抖阴社区

-Plot 23 -

By Bulbz_D

5.2M 356K 117K

If you know ~, You know. More

- 1 -
- 2 -
- 3 -
- 4 -
- 5 -
- 6 -
- 7 -
- 8 -
- 9 -
- 10 -
- 11 -
- 12 -
- 13 -
- 14 -
- 15 -
-16 -
- 17 -
- 18 -
- 19 -
- 20 -
- 21 -
- 22 -
- 23-
-24-
- 25 -
- 26 -
- 27 -
- 28 -
- 29 -
- 30 -
- 31 -
- 32 -
- 33 -
- 34 -
-35-
-36 -
-37-
- 38 -
-39-
- 40 -
- 41-
- 42-
- 43 -
- 44 -
-45-
- 46 -
- 47 -
- 48 -
- 49 -
- 50 -
- 51 -
- 52 -
- 53 -
- 54 -
- 55 -
- 56 -
- 57 -
- 58 -
- 59 -
- 60 -
- 61-
-62-
- 63 -
- 64 -
- 65 -
- 66 -
- 67 -
- 68 -
- 69 -
-70-
- 71 -
-72 -
- 73 -
- 74 -
-75-
- 76 -
- 77 -
-78-
- 79 -
- 80 -
- 81-
- 82 -
- 83 -
- 84 -
-85-
- 86 -
- 87 -
- 88 -
- 89-
- 90 -
- 91-
- 92 -
- 93 -
- 94 -
- 95 -
- 96 -
- 97 -
- 98 -
- 99 -
- 101 -
- 102 -
- 103 -
- 104 -
- 105 -
- 106 -
- 107 -
- 108 -
- 109 -
-110 -
- 111 -
- 112 -
- 113 -
- 114 -
- 115 -
- 116 -
- 117 -
- 118 -
- 119 -
- 120 -
-121 -
- 122 -
-123-
- 124-
- 125 -
A/N -

- 100 -

35.4K 2.5K 771
By Bulbz_D

අනිත් සේරටම කලින් ගවීෂ් , ඉක්මනින්ම මියුන්ව පිටිපස්සට කරගෙන නවත්ත ගත්තේ , අරවින්ද් සනෝශ් දිහාවට තද බැල්මක් දෙද්දි.....

" ඔව් ඉතින් , මේ බංගලාව නිකන්ම අරුට අයිති වුනා වෙන්නත් බැනෙ ... "

සනෝශ් නම් අරවින්ද්ගේ තද බැල්මට කට වහගත්තට මොකද ඩියෝන් ආයේ ඇහුවේ ගවීෂ් දෙවෙනි සැරේටත් මියුන්ව උරහිසෙන් තල්ලු කරලා පස්සට කරගනිද්දි... හොද වෙලාවට තිත්ත කළුවරට කාටවත් හරියට පැහැදිලි නෑ වේඝර්ණ උරුමය මේ හරියටම අත තියාගෙන ඉන්නේ මියුන්ගේ පපුවට බව.... ගවීෂ් ෆිට් එකේ දෙපාරක් විතර උරහිසට තට්ටු කළත් මොකද මියුන්ගේ අත තාම වෙව්ලනවා කියල මේ කළුවරේ උනත් ගවීෂ්ට දැනෙනවා.... ඒත් අපරාදේ කියන්න බෑ , ගවීෂ්ව කඩාගෙන නම් මියුන් අඩියක්වත් තිබ්බේ නැ....

"  මං හිතන්නෑ...." අරවින්ද් උගෙ උත්තරේ දුන්නෙ ගවීෂ් දිහාවත් නොබල... ඌ එහෙම නොහිතන බව ඇත්ත!! ඒත් , ඒක එහෙමයි කියන්න භාතිය ආශාක්‍යසිංහම කියපුව ගවීෂ් දැකලා තියෙනවා... අනිත් අතට සනෝශ්ට පවා ඒක එහෙමද අහන්න ඇති තරම් හේතුත් තියෙනවා... සධාර්න ආශාක්‍යසිංහට බය නැතුව ළං වෙන්න පුළුවන් , එයා විශ්වාස කරපු කෙනා තමයි භාතිය ආශාක්‍යසිංහ ... අනිත් අය විශ්වාස කළත් නොකලත් , ලොකු අම්මට එයා ලියපුවයින් මොනවා ඇත්ත උනත් නොවුනත් සධාර්න ආශාක්‍යසිංහව මරන්න එයාට සිද්ධ වුනා කියන එක මෙතන ඉන්න හැමෝම !!! හැමෝටම දවසක පිළිගන්න වෙන ඇත්තක්....

" නැ... භාතිය ආශාක්‍යසිංහ තමයි එයාව මැරුවේ.... " ගවීෂ් කිව්වේ මියුන්ගේ උරහිසෙන් අතඇරලා උගේ අත තද කරලා අල්ලගන්න ගමන්..

" උබට එහෙම කියන්න බෑ ගවීෂ් ! " අරවින්ද් කිව්වේ ගවීෂ් තවත් මියුන්ගේ යන්තමින් වෙව්ලන අත තවත් තද කරගෙන...කොල්ලට දරාගන්න අමාරුයි.. ආපස්සට මියුන්ගේ ඇගිලි එයාගේ සුළැගිල්ල ගුලි කරගත්ත විදියට ඒක හිතාගන්න ගවීෂ්ට අමාරුත් නෑ.... ඒත් දවසක ඌත් මේක දැනගන්නම ඕනේනෙ.....!! අඩුම එයා මීට වඩා දේවල් දවසක දැනගන්න ඕනේ නේ.....

" මට එහෙම කියන්න හේතු තියෙනවා... "  ගවීෂ් කතා කලේ , අරවින්ද්ගෙ ඇස් ඒ පැත්තට හැර වෙද්දි.. ගවීෂ් කලින් ඉදපු තැන වෙනස් බව තේරුනත් අරවින්ද් ඒ පැත්තට ටෝච් එක අල්ලන්නේ නැතුව ඉන්න පරිස්සම් උනේ මියුන්ව මෙච්චර හොදට සන්සුන් කරගත්තේ ගවීෂ් බව හොදටම දන්න නිසා....... ඔව් , කලින් මියුන් කඩන් පැන්නට දැන් , එයා සන්සුන්.. සන්සුන් කියන්නේ නිශ්ශබ්දයි කියන එක.... මොකද මියුන්ගේ අත  වෙව්ලනවා... ඒත් එයා එක පාරක්වත් ගවීෂ්ගෙන් ආපස්සට ඇහුවේ නෑ ඒ ඇත්‍තද කියන්න.... එක පාරක්වත් ඒ වචනෙට පිටින් ගියෙත් නැ.... කොච්චර විශ්වාස කරගන්න අමාරු උනත් එයා කරපු එකම දේ ගවීෂ්ගේ සුළැගිල්ල අතේ ගුලි කරගත්ත එක විතරයි ...

" තව මොනවද හේතු ? " ඩියෝන් ඇහුවේ ගවීෂ්ගෙන්...

" පොඩි එකා කිව්ව වගේ.... , සහය පෙළින් තර්ජනයක් තියේ නම් උරුමයකට සිද්ධ වෙනවා ඒක අයින් කරන්න..... අරවින්ද්ට උනා වගේ... සමහර විට මටත්....."

" අඩෝ ගවීෂ් අය්යේ සිරාද ? එතකොට මට අර ප්‍රිවිරුවාට දෙකක් අනින්න පුළුවන් ද ? " ඩියෝන් උගේ වැදගත්ම ප්‍රශ්නේ ඇහුවෙ, සනෝශ් අතට අහුවුන කෙන්ඩාමා එකෙන් ඩියෝන්ගේ ඔළුවටම දෙවෙනි පාරටත් තඩි බාද්දි... ඔහ් !! හොද පාරක් වැදුනා හැබැයි...

"ඌහ්හ්.. දෙකායි ! "තනෝශ් කැගැහුවෙ ඩියොන් ඒ සැරේ සනෝශ්ගේ අතින් කෙන්ඩාමා එක උදුරලා අරගනිද්දි... සනොශ්වත් කොලර් එකෙන්ම උස්සලා අරන් අයේ එහාට තල්ලු කරපු මිනිහා කෙන්ඩාමා එකත් කාමරේ මුල්ලකට විසි කළේ හොදටම මල පැනලා කියලා ගවිෂ්ට අමුතුවෙන් කියන්න ඕනේ නෑ.... ආයේ ආපස්සට සනෝශ් , ඩියෝන් දිහාවට කඩන් පනින්න කලින් අරවින්ද් මැදින් හිටගත්තේ  සනෝශ්ව මෙල්ල කරගන්න පුළුවන් විදියේ බැල්මක් එක්ක.....

" අපි ඕක පස්සේ කතා කරමු... දැන් ආයේ හොයනවා කට්ටියම.... මියුන් පොඩ්ඩක් එනවා එළියට !! " අරවින්ද් කතා කළේ ගවීෂ් හිමින් මියුන්ගෙ අත අතඇරලා ශේප් එකේ ට්වින් ඩබල හැරුන රැක් එකට විරුද්ධ රැක් එක පැත්තට හැරෙද්දි.... මියුන් ඉක්මනින්ම අත් දෙක සාක්කුවේ ඔබාගත්තේ , අරවින්ද්ව පාස් කරගෙනම එළියේ පැසේජ් එකට ගිහින්...

ගවීෂ් තඩි පොත් සෙට් එක අරන් බිමින් වාඩි උනේ ටෝච් එක කටින් අල්ලගෙන.... මේවල නම් මොනවද මෙ ? අඩොව්... ආශාක්‍ය වංශ... වේඝර්ණ ඉතිහාසය... එව්ව් මුන් මහා ඕපදූපකාරයෝනේ බැලුවම...... මේඝානු පුරාවෘත්ත .... පුරාවෘත්ත හා පුද දෙවොල.... මොකක්ද රෙද්දක්ද මෙ... අවුරුදු දහස් ගාණක ඉතිහාසය ඉගෙන ගෙනද මේ යකා  ? ගවීෂ් පොතින් පොතේ නමට චෙක් කරන ගමන් පැත්තකින් තිබ්බේ ඇස් අයිනෙන් අරවින්ද් මියුන් ඉදපු කෝනර් එක දිහා බලන්නත් අමතක නොකර... හැබැයි බොරු ඕන්නෑ මිනිහාට මෙතනටම හොදට ඇහෙනවා කතා කරන දේවල්.. 

" ගවීෂ් , කියනෝ උබේ තාත්තාය සධාර්න මාමාව මැරුවේ කියලා.... උබ ඒ ගැන මොකද කියන්නේ ? " අරවින්ද් මියුන්ගෙන් ඉවසීමෙන් ඇහුවේ ගවීෂ් තවත් කන් දෙක ඕපදුප අස්සට ඔබද්දි....

" ඔව්. " මියුන්ගේ සීතල කටහඩ...

" මොකක්ද ඔව් ??? "

" එයාට ඒ ගැන ශුවර්... "

" ඉතින් ? "

" සැරයක් කිව්වේ !! එයාට ඒ ගැන ශුවර් !! "  මියුන්ගේ කටහඩ කොච්චර සැර උනාද කියනව නම් , සනෝශ් තනෝශ් දෙන්නත් ඒ පැත්තට හැරිලා බැලුවේ යන්තමින් උනත් ඇහුන සද්දෙට.... ඩියෝන්ටත් මේ ගානටම ඇහෙන බව දන්න නිසාම ගවීෂ් හිතලම , එයාගේ සංඛ්‍යාතයට බාධා කළේ ඩියෝන් නළල බදාගෙන රාක්කෙට බර දෙද්දි... එනවා මෙතන ඕපදුප හොයන්න !!.... කමක් නෑ ටික වෙලාවක් ඕම ඉන්නැතෑ....

" ඒත් තාත්තා කාවවත් මරන්නෑ.... මට ඒකත් ශුවර්..... " මියුන් කිව්වේ උගුරෙම හිර කරගත්ත කඩහඩකින්... ගවීෂ් උගේ අතේ තිබ්බ ජපන් ෆැන්ටසි පොත් ටිකත් වේගෙන් වේගෙන් පෙරලන් ගියෙ මොනවහරි හෝඩුවාවක් හොයාගන්න.... එයා කිව්වද ඉතින් මියුන්ට ඒක විශ්වාස කරන්න කියලා ? ම්හ් නෑනේ....  ඌ විශ්වාස කරන එක උගේ වැරැද්ද... මං බොරුනේ කියන්නෙම... හැම එකටම බොරු කරනව බොරු කරනවා කිය කිය ඉදලා ඇත්තක් කිව්වමත් ඒක බොරුවක් වෙනවා කියලා එක්කො තමුසෙට දැනගෙන ඉන්න තිබ්බා ගවීෂ්... ඉදපන් !!!  දැන් ඇයි තමුසේට දුක හිතෙන්නේ ? අදාළ නෑ ඕවා.....

ගවීෂ්ට ඇත්තටම ඕනේ නැ අරවින්ද් -  මියුන් කතා කරන දේවල් අහන් ඉන්න... එත් ඇහෙනවනේ ..... අනික අරවින්ද් පගා උනත් දන්නවා ගවීෂ්ට මේ ගානට දුරට ඇහෙන බව... 

" සීයා සහය පෙළ අතට ගන්න කරපු වැඩක් වෙන්න පුළුවන්... "

" අහ් ? "

" උබම දන්නව පොඩි කාලේ ඉදන් උබේ අම්මව අපි කවුරුත් දන්නැ.... භාතිය මාමා ඉන්නකන් උබට අත තියන්නවත් නොදුන්නට , එයා නැති උනාම සීයට ඕනෙ තරම් තිබ්බ උබ මොන අත දරුවා උනත් මැන්ශන් එකෙන් පාරට ඇදලා දාන්න... ඇයි ඒම නොකළේ ? "  අරවින්ද් ඇහුවේ මියුන් නිශ්ශබ්ද වෙද්දි... ගවීෂ් , ඊළග පොත් ටිකත් පැත්තකින් තියලා මේ කල්පනා කරන්නේ මැද්දෙන් පනිනවද නැද්ද කියල...

" දැන් මට නිකමට හිතෙනවා සහය පෙළ බංගලාව අයිති උබට නිසා කියලා..... ඒකයි උබව තියාගත්තේ.... "

" චහ්..." මියුන්ගෙ කටින් පැන්නේ නෝන්ඩියට....

" හිත රිද්දන්න කිව්වා නෙවේ මියුන් !! , ඇත්ත කතා කරමු , ඒකනේ ඇත්ත !! මාව උනත් තාම තියන් ඉන්නේ විශේෂ හැකියා ඉගෙන ගත්තේ කොහෙන්ද කියල මම කියනකන් විතරයි කියලා උබට නොතේරෙන්න බැනේ.... නොතේරෙන්න උබ බබා නෙවෙනේ...
මේ බංගලාව ගැන උබ මොනව හරි දන්නවද ? අඩුම උබට පොඩි කාලේ මුකුත්ම මතක නැද්ද ? " අරවින්ද් ඇහුවේ මියුන් නිශ්ශබ්ද වෙද්දි....

" නෑ .... "  මියුන් කිව්වේ ගවීෂ් , නළල රැලි කරද්දි..  මියුන් ඒ කිව්වේ උත්තර දෙන්න අකමැත්තට මිසක් ඇත්තටම නොදන්නකමට නෙවේ කියලා ගවීෂ්ට විශ්වාසයි...

" අහ් හා ? මම දන්න විදියට උබට පොඩි කාලේ දේවල් ගොඩක් මතක නැනේ ? ආයේ මතක් කරපන්...."

" ඉස්සෙල්ලාම !! දැන් මේක කී දෙනෙක් අහන් ඉන්නවා කියලද හිතන්නේ ? " මියුන් අරවින්ද්ගෙන් නෝන්ඩියට ඇහුවේ මෙච්චර වෙලා කතාව අහන් ඉදිය ගවීෂ්නුයි, තරංග යථාතත්වයට අරන් රබර් කන දාගෙන ඉදපු ඩියෝනුයි දෙන්නම මුකුත් නොදන්න අහිංසකයො දෙන්නා ගානට ආපස්සට හැරෙද්දි....

" අහ් චීත්තකාරයො ටික !! අහන්ද ඉන්නේ උබලා ?  . " අරවින්ද් කෑගහලා ඇහුවේ ගවීෂ් , ඩියෝන් , වෙන එකක් තියා ඩියෝන්ගෙන් විස්තරේ ලයිව් අහගත්ත ට්වින් ඩබලත් බබාල ටික වගේ ඒ පැත්තට හැරෙද්දි..... අහන් ඉන්න ? පිත්තුද අනේ... ඒමත් වැඩ කරනවාද ? හැමෝගෙම මූණුවල තියෙන්නෙ ආන් ඒ ජාතියේ අහිංසක ගතියක්.... අරවින්ද්ට හරියට උත්තරයක් නොදීම , මියුන් සාක්කුවට අත් දාගෙන අනිත් පැත්තට හැරුනේ එයාගෙ සාක්කුවෙන් ෆෝන් එක ඇදලා අරගෙන.... ඌ සද්ද නැතුවම ටොච් එක ඕන් කරගෙන රාක්කවලට ඇල්ලුවේ කල්පනාවෙන්.....

" ගවීෂ් ... එහෙනම් අද රැ ඉන්නවද ? "

" හා මරු...!! " ගවීෂ් උත්තර දෙන්න කලින් අරවින්ද්ට උත්තරය ලැබුනේ තනෝශ්ගෙන්...

" පැහෙන්නැතුව හොයමු.. පොත් අස්සේ තියෙන කොළ කෑලි... මීට කලින් දැකල නැති පොත්... සේරම මැදට වෙන් කරන්න..." අරවින්ද් කිව්වේ මියුනුත් තඩි පොත් ගොඩක් උස්සන් වාඩිවෙද්දි... දැන් නම් ෆෝන් ටෝච්වල එළියෙන් සෑහෙන තරම් දුරකට කාමරේ එළිය වෙලා.... ඉතිරි පස් දෙනාම තැන් පහක පොත් ගොඩවල් ගහගෙන පෙරලද්දි අරවින්ද් , කලා බඩු රැක් අස්සේ චෙක් කරන වැඩේ බාරගත්තේ සෑහෙන උනන්දුවෙන්...  මෙච්චර පරණ බංගලාවක රහස් කුටියක් නෑ කියලා හිතන්න බැරි නිසාම කොල්ලා බිත්තිවල ලෑලිවලටත් තට්ටු කරන්න අමතක කලේ නැ... ඇරත් පුස්තකාලයකට කවුළු නොතියම උනත් හුළං එන්න තියලා තියෙන හිදැස් හොයාගන්නකන්ම අරවින්ද්ගේ හිතේ තිබ්බේ සැකයක්...

අනිත් අතට භාතිය ආශාක්‍යසිංහ මෙ විදියට පණිවිඩ තිබ්බේ කොහොමටවත් එයාටවත් අරවින්ද්ටවත් , නැත්තන් වෙන කිසිම කෙනෙකිට හොයාගන්න පුළුවන් විදියට නෙවේ කියලා ගවීෂ් හොදටම දන්නවා.... එයා අනිවාරෙන් මේ පණිවිඩ තියන්න ඇත්තෙත් දවසක මියුන් ගැන එයාටම හොයාගන්න පුළුවන් වෙන්න.... කෝමටත් , මේ දේවල් ගැන එයා මෙහෙම හෝඩුවාවක් තියන්න හිතුවේ ලොකු අම්මා නැති උනාම වෙන්න ඕනේ.... ඒ කියන්නේ අරවින්ද්ලා කියන විදියට එයා මියුන්ව අතින් බිම තියන්නවත් අකමැති උන කාලේ ... ඉතින් එයා මේ හැම දෙයක්ම තියන්න එන්න ඇත්තේ මියුන්ව වඩාගෙන !!  ඉතින් එයාට අනිවාරෙන්ම මේ ගැන පොඩි දෙයක් හරි මතක තියෙන්නම ඕනේ..... එතකොට මියුන් කලින් උත්තර දෙන එක මගඇරියා තමයි... ඉදපන් අල්ලගන්න හොරගෙඩියව.... ඒත් ඇයි භාතිය ආශාක්‍යසිංහ එක පාරට මේ දේවල් ගැන සලකුණු තියලා යන්න හිතුවේ ? ඒම බැලුවම සධාර්න ආශාක්‍යසිංහ විතරක් නෙවේ භාතිය ආශාක්‍යසිංහත් ඉදලා තියෙන්නේ මරණය බලාපොරොත්තුවෙන්ද ?

"ගවිෂ් අය්යේ ! " ගවීෂ් ඒ ගැන අහන්න කට අරින්න කලින් ඩියෝන් කලබලෙන් කැගැහුවේ , එයාගේ අතේ තිබ්බ ලොකු පොත උස්සන්ම පොත් ගොඩ උඩින් මැද මේසේට පනින ගමන්... බුදු අම්මේ උට තියෙන හදිසියක්....

" අපි හරි මෝඩයි !! " ඩියෝන් කිව්වේ එයාගේ අතේ තිබ්බ ලොකු පොත මේසේ උඩ තියල.... මෝඩයි කියලා දන්නේ අද ඊයේකද ඉතින් ?

ඩියෝන් හොයාගෙන තිබ්බේ මේ ලයිබ්‍රියේ පොත්වල නම් තිබ්බ එන්ට්‍රිය..... තඩිම තඩි ලොග් බුක් එකක්... මේක තියෙන්න ඇත්තේ ලයිබ්‍රිය පටන් ගන්න තැනම මේසේ උඩ... ඉතින් ?? ඩියෝන් කලබලෙන් එකේ මේ වෙනකොට ලියලා තිබ්බ අන්තිම පිටුවට හැරෙව්වේ එකේ අන්තිම තැන තියලා තිබ්බ බොද වුන කටු පෑන් සටහන උඩින් ඇගිල්ල තියලා....

අදාළ අවුරුද්ද යටතේ , 08. 20 ඩේට් එක දාලා තිබ්බ පොතේ අවසානම රෙකෝඩ් එකේ අන්තිමට තිබ්බ අත්සන ඩියෝන් , මියුන් දිහාවට හැරෙව්වේ කලබලෙන්.... අටයි විස්ස... ගවීෂ්ගේ මතකේ හරි නම් ඒ භාතිය ආශාක්‍යසිංහ නැති වෙන්න දවස් දෙකකට උඩදි.... අත්සන දිහා දෙපාරක් බලන්නවත් මහන්සි නොවුන මියුන් තොල් තද කරගෙන ඔළුව වැනුවේ අරවින්ද් ඉක්මනින්ම පහත් වෙලා අනිත් විස්තර ටික කියවද්දි....

" අඩෝ උබටත් යමක් කමක් පුළුවන් නේ... " ගවීෂ් ගැම්මට කිව්වේ මේක හොයාගත්ත එකට ආඩම්බරෙන් පපුව පුම්බන් ඉන්න ඩියෝන්ට.... ඌ තමා දවසකට හරි මිනිහා....

" TUV - GHIPQRS  "

පොතේ නම වෙනුවට කෝඩ් එකක් දාලා තිබ්බ අංකේ කියවපු අරවින්ද් නළල රැලි කලේ කට්ටියව සම්පූර්ණයෙන්  සයිලන්ට් කරගෙන...

" මොන #ට්ටක්ද ඒ ? " සනෝශ්ගේ කටින් පැන්නේ ඩියෝනුත් පොත දමලා ගහද්දි...... කට්ටියගෙම මූණුවල ආයෙමත් බලාපොරොත්තු කඩවීමක්.... ඒ මොන කුණුහර්පයක්ද කියලා හොයන්නේ කෝමද දැන් ? ඇත්තමයි කියන්නේ මාමණ්ඩියාව මූණට හම්බුනොත් වෙනම ඇරියස් එකක් තියෙනව කවර් කරගන්න මේවගේ තුන් තේරවිලි තියලා යනවට... !!

ඒත් තත්පර ගානක් නිශ්ශබ්දතාවෙන්ම ගෙවෙන්න ඉඩ හැරපු මියුන් කිසිම කලබලයක් නැතුව ටෝච් එක අරන් රැක්වල උඩ හරියට ඇල්ලුවේ හැමෝගෙම ඇස් ඒ එළිය ෆලෝ කරද්දි.... මුලින්ම මියුන්ගේ ෆෝන් ටොච් එක එළිය කලේ මොකක්ද කියලා තේරුම් ගන්නම අනිත් අයට සැහෙන වෙලාවක් ගියා...... විසි පහ , විසි හය .....විසි හත විදියට එයාලා ඉදපු පැත්තේ හැම රැක් එකකම ගහලා තිබ්බ අංක දිහා බලපු මියුන්ගෙ කට අයිනෙන් හිනාවක් ඇදුනේ තත්පරේක පරක්කුවට....

"  අට වෙනි රාක්කේ , හතළිස් හත්වෙනි පොත....  " මියුන් ඉක්මනින්ම කිව්වේ අනිත් උන් සේරම ඒත් ඌ දිහා බලන් ඉද්දි...

" ඔළුව හොද නැද්ද තොගේ ? මේ ඉංග්ලිශ්නේ මෝඩ පැටියෝ..... " ගවීෂ් කිව්වේ මියුන්ට අමුකැවිලද හිතාගන්න බැරුව......

" ඒකනෙ ...... " අරවින්ද් ,  ඩියෝන් දෙන්නම කිව්වේ තනෝශ් ඒ පැත්තට මේ පැත්තට ඔළුව හරවද්දි.... මියුන් එක අතක් සාක්කුවට දාගෙන තොල් තද කළේ ආයෙම සුපුරුදු " මෝඩයොත් එක්ක තර්ක කරලා වැඩක් නෑ " ලුක් එක ගවීෂ්‍ටයි අරවින්ද් දිහාටයි දීලා.....

" මොකක්ද ඩික්‍රිප්ට් කෝඩ් එක මියුන් අය්යේ ? ඇල්ෆබට් එන්ක්‍රිප්ට් කෝඩ් එක නම් වෙන නම්බර්ස් වගයක්නේ එන්නේ.... " සනෝශ් ඒ කිව්වේ පැටලිලි සහගත ගතියකින්.... ඒ මොනවද ඩික්‍රිප්ට් ? කන දෙයක්ද ?

" සෙල් ෆෝන් ඩයල් පෑඩ් එක.... "  මියුන් කෙටියෙන් උත්තර දුන්නේ සනෝශ් එයාට ඒක කලින් කල්පනා නොවුන ගානට විසිල් එකක් ගහද්දි.... .

" සිරාවට ඔව්නේ.... ඒ කාලේ තිබ්බේ සෙල් ෆෝන්ස්නේ... TUV ඩික්‍රිප්ට් කළාම අට... GHIPQRS කියන්නේ හතළිස් හත.... " සනෝශ් පැහැදිලි කළේ කන්ෆියුස් මට්ටමේ උපරිම ඉන්න , උරුමයන් දෙකයි , ඩියෝනුයි , තනෝශ්නුයි මූණට මූණ බලාගනිද්දි....

"උබට හෙන මෝඩයි වගේ දැනෙනව බං ?"  ගවීෂ් ඇහුවෙ අරවින්ද් වේගෙන් ඔළුව වනද්දි...

"  කමක් නෑ මාවත් ඔය ගොඩට දාගන්න..." ඩියෝන් කිව්වේ මුන්  නම් මහ භයානක යක්කු ගානට , සනෝශ් දිහායි ඒ වෙනකොටත් රැක්ස්වල නම්බර්ස්වලට ටෝච් එළිය අල්ලන මියුන් දිහායිත් බලලා....

" හෙහෙ.. මටත් ඕව නැ තේරෙන්නේ .. ඒත් ලොකු බූරුව කියනවා නම් ඒක හරි ....හෙම්ක්..." තනෝශ් කිව්වෙ ඌ මෙතන කියන්න දන්න එකම දේ..... තවත් කාලේ නාස්ති නොකරපු අරවින්ද් ගවීෂ් දෙන්නත් ඉක්මනින් අනිත් පැත්තේ රැක්ස් චෙක් කරන්න හැරුනේ ඊළග විනාඩියේදි ඩබලගෙම ඉහමොළ රත් වෙද්දි....

" අය්යො ශෙට් !! ඩෑම්න් !! " ගවීෂ් මිමිණුවේ අත් දෙකින්ම ඔළුව බදාගෙන..... අරවින්ද් එතනම බිම ඇණ තියාගත්තේ කකුල් පණ නැති ගතියට....
ආපු වෙලේ ඉදන් ඔහෙ ඇදලා දලා තිබ්බ පොත් ගොඩවල් එක්ක කොහෙන්ද අටවෙනි රාක්කේ හතළිස් හත්වෙනි පොත හොයන්නේ !!!! එහා පැත්තේ තිබ්බ අටවෙනි රාක්කේත් සම්පුර්ණයෙන්ම බිම !!

" මොන කාළකණ්ණිකමක්ද මේ ? $&#-&#-# !!  " ඩියෝන් මිමිණුවේ , කරගෙන තියෙන දේ තේරුන අනිත් උන් දෙන්නත් මීයට පිම්බා වගේ නිශ්ශබ්ද වෙද්දි..... දැන් මොකක්ද කරන්නේ කියන්නකො..... මෙච්චර ලේසියෙන් හොයාගන්න තිබ්බ එක !!!!

" ඔය පිළිවෙලක් නැතිකම නිසා කොයි වෙලේ හරි නාගන්න බව මම කලින්ම කියලායි තිබ්බේ !! " එයාගේ එහා පැත්තේ ඉදපු මියුන් මිමිණුව සැර හින්ට් එක එල්ලවුනේ එයාට කියලා ගවීෂ් දන්නවා.... ඒ ඇදුම් අල්මාරිය ඇදපු ඇරියස් එක වෙන්න බැරිද ? ඒත් ශෙට් !! පොත් සාගරේ වගෙ !! දැන් සබන් කැටයක් විතරයි ඕනෙ නාන්න..

" මට සැර කරන්නේ ???? යකො මම නෙවේ ඇද්දේ !! මූ !! "  ගවීෂ් මූණ නරක් කරන් කිව්වේ අරවින්ද්ව පාවා දීලා....

" හැමිනියන් !!"

" #&#&#- !!  " කීවෙනි පාරටද මන්ද අරවින්ද් ගවීෂ් ආයේ ඇවිලිලා ගියා...

" පලයන් &#& !! දැන් අවුස්සලා හරි හොයාගමු ඉතින්..... " අරවින්ද් කිව්වේ ගවීෂ්වත් ආයේ අතින් අල්ලලා නැගිටලා....

" දැන්වත් බලලා ඉවර වෙන පොත් , ආයෙම එක ගොඩකට ගහන්න.. " එහෙන් පොඩි එකා සනෝශ්ගෙන් දාර්ශනික උපදෙස් ලැබෙනවා....

" උබලට බඩගිනි නේද ? චීස් කොත්තුවක් තිබ්බ නම් මරු නේද ? " ගවීෂ් හිටි හැටියේ ඇහුවේ කට්ටියම පොත් ගොඩවල් පැත්තට කරගෙන වාඩි වෙන එක පැත්තකින් තියලා ගවීෂ් දිහාවට මිනීමරු දාමරික බැල්මක් දීලා....

" ට්‍රැක්ද මිනිහෝ මේ කෑම මතක් කරන්නේ ? "

"ඕක ඉක්මනට හොයාගත්තොත් අද මායි අරවින්ද්කාරයයි ගානෙ කොත්තු නයිටක්.... ඉක්මන් කරපන්... " ගවීෂ් කිව්වේ කට්ටියම වැඩේට ඇදලා දාන්න... අපරාදේ කියන්න බෑ කොත්තු නයිට ගැන මෙන්ශන් වුනා විතරයි ඩියෝන්ට ආවේ ෆ්ලෑශ් ලෙප්ට් වෙන තරමේ ස්පීඩ් එකක්......  වෙන එකක් තියා මෙච්චර වෙලා සනෝශ්ගේ ඇගේ ඇලි ඇලි අයිස් ගහපු තනෝශ් පවා පොත් අවුස්සන්න ගත්තේ සැහෙන උනන්දුවෙන්.....

ඇත්තටම , අරවින්ද්නුයි එයයි තනියම පණ්ඩිතකමට මේක කරන්න ගියා නම් උන් දෙන්නා මේක ජිවිතේට හොයාගන්නේ නැති විත්තිය ගවීෂ් දන්නවා..... කොල්ලෝ ටික ගත්තම උන්ගේ හැකියාවන් එක එක්කෙනාට වෙනස්... ඒක විශේෂ හැකියාවක් වෙන්නම ඕනෙ නැ , මුළු ශක්තියම ඇග ඇතුළේ හිර කරලා තියෙද්දි පවා මියුන්ගෙන් පවා එන්නේ වෙනම විදියේ සපෝට් එකක්නේ.... අඩෝ ඒක නෙවේ වෙලාවක හොයාගන්න ඕනෙ  මොකක්ද මේ එන්ක්‍රිප්ට් ඩ්‍රික්‍රිප්ට් කියලා...

හරි !!

හිතුවාට වඩා ඉක්මනින්ම එයාගේ අතේ නැවතුන පොතේ උඩම ගහලා තිබ්බ කෝඩ් එක ගවීෂ් ආයේ කියෙව්වේ සැහෙන උනන්දුවෙන්..... අඩෝඕඕඕඕඔ හරි.... අටේ හතළිස් හත.... මේක තමා භාණ්ඩේ....... පපර පප්ප පා..... වාසනාව කවදත් මගේ අතේ බ්‍රෝඕ.......  මෝඩකමට කැගහන්න කලින්  , කොල්ලා කිසිම සද්දයක් බද්දයක් නැතුව පොත පෙරළුවේ එකේ ඉස්සරම තිබ්බ අමුතු සලකුණ උඩින් අත තියලා... කලිනුත් මේ පොත උට අහුවුනා වගේ ගවීෂ්ට මතකයි... නමක්වත් නැති නිසා මිනිහා මේක පැත්තකින් තිබ්බේ අදාළ නැතිම එකක් කියලා... පොතේ මුල් පිටු කිහිපය පෙරලන පරක්කුවට ගවීෂ්ගේ ඇස් ලොකු උනේ ඒ පොත මොකකද කියලා එයාට හරියටම තේරුම් යද්දි....

ඩැම්න් !!! මේ ඒක..... අවුරුදු විස්සකට කලින් භාතිය ආශාක්‍යසිංහට හොයාගන්න බැරි උනා කියලා ලියුම්වල තිබ්බ තහනම් කුටියේ පොත !!! ළගක් වෙනකන් ඒක අතුරුදහන් බව කිසිම කෙනෙක් නොදැන ඉදපු පොත.... !! ඝර්ෂාත්මය , මායනුදය, ධාර්ගය වගේ දෙක තුනක විතරක් නම් අහලා තියෙන වේඝර්ණ - ආශාක්‍ය දරුණු රහස් හැංගුන විසිතුන නියැදි ක්‍රමවේද ,යාග , අධ්‍යාත්මික පුහුණුවීම් ගැන තිබ්බ ප්‍රබලම තහනම් පොත... !!

බැලු බැල්මට පේනවා කළු කටු සටහන් තිබ්බ පොතේ තැනින් තැනට සැලකිය යුතු පිටු ගානක් කවුරුමහරි ඉරාගෙන අයින් කරගෙන තියෙන තියෙන බව....එක තැනක නෙවේ කිහිප තැනකම ඒ විදියට පිටු අඩුයි.. ඒ කියන්නේ ඒ ඒ කොටස් තියෙන්නෙ වෙන වෙනම ? භාතිය ආශාක්‍යසිංහගේ යාදම් ගිවිසුම අස්සෙත් හංගලා තිබ්බේ මේ පොතෙන් ඉරාගත්ත පිටු කැල්ලක් කියලා ගවීෂ්ට විශ්වාසයි.. ඒ කියන්නේ බර්ඩ්‍රොමිඩා කෙනෙක් ගැන හැම විස්තරයක්ම පවා මේකෙ ඇති... ඉන්න !!! යාදම් ගිවිසුමේ විසි තුන් වෙන වාක්‍යය..... ඒ කියන්නේ විසිතුන් වෙන නියැදි ක්‍රමවේද කියලා අහලා තියෙන ප්‍රබල රහස් බර්ඩොමිඩා කෙනෙක් සම්බන්ධ දේවල්ද ?

ගවීෂ්ගේ ඇස් නොඉවසිල්ලෙන් ලොකු උනේ , ඊළග තත්පරේ පොත උඩට වැටුන අමතර එළිය එයාව තිගස්සද්දි.... ඒ එළිය හරහා ඇස් ගෙනියපු ගවීෂ් , රතු පාට ෆෝන් කවර් එකේ අයිතිකාරයව අදුරගත්තේ මියුන් ඉක්මනින්ම ලයිට් එක ඕෆ් කරලා , එයාගෙම ඉස්සරහ බිමින් ඇණ තියාගනිද්දි..... අඩ අදුරේ මියුන්ගේ කළු ඇස් පොත දිහාවට එල්ල වෙද්දි ගවීෂ් පොත ඉක්මනින්ම ආයේ වැහුවා...... මියුන් ඒ ඒ බලන් ඉන්නේ ගවීෂ් පොත අරිනකන් කියලා ගවීෂ්ට හොදටම තේරෙනවා....

* ඇයි ? *  කතා කරලා අනිත් අයගේ අවධානේ කඩන්න අකමැතිකමට මියුන් ඇස් දෙකෙන් ඇහුවේ ගවීෂ් ආයෙම වතාවක් මියුන්ට බලන්න නොදී පොත අත් අස්සේ තද කරගනිද්දි...... ඒත් .....

මේ පොතේ තියෙන්නේ වංශ දෙකේම රහස්.... බර්ඩ්‍රොමිඩා කෙනෙක් ගැන රහස්.....ඉතින් මේ පොත වේඝර්ණ කෙනෙක්ටවත් ආශාක්‍යසිංහ කෙනෙක්ටවත් තනියම අයිති වෙන්න බෑ... ඒත් පොත බලන්න ඉල්ලන කෙනා ඇත්තටම වංශ දෙකේම පුරුකක් වෙද්දි උබට බෑ කොහොමටවත් ඌව නවත්තන්න ගවීෂ් .....

* බලන්න එපාද ? * මියුන්ගේ ඇස්වල තිබ්බේ ඒ නිශ්චිත නැති බැල්ම.... ගවීෂ් කමක් නෑ කියන්න ඔළුව වනලා පොත හිමින් මියුන් දිහාවට තල්ලු කළේ කිසිම වචනයක්වත් පිට නොකර.... තත්පර ගානක නිශ්ශබ්දතාවයක්.... ගවිෂ්ගේ හැසිරීමෙන්ම මේ එයාලා හොයන පොත බව මියුන්ට පැහැදිලියි...... ඒත් , ඒක තමන්‍ට කියවන්න දෙන්න ගවීෂ්ගේ ඇස්වල පැකිලීම මියුන්ට ඊටත් වඩා පැහැදිලියි.... පොත දිග අරින එක එහෙමම පැත්තකින් තියපු මියුන් ගවීෂ්ගේ අතින් අල්ලන් සන්සුන් එයාව කළේ කොල්ලගේ අත් දෙකටම පොත ආයෙම බාර දීලා.... එහෙමම ගවීෂ්ගේ ඔළුවත් අතින් අවුස්සලා මියුන් නැගිට්ටේ අත් දෙකම සාක්කුවේ ඔබාගෙන......

" ඒක හම්බුනා..... " මියුන් නිශ්ශබ්දතාවේ බින්දේ සම්පූර්ණ කාමරේම අවධානේ එයා දිහාවට යොමු වෙද්දි.....

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

.
.
.
.
.

.
- මතු සම්බන්ධයි -

#සෙන්චරිය !!!! 🤭 ✨️💚 අහිංසක දරුවට ඉමෝජියක්වත් දාන් යන්න සීය වෙනකන් ආවට...🌱🤍

කොහෙන්ද මන්ද  උස්සගත්තා 😂🫢

හිතුව තරං රෑ වුනේ නැද කොහේ .. යේක තමා කියන්නේ , ලස්සන instructor කෙනෙක් ඉදියම එසේ ලියද්දි නැති ස්පීඩ් එකක් මතුවෙනො.... 😁🤭

Continue Reading

You'll Also Like

1.5M 99.2K 157
喽嗋动喽秽窔 喽氞窉喽亨侗 喽窓喽 喾喽犩侗喾權侗喾娻陡 喽氞窉喽亨侗喾娻侗 喽曕侗 喽编窇 喽编窔 ? -喽嗋痘喽班穵鈥嵿逗 喾佮窓喾勦窂喽编穵- 喽掄董喾 喽嗋动喽秽窔 喽窅喽编窓喽编穵喽 喽窓喽编穵喽 喽脆窋喽...
51.2K 9.1K 33
" 喽氞穩喾斷痘喾 喽窉喾勦窂喽 喽膏窉喽编穵 喾冟窓喽编穵喽脆董喾掄董喾斷陡喾 喽斷稜喾娻稜喽 喽嬥侗喽编穵喽窋喾喾權侗喾 喽多督喽编穵 喽夃侗喾娻侗喾.." 喽斷穬喾 喽嬥逗喽编窔 喽氞窚喽编窔 喽窉喽亨窓喽 喾冟稓喾斷痘喾 喽溹穭喽 喽脆窉喽 喽窉喽亨窂喽溹窓喽 喽夃动喽溹窓喽 喽夃侗喾娻侗 喽膏窉喽编穵 喾冟窓喽编穵喽脆董喾掄董喾斷陡喾 喽戉稓喽脆窂喽 喽溹穭 喽嬥订 喽多督喾忇稖喽...
386K 47.6K 85
鉂 锕 喽膏锭 喽膏窔喽 喽氞窉喽亨侗喾娻侗喽氞窛 喽呧稖喾娾嵿痘..喽多窉喽亨窋喽о窉 喽囙侗喾娻订喾 喽 喽多窊喾冟穵喽о穵 喽戉稓喾 喽氞窋喽膏窂喽秽逗喾 喾佮窂喽脆逗喽氞穵 喽编窉喾冟窂 喽戉稜喾娻稜喽 喽氞窅喽 喽秽窂喽氞穵鈥嵿穫喽亨窓喽氞穵 喾喾斷侗喾 喽编窅喽穵喽陡喾 喽多窓喽洁穵 喾喽溹窔 喽窋喽脆穵喽脆董喾 喽氞窓喽洁穵喽洁窓喽氞穵 喽窉喾勦窂 喽呧订喾斷陡 喽痘喽膏窓 喽...
289K 23.7K 64
"One fought for the nation on the field, the other in the halls of power. But in each other, they found a home, a refuge, and a forever love. 馃弿鉂わ笍'' ...