?? අහ්හ්හ්හ් !!! තමුසේ හැරුණනේ ශිහ් මෝඩයා !!! ගවීෂ් ඉක්මනට ඉස්සරහ බලලා ආයේ , කෝමත් නෝන්ඩි වෙලා ඉවර වෙලා නිසා මියුන් දිහා හැරුනේ එයාට එහා පැත්තට එන්න කියලා බෙල්ලෙන් ඉගි කරන අතරේ...

ඉගිල්ලෙන්නේ කෝමද ? හරියට ඒ වගේ සැහැල්ලුවෙන් මියුන් අඩියට දෙකට අතර මැද පරතරය පිරෙව්වේ-- මොන පිස්සුද.... අඩි දෙකක් හෙනම කලබලෙන් දුවන් ආපු මියුන් ගෙම්බා පත බෑවුනා වගේ හතර ගාතින්ම වගේ ඇදන් වැටුනේ ගවිෂ්වත් ගස්සගෙන... අනේ අම්මාපා... කලබලෙන් අත් දෙක සාක්කුවෙන් එළියට අරන් ගවීෂ් අඩියට දෙකට පොඩි ගෙම්බා දිහාවට කිට්ටු කෙලේ ඒ හතරගාතෙන් වැටුන විදියට කටින් පැනපු හිනාව අමාරුවෙන් තද කරගෙන.... තුවාල උනාද දන්නෑ ??  පිස්සෙක්..... !!! ඒත් කොහෙද -- මිනිහා හරියටම වැටිලා තියෙන්නේ , අඩෝ අඩො...... ඒ පාර නම් ගවීෂ්ගේ හිනාව පුපුරලා ගියේ මියුන් යන්තන් මූණ නරක් කරන් නැගිටිද්දි.....

සහසක් අස්පයොන්ගේ අදෝමුඛයේ පහස ලබන සුන්දර අශ්ව ජරාව.... මුගේ වෙලාව කියන්නෙ හූඩි එකේ අතේ මිසක් කොහෙවත් ගැව්ලා නැ... අහ්හ් ශික්... අපරාදේ  පොඩ්ඩක් එහාට උනා නම් ජරාව සේරම මූණෙනෙ..... ගවීෂ් මුකුත් කියන්නැතුව මියුන්ගේ වැලමිටෙන් අල්ලලා නැගිට්ටෙව්වේ රවාගෙනම එයාගේ ඇගත් ගසලා දාලා...

"  කෝ තුවාල උනාද ? " ගවීෂ් සැරෙන් ඇහුවේ මියුන් හ්ම් සද්දයක් නැතුව අත් දෙක දික් කරද්දි... එක අතක අල්ල නම් කොන්ක්‍රිට් එකට හම ගිහින් පුංචියට ලේ බිංදු මතු වෙලා.... අනිත් මිට මෙලවිලා තිබ්බ අතේ ඇගිලි ඇට හරිය හිරීලා....... ඒ ගුලි කරගෙන ඉදපු අත  මියුන් හිමින් දිග ඇරියේ ඔළුව උස්සලා ගවීෂ්ගේ මූණ දිහා බලන අතරෙ..

අහ් මේක වෙන්නැති පදුරු අස්සේ බඩ ගෑවේ... මියුන්ගෙ අත උඩ යන්තන් හැකිලිලා තිබ්බ දම්පාට චූටි පෙති තියෙන මල දිහා බලන් ඉදපු ගවීෂ් ඔලුව ඉස්සුවේ මියුන් ඒක ගන්න කියල ඇස්වලින් ඉගි කරද්දි.... එච්චරයි අඩු !!  මහ රෑ සීතලේ අට මගලයක් කරනව මූ ඉදගෙන.... ඒ මදිවට වැටිලත් එක්ක.....

" මේ පාරත් පොඩ්ඩක් තැලුනා ඉතින්....... " මියුන් ඒ මිමිණුවේ ගවීෂ් තාම මල ගත්තේ නැත්තේ ඒකේ පෙති පොඩ්ඩක් තැලුනු නිසාවත්දො සැකයෙන්.... එකෝ පොඩි එකෙක් කියල හැමතිස්සෙම අමතක වෙනවා කියන්නේ නිකන්ද....

" මගුලක් කරනවා මෙතන.... මෙන්න මෙහෙ වරෙන්.. " මියුන්ගේ අතේ තිබ්බ මල අරගෙනම , උගේ අත ගසලා දලා හූඩි එකෙ වැලමිට හරියෙන් අල්ලගත්ත ගවීෂ් මියුන්ව ඇදලා ඉස්සරට තල්ලු කලේ අනිත් අතෙ තිබ්බ මල නටුවෙන් අල්ලගෙනම වටයක් කරකවල බලන අතරේ..... අමු පිස්සෙක්....!! මල් ???? අපො ඊයා...... කෙල්ලොන්ගේ වැඩ..... හහ්... ඒ උනාට කමක් නෑ , ගවීෂ් ආයේ මල නටුවෙන් අල්ලලා බඹරේ වගේ කැරකුවේ යටි තොලත් හපාගෙන.... ඒනං මේ තමා අහ මහා ප්‍රසිද්ද දම්පාට කුලකයේ කැලෑමල ඇස්ටර් !!! ප්ෆ්ෆ්ට්....

මියුන් ඉන්නේ ඉස්සරහා හැරිලා කියලා ආයේ බලලා ශුවර් කරගත්‍ත ගවීෂ් එයාගේ ලේන්සුව අස්සේ මල තියලා , පෙති පොඩි වෙන්නැති පැත්තට ලේන්සුව හදාගෙන ආයේ සාක්කුවේ ඔබාගත්තෙ පුළුවන් තරම් ඉක්මනට...... පොඩි හිනාවකුත් ගියා හැබැයි ....කවුරුත් දැක්කේ නැනේ ? නෑ...... ගවීෂ් අත් දෙකත් පිහිදාගෙන මියුන් ගානට වේගේ සමාන කලේ මියුන් ඒ පාර නම් හැරිලා බලද්දි....

"  කෝ ඒක ? " ගවිෂ්ගේ අත් දෙක හිස් කියල තේරුන මියුන් ඇහුවේ ගවීෂ් උත්තර දෙයි කියලා ලොකු බලාපොරොත්තුවකින් නම් නෙවේ...

" විසි කලා ඉතින්... !! තමුසේ හිතුවද මම මේ කෙල්ලො වගෙ මල් ලේන්සු අස්සේ දාන් ගිහින් කෝපි පාට පොත් අස්සේ දාලා වේලලා.... හනේ මගේ කෝපි පාට ළමයා මට දීපු බ්ලාහ් බ්ලාහ්.... ...... "

" තිමෞර්ය ......."

" ඔව්ව් !! ඇයි ?? "

"හ්ම්......" මියුන් කිව්වේ හිතලමදෝ,නැත්තන් වැරදීමකින්දෝ එයාගේ සුලැගිල්ල යන්තන් ගවීෂ්ගේ සුලැගිල්ලෙ පටලවන ගමන්... අත අල්ලගන්නද කියල ඇහුවේ දෙතුන් පාරක් නෙවේනේ.... ඒ සීතල ඇගිල්ල ඒම ඇවිත් පාළුවෙන් වගේ එතෙනකොට ලෝබ හිතෙනවා.... හරි ඉවසීමෙන් සීතල සුළග මැද්දේ ගෙවිලා ගියපු තත්පර... මීදුම වේගෙන් අහුවෙන හුළගට අහුවෙලා එයාලා අතරෙන්ම ගහගෙන යනවා ඈතට....

" මට කියන්න..... මම කෝමද මේක හරිගස්සන්න ඕන ? .... " මියුන් මිමිණුවේ ගවීෂ්ගේ ඇස් මග ඇරල එයාලගේ යන්තමින් ගෑවෙන අත් දිහා බලාගෙන....

" හරි අල්ලලා දාන්න... මමත් වැරදිනේ... "

" ඒත් ඔයාගේ හිත ගොඩක් රිදුනා..... "

" මගේ???  නැහ් ? පිස්සුද කවුද කියන්නේ..."

"  මම කිව්ව දේවල් - "

" මේ උබ මට සොරි කියල, මගෙන් බලාපොරොත්තු වෙනව නම් මම ගිහින් ආපස්සට මෙවීනාට සොරි කියයි කියල....කරුණාකරල කට පියන්ම ඉන්න.... " ගවීෂ් තදින් කිව්වේ කෙලින්ම මියුන්ගේ මූණ දිහා බලාගෙන....

"  නෑ..... ඒකට කමක් නැ.....   "

" එයා ආශදීව තල්ලු කරලා තිබ්බනේ..... " ගවීෂ් කිව්වේ තොල් තද කරගෙන... දැන් ඉතින් මිනිහට පොඩ්ඩක් වැරැද්දක් දැනීගෙන එනවා තමයි කෙල්ලට කතා කරපු විදියේත්... ඒත් ඒත් ම්හු........

" මේක මෙතනින් එහාට කතා කරන්න ඕනෙ නැති දෙයක්..... " මියුන් මිමිණුවේ ගවීෂ් නිශ්ශබ්දව බලාගෙන ඉද්දි.... ඒ ඇස් හරිම පැහැදිලියි... මියුන් එයාගෙ අතේ සුළැගිල්ල විතරක් ගවීෂ්ගේ සුළැගිල්ලේ යන්තන් පටලවලා , ආයේ ගවීෂ්ගේ රියැක්ශන් එක මොන වගේ වෙයිද කියලා විශ්වාසයක් නැති ගානට ඒකත් අතඇරලා නිශ්ශබ්ද උනේ හුස්මක් අරගෙන.....

ඉතින් දෙන්නම මේ නිශ්ශබ්දතාවය හොදටම අදුරනවා.. මේ නිශ්ශබ්දතාවය නුහුරක් නෙවේ... අතීතයේ හුරුපුරුදු හැගීම අරගෙන ආපු සුවපහසු කලාපයක්.. ඒක දෙන්නටම එහෙමයි... ඒ නිශ්ශබ්දතාවයට යන්තමින් හරි බාධා කරන්නේ ටිකක් බරට පිටවෙන හුස්ම විතරමයි.. වචනයකින්වත් අපවිත්‍ර නොවුන නිශ්ශබ්දතාවය ඇතුළේම දෙන්නම ඔහේ ඉස්සරහට ඇවිදගෙන ගියේ ටිකෙන් ටික මතුවෙන සැහැල්ලුවකින්....

ගවීෂ්ගේ ඇස්වල වැඩිම අවධානයක් තිබ්බේ පහුවෙන කොන්ක්‍රිට් ලැලිවලට... මොකද මියුන් කකුල තියෙන වේගේ වැරදුනොත් මේ යන්තමින් පැටලෙන්න දගලන සුළැගිල්ල මගඇරෙන්න පුළුවන්... මියුන් පොඩ්ඩක් වේගේ බාල කලාම , එතන බලන්න තරම් ලස්සන දෙයක් තියෙන බව ගවීෂ් දන්නවා.. ඒ වෙලාවට විතරක්ම එයා ඔළුව උස්සලා මියුන් දිහා බලාගෙන ඉන්නවා...  මල් පදුරු ? කහ පාට එළිය අතරින් මීදුම ගලාගෙන එන විදිය ? ඉදහිටක එයාගේ අවධානේ හොරාගන්න පුංචි පුංචි සත්තු ?? සමහර වෙලාවල්වලට හේතුවක් නැතුවමත් මියුන්ගේ අවධානේ වෙනස් වෙනවා....... ඒ හැම වතාවකම නහය දිගේ පහළට ලිස්සලා ආපු ස්පෙක්ස් දෙක දබර ඇගිල්ලෙන් උඩට තල්ලු කරගන්නත් එයා අමතක කරන්නැ...

හිත් දෙකක් එක ලෝකෙක තනිවෙනවා කියන එකෙත් , එක ළග ඉදන් ලෝක දෙකක නිවෙනවා කියන එකෙත් තියෙන්නේ අහසට පොළව වගේ වෙනස්කම්...ඒත් එකිනෙකට දෙවෙනි නොවෙන ආදරණීය නිර්වචනයන්... දෙතැනක ඉදන් එක ලෝකෙක තනිවෙනකොට සමහර විට එතන ඇත්තේ මහ ආර්ත්මාර්ථකාමි තණ්හාවක්..... ඒත් එකම තැන ඉදන් ලෝක දෙකක නිවෙනකොට එතන ඇත්තේ හරි සුවදායි සැනසීමක්.....

හදිසියේම වගේ මියුන්ගේ අත මග ඇරලා හූඩි එකේ අතක කොනකින් අල්ලගත්ත ගවීෂ් මියුන්ව නවත්තගත්තේ කිසිම වචනයක් නැතුව... එයා නැවතුනේත් ගවීෂ්ගේ ඒ පොඩි ප්‍රතිචාරයට ඔළුව උස්සලා බැලුවෙත් ඇස් දෙකේ සැහෙන බලාපොරොත්තුවක් තියාගෙන... එයා ඉන්නේ තමන් කතා කරනකන් ඉවසිමෙන් කියලා ගවීෂ් දන්නවා....

 මියුන්ව එහෙමම ඇදලා බිමින් පහත් කරගත්ත ගවීෂ් , එයාගේ අත ඇදලා ගත්තේ එක අතක් අල්ල පැත්තටත් , අනිත් අත අනිත් පැත්තටත් හරවලා කිසිම කතාවක් නැතුව පොඩි ටැප් එකට මියුන්ගේ අත අල්ලන ගමන්... ඒ අත ගැස්සුනේ වතුරේ තිබ්බ සිතලට ද , නැත්තන් තුවාලවලින් ආපු දැවිල්ලටද  තෝරගන්න බැරුව ගවීෂ් පොඩ්ඩක් මියුන්ගේ අත අත ලිහිල් කරේ කට ඇද කරගෙන... මියුන්ගේ අත දිගේ එයාගේ අතට විසිවුන වතුරවලින් වතුරේ තිබ්බ අයිස් මිදෙන සිතල මිනිහාට නොදැනුනාම නෙවේ.. ලයිට් එළිය අස්සෙන් හම ගියපු අල්ලයි , අර විකාර මල ගුලිකරගෙන ඉදපු අතේ ඇගිලි පුරුක් දිහායි බලලා මියුන්ට ආයේ රවපු ගවීෂ් අත් දෙකම ආයේ වතුරට ඇල්ලුවේ කේන්තියටත් එක්ක...

මහා ලොකු තුවාලක් නැහැ.. ඒත් ඒ අත්වල පොඩි හරි තුවාලයක්වත් තියෙනවට ගවීෂ් කැමති නැ කිව්වොත් ? ඒක කස පාරක් නෙවේ , පුංචි හිරීමක් විතරයි වෙන්නැති.. ඒත් , ගවීෂ්ට වේදනාව ගැන අදහස තියෙන්නේ ඒ  විදියට විතරයි... එක පුංචි ලේ බිංදුවක් නිසා උනත් ගවීෂ්ට මතක් වෙන්නේ කස පාරක තියෙන වේදනාව විතරයි... ඉතින් මියුන්ගේ අතේ ලේ දකිනකොට උනත් එයාගේ ඔළුවට එන්නේ පුංචි තුවාලෙකින් දැනෙන දැවිල්ල නෙවේ , කස පාරකින් දැනෙන වේදනාව විතරමයි..... දරාගන්න පුළුවන් ඇති ඕනේ තරමක් ඒ වේදනාව දැනෙන්නේ තමන්ට නම්..... ඒත්, මේ අත්වල ලේ බිංදුවක් දකින්න එයා ලෑස්ති නෑ කියන එකට සාක්ෂිය මේ ඇස්වල තියෙන අනියම් දැවිල්ලම වෙන්නත් පුළුවන් ......

මියුන් බලාගෙන ඉන්නේ එයා දිහා කියලා ගවීෂ් දන්නවා.... ඔව්.. එයා දිගටම බලගෙනයි ඉන්නේ.... ඕනේ නැති වැඩ කරලා තව !!! මියුන්ට රවාගෙනම සිතලට ද , යන්තමින් කෙවෙන නිසාමද මන්දා වෙව්ලන මියුන්ගේ අත් දෙක අතාරින්නැතුවම ගවීෂ් ලේන්සුව සාක්කුවෙන් ඇද්දේ කේන්තියෙන්ම වගේ...

හෝව් !!! ලේන්සුව වේගෙන් එළියට ඇදලාගත්තට මොකද , ලේන්සුව අස්සේ තිබ්බ ඇස්ටර් මල විසි වුනාම තමයි මිනිහට මතක් උනේ ඒක දාගත්තේ ඒක අස්සේ බව.... ගවීෂ් ඉක්මනින්ම මල අතට ගත්තට මියුන් ඒ දිහා බලලා ආපස්සට එයාගේ මූණ දිහාවටත් එබිලා ඉවරයි.....

.
.
.
.
.
.
.
.

- මතු සම්බන්ධයි.. -

.
.


# ඔය ආඝර්ව කියන එකා ඉන්නවා නේද......................
පේන තරං අහිංසක ඥඇහ් !! ✨️💚  ( ගවීෂ් මම උනා නම් කල්පෙකටවත් යාලු වෙන්නෑ , මොනා කරන්නද පෙන්ස්.. පාහරයා මලක් කැරකැව්වම බාගයක්ම සෙට්ල් ඒකාගෙ.... ඇන්ටි රොමැන්ටික් මමත් උඩ දාගෙන මේවා ලියනවනේ අනේ ඇත්තට...  😒😂 )

#කොට්ට  ගත්තු අය අයින් කරන්න එපා දැන්ම.

#මාලේ ගැන දීපු හින්ට් එක එක්කෙනෙක්ට හරි තේරුන නිසා මං  සතුටින් 😪

Continue Reading

You'll Also Like

389K 47.9K 85
鉂 锕 喽膏锭 喽膏窔喽 喽氞窉喽亨侗喾娻侗喽氞窛 喽呧稖喾娾嵿痘..喽多窉喽亨窋喽о窉 喽囙侗喾娻订喾 喽 喽多窊喾冟穵喽о穵 喽戉稓喾 喽氞窋喽膏窂喽秽逗喾 喾佮窂喽脆逗喽氞穵 喽编窉喾冟窂 喽戉稜喾娻稜喽 喽氞窅喽 喽秽窂喽氞穵鈥嵿穫喽亨窓喽氞穵 喾喾斷侗喾 喽编窅喽穵喽陡喾 喽多窓喽洁穵 喾喽溹窔 喽窋喽脆穵喽脆董喾 喽氞窓喽洁穵喽洁窓喽氞穵 喽窉喾勦窂 喽呧订喾斷陡 喽痘喽膏窓 喽...
1.5M 100K 157
喽嗋动喽秽窔 喽氞窉喽亨侗 喽窓喽 喾喽犩侗喾權侗喾娻陡 喽氞窉喽亨侗喾娻侗 喽曕侗 喽编窇 喽编窔 ? -喽嗋痘喽班穵鈥嵿逗 喾佮窓喾勦窂喽编穵- 喽掄董喾 喽嗋动喽秽窔 喽窅喽编窓喽编穵喽 喽窓喽编穵喽 喽脆窋喽...
9K 629 32
"喽 喽氞穮喾 喽脆窂喽 喽囙穬喾 喽膏秱 喽窉喾勦窂喾喽 喾喾掄董喽秽稓喾娻陡 喾勦窅喽秽窉喽洁窂. 喽掄穩喾 喾勦痘喾 喽溹窅喽灌窋喽秽窋喽亨窉. 喽膏秱 喽窅喽氞穵喽氞窂 喽 喽囙穬喾 喽窉喽洁窉喾冟窓喽编穩喾. 喽戉逗喾 喾勦窉喽编窂喾喾權侗喾喾." "喽 喽囙穬喾 喽窓喽 喽粪窂喾喽编窂喾喽氞穵 喾喽溹窔. 喾勦痘喾掄逗喽 喾冟痘喽穵 喾冟窐喽窋喾 喾喽溹窔...
135K 9.9K 34
喽膏稖喾 喽膏稓喽 喽班窔喽编窋喾.. 喾勦穭喾娻穭喾忇穭喾忇穭喾娻穭喾.. 喾勦窅喽膏窛喽 喽氞窊喾喾 喽嬥抖 喽呧穭喾掄秱喾冟稓 喾勦窂 喽脆窅喽о窉喽亨窓喽氞穵 喽氞窉喽亨督喾.. 喽掄董喾 喽膏侗喾 喽侗喾娻侗喾喾 喽膏窔 喽膏稓喽秽锭 喽亨锭 喾喾權督喾 喽氞窓喽窉喽秽窉 喽溹窇喾喾 喽囙订喾斷穩喾 喽戉穬喾 喽膏窓喾冟窔 喽戉稓喾權稓喾 喽编窓喽膏窓喽亨窉 喽氞窔喾冟痘 喾...