බන්ෂ් එකෙ බටහිර අහසට බර වෙලා තිබුන තද ඉර එළිය , දැන් නම් සම්පූර්ණයෙන්ම වගේ මැකිලා ගිහින්..... ඉතින් මේ වෙනකොටත් ඇතුළු මළුවේ සීමාවෙ ඉදපු මියුන්ට ප්‍රතිචාර විදියට අහස පුරාවට තිබුනේ අමුතුම වළාකුළු අදුරක්.... වළාකුළු අදුරටත් වඩා වේගයෙන් ඇගේ වැදෙන හුළං කුණාටුව මේචුයුරි ගහේ බෝතල් එකිනෙක මහ හඩින් වද්දනවා.... ඒ බෝතල් කිහිපයක් කුඩුවෙලා බිම නොවැටුනාම නෙවේ..... ඒක එක්තරා විදියක මූසල රාතියක ආරම්භක වෙඩිල්ලක් වගේ !!!...
ඇරත්, කොහෙත්ම සන්සුන් නැති මළුවෙන් දිගින් දිගටම අනියම් මිමිණීම් නැගුනේ , ශුද්ධ බර්ඩ්‍රේන්වරුන්ගෙන් සහ, ඩ්‍රොමිඩාවරුගෙන්.... පොදු නීති රීතිවලට අනුකූලව සාමාන්‍ය යොරෙල්ස්ලට බන්ෂ් එකට ඇතුළු වීම තහනම් උනත් , දැනටම අතරින් පතර එයාලත් නොහියාම නෙවේ... ඒත් එතන ශුද්ධ වංශයේ අය ඉදියේ බොහොම අතළොස්සක්... සමහර විට ඇතැමෙක් ජීවිතය රැකගන්න උවමනාවෙන් හැංගිලා... නැත්තන් තුවාල ලබල..... සමහර විට හිටිහැටියෙම ඇතුළේ මතුවුන කලබලකාරී වාතාවරණය නිසා එහෙම හැංගෙන එකෙත් වැරැද්දක් නැහැ....
වසර හත්දාහක් පුරාවට පූජනීය එයලගේ මේචුයුරි ගහේත්, ජගුවර් කොතෙත් ඇතුළ් මළුව අභියෙස තිබුනේ සෑහෙන තරමක් උසට ගොඩ ගහපු පස් කන්දක්... ඉතින් , සවින්ද වේඝර්ණාරච්චිගේ යොරෙල්ස්ලා විසින් හාරපු ඒ විශාල ආවාටයක පරාසය , මතුපිට මළුවත් , අභ්‍යන්තර භූ ගර්භයත් අතර ඍජු සම්බන්ධයක් හදාගෙන ඉවරයි....
කිසිම කෙනෙක්, අඩුම එතන රැස්වෙලා ඉදපු කිසිම වේඝර්ණ කෙනෙක් පවා සවින්ද වේඝර්ණාරච්චිගේ අණට පිටින් යන්න අදහසක් නොතිබුන තරම්... එතකොට ආශාක්‍යසිංහලා ? ! ප්‍රධාන ඍෂිතුමා එක්ක වාදෙක ඉන්න විමල් ආශාක්‍යසිංහත් මෙතනම ඉද්දි , එතනින් එහාට මොන විරෝධයක්ද ? ඒ සියල්ලටම වඩා, තම තමන් පොඩි කාලේ අහපු බර්ඩ්‍රොමිඩා පුරාවෘත්තයේ ඇග කිළි පොළා යන ජීවමාන සාක්ෂි දකිද්දි, කවුරු කියලා නම් අඩියක් ඉස්සරහට තියයිද ? ඉතින් යදම් දාලා මුර කරන්න සිද්ධ උනා නම් ඒ , උත්තරීතර වේඝර්ණ උරුමයත්, ආශාක්‍යසිංහ උරුමයත් විතරමයි....
එන්න එන්නම බටහිර අහසට යන ඉරෙන් පස්සට උදාවෙන අමාවක...!! ගවීෂ් අමාරුවෙන් බෙල්ල හැරෙව්වේ එයාගේ එහා පැත්තේ ඉදපු අරවින්ද් දිහාවට.... අරවින්ද්ට සිහියවත් තියෙනවද ? !! අහ් ඔව්, මිනිහා පියවි සිහියෙන්.... අරවින්ද් ඉන්නේ සමහර විට මුළු සටනම හිතින් අතඇරලා... අරවින්ද් කොච්චර කෙරුවාව කියෙව්වත්, එයා වෙලාවකට තමන් ගැනම විශ්වාසය තියන්න බය බව ගවීෂ් නොදන්නවා නෙවේ...ඔව් , නැත්තන් අරවින්ද්ගේ ධාහන්රා එක කියන්නේ ලේසියෙන් බිදෙන දෙයක් වුනේ කෝමද ? දේවල් නරක අතට හැරෙද්දි අරවින්ද් හරි බයයි වෙලාවකට තමන්ව විශ්වාස කරන්න.... ආයෙ යොවන්දිට මොනව වෙන්න ඇත්ද ? කෙල්ල තාමත් ඇත්තේ ඩන්ජන් එකෙ බිම ද ? ....
ඒ සේරම ප්‍රශ්න මැද්දෙත් තව එක භයානක ප්‍රශ්නයක් තිබ්බා.. ගර්භයේ ඇත්තටම තියෙන්නෙ මොකක්ද ? අවුරුදු හත්දාහක අතීතයක් තියෙන ඒ බලය නිදහස් උනොත් මියුන්ව පවා අභිභවා යයිද ? දැනටම ඒ බලය , මෙතන ඉන්න ඕනම පිවිතුරු බලජාන හිමි කෙනෙක්ට දැනෙනවා ඔට්ටුයි.... ඒත් ඒ බලය ගැන කුතුහලයක් හැම හිතකම නොතිබුනා කිව්වොත් ඒක අමූලික බොරුවක්..... කොහොම නමුත් මේ ශක්තියත් එක්ක , ඒක සාමාන්‍ය නොවන බව නම් ස්ථීරයි..... මියුන්ගේ බලය එක්ක ලේසියෙන්ම බල ජේදනය සිද්ධවෙන මේ පෞරාණික පූජස්ථානය ගාව මේ විදියෙ ලොකු වලක් හාරපු එක ගැන නම් ප්‍රධාන ඍෂිතුමාගේ මූණේ ඇදිලා තිබ්බේ නොරිස්සුම් සහගත බවක්.. ඒත් ඉතින් ආයෙම කියනව වගෙ කවුරු නිර්භීත වෙන්නද බර්ඩ්‍රොමිඩා කෙනෙක් අතින් මැරෙන්න ? !!
නක්ෂත්‍ර අමාවක මේ අන්තිම හිර් කිරණවල සමුදීමත් එක්ක උදා වෙද්දි අප්ලොශ් එකෙන් ඇතුළත ගොඩක් දේවල් වෙනස් වෙන්න නියමිතව තිබ්බා... තව දුරටත් යදම්වලින් හිර උන අත්වලින් ගවීෂ් බෙල්ල වටේ අල්ලලා බැලුවේ , මනුස්සයෙක්ට මැරෙන්න ඕනෙ කරන වේදනාවේ මාත්‍රාව ගැන අනුමානයක් ගන්න... ඉතින් කඩන්නේ ඝර්ෂාත්මය නම්, මේ බෙල්ල වටෙ තද වෙන්න ඕන මියුන්ගෙම අත් තමයි... ඊට වඩා කොච්චර ක්‍රම තිබුනත් , චූටි මාමා ක්ෂණික මරණයක් නම් කීයටවත් තමන් වෙනුවෙන් තෝරන්නේ නැති බව ගවීෂ් දන්නවා.... මොකද ඒ ඇස්වල ඒ තරම් හැංගුන පළිගැනීමක් ගවීෂ් කලින් කියවගත්තා !...
ගවීෂ් ආයෙ අරවින්ද් දිහා බැලුවේ එක ඇහි බැමක් උස්සලා... විශේෂයෙන් , ඒ විමල් ආශාක්‍යසිංහ අරවින්ද් දිහාවට දුන්න උදාසීන බැල්ම නිසා.... ආශාක්‍යසිංහ උරුමය ? නැ විමල් ආශාක්‍යසිංහ අරවින්ද්ට දුන්නේ එහෙමට වැදගත්කමක් ඇති බැල්මක් නෙවේ... ඒත් , අරවින්ද්ගේ ඇස්වල තිබ්බේ පවුලට පිටින් ගිය මුරණ්ඩුකාරයෙක්ගේ ඇස්වල ඇදෙන විදියේ ආඩම්බරකාරී බැල්මක්.... එයාට ඒ අඩිය ඉස්සරහට තියන්න ඕන වෙලා තිබුනේ ගොඩ කාලෙක ඉදන්....අරවින්ද් එහෙමම පහල පීඨිකාවට ඇස් යොමු කරනව ගවීෂ් බලාගෙන......
අරවින්ද් ඒ බැලුවේ, මෙවීනාගේ අම්මා දිහා බව ගවීෂ් දන්නවා.... තරමක හෝ වදවිමක් ආශාක්‍යසිංහ දෙවෙනි පරම්පරාවේන් ගවීෂ් කියවගත්තා නම් ඒ බිනාදා ආශාක්‍යසිංහ , මෙවිනාගේ අම්මාගෙන් විතරයි.... එ ඇරුනම , වේඝර්ණ වගේම ආශාක්‍යසිංහල ඉන්නේ සම්පූර්ණ යටත් තත්වෙක.... ඒ වගේම දෙවෙනි පරම්පරාවේ බහුතරය මෙතන නැහැ .... ! තුන් වෙනි පරම්පරාව ගැන තමයි අරවින්ද් වගේම ගවීෂ්ගේත් බය... දේවල් නරක අතට හැරුනොත්, ඒ පොඩි උන් කොම මේවට මූණ දෙයිද !!
ගවීෂ් මේ වෙන හැම දෙයක්ම ඉවසීමෙන් බලන් ඉදියට එයාගේ සම්පූර්ණ අවධානය එල්ල වෙලා තිවුනේ තරමක් එපිටින් ඉදපු ඉසිවර වේඝර්ණාරච්චිගෙත් විමල් ආශාක්‍යසිංහගෙත් වාදය දිහාවට.... කොටින්ම , චූටි මාමාට පවා ඒක ඇහෙන මට්ටමට සංඛ්‍යාතය වැඩි බව ගවීෂ් දන්නවා.. ඒත් චූටි මාමා තවමත් සන්සුන්ව මේචුයුරි ගහ අවට භූගර්භය එළි පෙහෙළි වෙන විදිය බලන් ඉදියේ නොවෙනස් අරමුණෙන්...කෝමටත් චූටි මාමා ඉස්සර ඉදන් අනිත් බාහිර දේවල්වලින් නවත්තන්න පුළුවන් වුන විදියේ මනුස්සයෙක් නෙවේ.... ඉසිවර වේඝර්ණාරච්චි , විමල් ආශාක්‍යසිංහ මේ ගේම් එක ඇතුළේ චුටි මාමාගේ ඉත්තො විතරක්ම බව ගවීෂ්ට විශ්වාසයි....
විමල් ආශාක්‍යසිංහටත් , ඉසිවර වේඝර්ණාරච්චිටත් මේ ගේම් එක ඇතුළේ වැඩි ආයුෂ නැති බව තේරුම් අරගෙන කට අයිනෙන් සමච්චල් හිනාවක් දීපු ගවීෂ් ආයේ ඇස් පියාගත්තේ මේචුයුරි ගහේ කොළ හෙලවෙන සද්දෙට ඇහුම්කන් දෙන්න.....අද දවසේ අන්තිම ඉර එළිය මාත්‍රාවත් හරි ලෝබකමට පෙරලා එවපු මේචුයුරි ගහේ කොළත් එක්කම වීදුරු බෝතල් හෙලවෙනකොට ඒකත් නිකන් හරියට අමුතු සංගීතයක් වගෙ... කොච්චර නොසන්සුන් කුණාටුවක් උනත්, ඒ අතරෙ යන්තමින් තෙමිලා බර උන පොළොවට වදින උදළු හඩ... නොසන්සුන් මිමිණීම්... වටේ පිටේ එළිය කරන්න මහන්සි වෙන විලක්කුවල ගින්දරවලින් එන සද්දේ පවා... ඒ හැම එකකම තිබුනේ අමුතු එකතුවක්..... එක්කො මේ දේවල් මරණාසන්න මනුස්සයෙක්ට දැනෙන විදියේ විකාරද !!!
" අර පොඩි කොල්ලා මාස්ට භාතියගේනේ..... ආශාක්‍යසිංහලා ගාව............ පුරාවෘත්තවල........සිනල්‍යා වේඝර්ණාරච්චි..... එච්චර නීතියට පිටින්-- " යොරෙස්ලාගේ මිමිණීමත් ගවීෂ්ට පැහැදිලිව ඇහෙනවා.......
" ගවීෂ් ......" අරවින්ද් ඇහෙන නෑහෙන ගානට මිමිණුවේ ගවීෂ්ගෙ අවධානේ බිදල..... බයක් නොතිබුනාම නෙවේ ඒ ඇස්වලත්.... ඒත් අරවින්ද් මේ ගවීෂ්ට කතා කලේ ඒ අවිශ්වාසය ගැන කියන්න නම් නෙවෙ.... අරවින්ද්ගේ අත වටෙට දැනටමත් වාතය කැළඹෙනවා ගවීෂ්ට පේනවා.... එයා ඒ අහන්නේ ඒක පාවිච්චි කරන්න අවස්තාවක් ගැන බව ගවීෂ් දන්නවා... අරවින්ද් දිහාත්, ආයෙම වතවක් එයාලාට වැඩි දුරක් නැති මියුන් දිහාත් බලපු ගවීෂ් , පහළ ඉදපු තමන්ගේ වංශයේ වේඝර්ණලා දිහාත් බැලුවේ ඇස් හීන් කරගෙන... නැ !, පොඩි අතපසු වීමකින් හරි චූටි මාමාගෙන් මාලේ වෙන වේඝර්ණ කෙනෙක් අතට ගියොත් හොදක් වෙයි කියලා හිතන්නේ කෝමද ? ගවීෂ්ගේ මූණේ ඇදුන පැහැදිලි අනතුරු ඇගවීම් සීමාවට අරවින්ද් සන්සුන් උනේ , වළලුකර ගාවින් බිදිලා ගිහින් තිබ්බ කකුළේ වේදනාවට නළල රැලි කරගන්න අතරේ.... තව දුරටත් එතන නිශ්ශබ්දතාවය රැකුනෙ ඒම....
" තව කොච්චර තියෙනවාද ? " සවින්ද වේඝර්ණාරච්චි සන්සුන්ව ඇහුවේ , ඒ වෙනකොටත් සෑහෙන පස් ප්‍රමාණයක් මළුවෙන් අයින් වෙලා , ගර්භය දිහවට ආවාටයක් නිර්මාණය වෙලා තිබ්බ නිසා......
" හරි මාස්ටර්.." චුටි මාමාගාවට ආපු යොරෙල් කෙනෙක් කිව්වේ , සවින්ද වේඝර්ණාරච්චි ඔළුව විතරක් වනද්දි.... මෙච්චර වෙලා ගර්භයත්, මේචුයුරි ගහේ ඇතුළ් මළුවත් අතර තිබ්බ භූ මට්ටම් බාධාව දැන් සම්පූර්ණයෙන් අයින් වෙලා ..... ඒ ආරංචිය පැත්තක ඉදපු විමල් ආශාක්‍යසිංහවත් , ඉසිවර වේඝර්ණාරච්චිවත් එතනට ගෙන්නුවේ පුදුම තරම් හදිසියකින්.... ඒ පාර්ශව තුන එකතු උනේ අරමුණු තුනකට.... එතනින් විමල් ආශාක්‍යසිංහගේ අරමුණ ඝර්ෂාත්මය බිදලා මියුන්ව ආශාක්‍යසිංහලට තියාගන්න එක.... ඉසිවර වේඝර්ණාරච්චි හදන්නේ වේඝර්ණ ප්‍රධාන පෙළ බලය අල්ලන්න.. එතකොට චූටි මාමා ? එයාගේ එකම අරමුණ ගර්භයම වෙන්න ඕන....
" ඉස්සෙල්ලා අර කොල්ලව මරලා ඉන්න..... " විමල් ආශාක්‍යසිංහ තදින් කිව්වේ සවින්ද වේඝර්ණගේ ඇස් ගවීෂ් දිහාවට එල්ල වෙද්දි..... ඒ ඇස්වල ඒක ලියවිලා තිබ්බා! හරියට කිසිම පැකිලීමක් නැතුව දෙන්න පුළුවන් අණක්.... සවින්ද වේඝර්ණාරච්චි , දෙපාරක් නොතිතම මියුන්ට සන් කළේ අරවින්ද් පළවෙනි පාරට ඒ දේ සිද්ධ උන ඉක්මන නිසා ගැස්සිලා යද්දි....ගවීෂ් ඒක බලාපොරොත්තුවෙන් ඇස් තත්පරයකට පියාගත්තේ තෙහෙට්ටු ගතියකින්... මියුන්ගේ අඩි සද්දේ මළුවේ වැදිලා එයා දිහාවට ළං වෙනවා ගවීෂ්ට දැනෙනවා... කවදහරි නොදකින්න ප්‍රාර්ථනා කරපු , දකින්න බයම උන අවස්ථාව දිහා අරවින්ද් බලාගෙන ඉදියේ කොහෙත්ම හොද හැගීමකින් නෙවේ..... සේරටම වඩා ගවීෂ් මොහොතකට කලින් පියාගත්ත ඇස්වලවත් කිසිම පසු බෑමක් අරවින්ද් දැක්කෙ නැහැ..!!...
" වීෂ් ..... " අරවින්ද් කතා කළේ වේලුන හඩකින්... කෝමද ගවීෂ් මැරෙන්න බය නැති උනෙ... අඩුම පොඩි බයක්වත් නැද්ද.. ඒ මියුන් !!!
" උබට කියන්න මුකුත්ම නැද්ද ? " ගවීෂ් උස් පහත් වෙන හඩකින් ඇහුවේ, අරවින්ද් සම්පූර්ණයෙන් කෙළ හිදිලා ගිය උගුරෙන් බලාගෙන ඉද්දි.... සම්පූර්ණ අමාවක කළුවරේම අඩුපාඩුව මකලා දිලිසෙන මියුන්ව අරවින්ද්ට පේනවා... බර්ඩ්‍රොමිඩා කෙනෙක්ගේ සම්පූර්ණ ශක්තිය තව ටික වෙලාවකින් ගවීෂ්ගේ ඇග හරහා යාවි !!! නෑ !! අරවින්ද් අත මිට මොළවගත්තේ සෑහෙන ආවේගෙකින්....
" ඔන්න උබ ඔය පණ්ඩිත වැඩක් කරන්න යන්නේ ... " ගවීෂ් නෝන්ඩියට කිව්වේ , අරවින්ද්ගේ අත වටේ නොසන්සුන්වුන වාතය දිහා බලලා... අරවින්ද් ඇතුළෙන් ඊට වඩා නොසන්සුන්... ඒත් මියුන් තවත් ළගට එද්දි බර්ඩ්‍රොමිඩා ඕරා එක හරහා ගිහින් අරවින්ද්ගේ සම්පූර්ණ බලයම ශුන්‍ය උනේ , මියුන් අරවින්ද් දිහාවත් බලන්නවත් කරදර නොවෙද්දි..... ඔව්,ආයෙ ආයේ අමතක වෙනවා මියුන්ගේ බලය එක්ක හැප්පෙන්න තරම් අරවින්ද් නුසුදුසු බව.....ඒත් මේ වෙලාවේ අරවින්ද්ට මියුන් ගැන තියෙන්නෙත් කළකිරුන කේන්තියක්.... සමහර විට ආවේගයක්...
" සිහියට වරෙන් මිනිහො !! " අරවින්ද් දත්මිටි කාගෙන මිමිණුවේ කිසිම බලාපොරොත්තුවකින් නම් නෙවේ !!..
මියුන් ඉන්නේ සම්පූර්ණ ධාහන්රා කර්ව් එකක් ඇතුළේ.... ඒක, බර්ඩ්‍රොමිඩා කෙනෙක්ගේ පරිපූර්ණ ශක්තියෙන් ගොඩ නැගුන ධාහන්රා එකක්... ඒ ධාහන්රා එක ටිකෙන් ටික ශක්තිමත් වෙන තරමට පරිසරයේ වෙන්නේ ඊටත් වඩා නොසන්සුන් මට්ටමේ කැළඹිම්.. !! අරවින්ද්ගේ කිසිම සම්බන්ධයක් නැතුවම වටපිටාවේ කුණාටු ගතිය එන්නම දරුණු වෙලා ඉවරයි.... ඒ බර්ඩ්‍රොමිඩා කෙනෙක් වගේ එකතු වෙන අසීමිත ජීව ශක්තියට සොබාදහම දක්වන ප්‍රතිචාරය....ඒ අසීමිත ශක්තියට අමතරව, මියුන්ගේ ඇස්වල තියෙන මාරාන්තික ගතියටදෝ මන්දා ගවීෂ් දැන් දෙපාරක් විතර තිගැස්සුන බව වින්ද් නොදැක්කම නෙවේ.... එයාටත් බයයි !! ඌත් මැරෙන්න බයයි... ඌ තනියෙන් මැරෙන්න බයයි !! අනිත් අතට අරවින්ද් බයයි තනියම ඉතිරි වෙන්න !!
මියුන්ගෙ කොළ පාට ඇස්වල තිබ්බේ මාරාන්තික බවක් විතරමයි... ඒ බැල්මේ හැටියටම මියුන් මේ සැරේ එයගේ උපරිම බලය පාවිච්චි කරාවි !!!... අරවින්ද්ගේ කේන්තියෙන් පුපුරු ගහන නිල් ඇස් මියුන්ගේ උරහිසට උඩින් එල්ල උනේ සවින්ද වේඝර්ණාරච්චිගේ රතු ඇස් දිහාවට.... ඉසිවර වේඝර්ණාරච්චිගේ නොඉවසිලිමත් වියරු හිනාව දිහාවට.....
" මාවත් මෙතනම මරපන් ඉතින් !! " අරවින්ද් දත් මිටි කාගෙන කෑගැහුවේ , හෙම්බත් ගතියෙන් ඇස් පියාගෙන ඉදපු ගවීෂ්ගේ කටින් නෝන්ඩි හිනාවක් පනිද්දි..... ටිකකට කලින් මැරෙන්න බෑ කියලා කැගැහුවා කියලත් ලාවට මතකයි.... අනිත් පැත්තට ගවීෂ්ගේ ඒ නෝන්ඩි හිනාවම ඇති අරවින්ද්ව ආයේ යක්ශාවේශ කරන්න.. මැරෙන්න ඔන්න මෙන්න තියාගෙන පිස්සෙක් වගේ හිනාත් වෙනවා !!.... #$%#* !!! අරවින්ද් ඒ ආවේගෙන්ම දෙවෙනි සැරේටත් දම්වැල්වලින් ගැට ගහලා තිබ්බ අත්දෙක ලිහාගන්න දැගලුවේ, මියුන් ගවීෂ්ගේ ළගටම අඩිය තියනව බලාගෙන.....
" තමුසේ පසුතැවෙයි........ මියු--!! " අරවින්ද් දත් තද කරන් මිමිණුවෙ ඇස් නිලංකාර වෙන එළිය එක්ක මියුන්ගෙ අසීමිත ශක්තියට ඇස් දෙක පියාගෙන....!!!! ඒ බලයත් එක්ක සේරම නිශ්ශබ්දයි...... හැමදේම...... ඊළග තත්පර කිහිපය අරවින්ද් තව තවත් ඇස් තද කරලා පියාගෙන අත මිට මොළව ගත්තේ ඇග පුරා තියෙන අසමාන්‍ය ගැස්ම පාලනය කරගන්න... ඒ මරණ බය නෙවේ !!! තනියම ජිවත් වෙන්න තියන බය..... නහය හරහා දැනෙන දැවිල්ලයි, උරහිස් පපුව බර කරන් ගිය හැගීමට එයා ලෑස්ති වෙලා ඉදියේ නෑ !!!! ඒත් ගවීෂ් ------ අරවින්ද් හිතුවට වඩා ඉක්මනින් නිශ්ශබ්දතාවේ බිදපු ගවීෂ්ගේ නෝන්ඩි හිනාව අරවින්ද්ව අමුතු ආගාධෙන් එළියට ඇදලා ගත්තේ ඇග පුරා දුවපු අමුතු හයිප් එකකින් අරවින්ද් ඔළුව උස්සද්දි....
" මොකො බං ඔය ??? ." ගවීෂ් ආයේ අරවින්ද්ගේ මූණටම හය්යෙන් හිනා උනේ , අරවින්ද්ගේ මූණම කේන්තියෙන් පිරිලා යද්දි..... මියුන් එතනමයි, කොල්ලාගේ ධාහන්රා එක ඩිඇක්ටිවේට් වෙලා, ඒත් ඒ හැගීමක් නැති කොළ පාට ඇස් තාමත් කේන්තියෙන් නැවතිලා තිබ්බේ අරවින්ද් එක්ක හිනා වෙන ගවීෂ් දිහාවට... මියුන්ගේ පපුවට , දම්වැල්වලින් අගුළු දාපු අත් දෙක තියාගෙනම ගවීෂ් අරවින්ද්ට දෙවෙනි සැරේටත් නෝන්ඩි හිනාවක් දුන්නේ, සවින්ද වේඝර්ණාරච්චි , ඉසිවර වේඝර්ණාරච්චි වගේම විමල් ආශාක්‍යසිංහ පවා කම්පනයෙන් බලාගෙන ඉද්දි.... එච්චර ළගටම ඇවිත් මියුන් නැවතුනේ ඇයි ??? !!!! කාගේ කීමටද !!....
" මරපන් !! " චූටි මාමා ආයේ අණ කළේ , මියුන්ගේ අත ධාහන්රා එක ඇක්ටිව් කරන්න මහන්සි නොවීම ගවීෂ්ගේ බෙල්ලට තද වෙද්දි.... ඒත් මියුන්ට වැඩි දුරට බෙල්ල තද කරන්න කලින් අත එහාට ගන්න සිද්ධ උනේ සෑහෙන දුර්වල විදියට... මියුන්ගේ නළල තමන් ගැනම ප්‍රශ්නාර්ථයකින් ඇකිලිලා...
" මරපන් !!! " සවින්ද වේඝර්ණාරච්චිගෙ ඊළග අණ කිරීමත් එක්ක ආයේම ක්‍රියාත්මක උනත් මියුන් , එක අතක් මිට මොළව ගෙන නැවතුනේ වෙන්නේ මොකක්ද කියලා විශ්වසයක් නැති හැමෝම කම්පනයෙන් බලන් ඉද්දි... සුරයට පිටින් බර්ඩ්‍රොමිඩා කෙනෙක්ගේ හැසිරීම බලාපොරොත්තු නොවුන හැමෝම ඉන්නේ ඊළගට වෙන දේ හිතාගන්න බැරුව.. ඝර්ෂාත්මය හරවන්න නම් නම් ගවීෂ්ව මේ වෙලාවේ මරන එක අනිවාර්‍යයි.... නක්ෂත්‍ර අමාවක කියන්නේ ආයෙමත් ලේසියෙන් උදා වෙන දවසක් නෙවේ.... මියුන් තවමත් ඉන්නේ සම්පූර්ණයෙන්ම සවින්ද වේඝර්ණාරච්චි යටතේ ... ඒත් ගවීෂ්ව මරන්න කිහිපවිටක්ම ලැබුන අණට අවනත නොවී මියුන් නළල රැලි කලේ ඒ සැරේ සවින්ද වේඝර්ණාරච්චිගේ රතු පාට සිහින් ඇස් ගවීෂ් දිහාවට එල්ල වෙද්දි....
" අවුරුදු විස්සක ප්ලැන් එකේ කොහෙද වැරදුනේ කියලා නේද බලන්නේ චූටි මාමේ ?" ගවීෂ් ඇහුවේ සවින්ද වේඝර්ණාරච්චිගේ ක්ෂණික ඕඩර් එකට මියුන් කේන්තියෙන්ම ගවීෂ්ගෙන් එහාට වෙද්දි..... ගවීෂ්ගේ ඇස්වල තිබ්බ හිතුවක්කාරකම තව දුරටත් අවතක්සේරු කරන්න සවින්ද ලෑස්ති නෑ...... ඒක අවුරුදු විසි එකක කොල්ලෙක්ගෙන් දකින්න පුළුවන් විදියේ භයානක කඩාකප්පල්කාරි දඩබ්බර ගතියක්.....
" අහෙම්.... මම මේ ලයින් එක කියන්න සෑහෙන කාලයක් බලන් ඉදියා .... ලියල තියාගනින්..... " ගවීෂ් උගුර පෑදුවේ අරවින්ද් කුණුහර්පයක් මුමුණනවා අහගෙන.... අරවින්ද් තාමත් ඉන්නෙ කම්පනයෙන්!!...
" නියපොත්තෙන් කඩන්න පුළුවන් පොඩි දේවල්, අපි පොරවෙන් කඩන්නෑ චූටි මාමේ...." ගවීෂ් කිව්වේ තත්පර ගානක පරක්කුවට හීනි උන සවින්ද වේඝර්ණාරච්චිගේ ඇස් මියුන් දිහාවට එල්ල වෙද්දි.... නියපොත්තෙන් ??? ඔව් , චූටි මාමා ඒක තේරුම් ගන්නම ඕන.... මියුන්ගේ ඉරිලා ගිහින් තිබ්බ ෂර්ට් එක මැද්දෙන් , ගවීෂ්ගේ නියපොතුවලින් ඇදල තිබ්බ වේඝර්ණ සලකුණට චූටි මාමගේ ඇස්වල ඇදුනේ කම්පනයක්.. ඒක කම්පනයට එහා ගිය දෙයක් උනේ, ඉසිවර වේඝර්ණාරච්චිත් මියුන්ගේ චෙස්ට් එකේ තිබ්බ වේඝර්ණ මාක් එක බලන්න ළං වෙද්දි.....
" සෝ-ල්.....ලොක් !? එත-කොට......." ඉසිවර වේඝර්ණාරච්චි මිමිණුවේ ගවීෂ් දිහාවට විශ්වාස කරගන්න බැරි බැල්මක් දීල.... වේඝර්ණ උත්තරීතර උරුමය විදියට එයාගේ සෝල් ලොක් එක මාක් කරපු මරණීය කැළැල දිහා බලපු සවින්ද වේඝර්ණාරච්චි ගවීෂ් දිහා බැලුවේ තව දුරටත් හීනි උන ඇස්වලින්.....
"අමතක උනාට සුදු මාමා මගේ රහස් රකිනවා.. " ගවීෂ් නෝන්ඩියට කිව්වේ , සවින්ද වේඝර්ණාරච්චිගේ මුණේ තිබුනේ පැහැදිලි කම්පනයක් නිසා....
" මොකක්ද ඒකේ සම්බන්ධේ ? " වේඝර්ණ උරුමය මරන්න ඒකෙන් බාධාවක් වෙන බව තේරුම් ගත්ත නිසාමදෝ , විමල් ආශාක්‍යසිංහ ඇහුවේ නොඉවසිල්ලෙන්....
" එයා , අදුරගන්නවා මාස්ට ගවීෂ්ව එයාගේ සෝල් පාට්නර් විදියට !! "
" ශහ්.. ඔයාට මොළෙත් ටිකක් තියේනේ ඉසිවර මාමේ.....අහ්... මතක හැටියට මම කලින් වෝන් කළා ඒක මගේ දෙයක් කියල.... අරවින්ද් මචං තාලෙට කියපන් මාත් එක්ක.... හව් සෑඩ් !!!! " ගවීෂ් ඇදලා පැදලා කිව්වේ , ඒ පරක්කුවටම යදම් දාල තිබ්බ එයාගේ අත් උරහිසට උඩින් උස්සන අතරේ....ගවීෂ් ඒ දුන්නේ සිග්නල් එකක් කියලා අනිත් අය තේරුම් ගන්නත් කලින්, එයාලව වට කරල ඉදපු ගාඩ්ස්ලා දෙකට බෙදුනේ ඇසිල්ලක වේගයකින්.... මුලින්ම ඉසිවර වේඝර්ණාරච්චි පිටිපස්සේ ඉදපු ප්‍රිවිරුම එයාගේ එහා පැත්තේ ඉදපු ගාඩ්ව තල්ලු කළේ පීඨිකාව උඩ ඉදපු හැමෝම කලබල කරගෙන.... ප්‍රිවිරුගේ පළවෙනි ටාගට් එක , ඉසිවර වේඝර්ණාරච්චිගේ ඉණේ තිබ්බ යදම්වල යතුරු.... යතුරු කැරැල්ල සාර්ථකව අතට ගත්ත ප්‍රිවිරු එක පිම්මෙන්ම පීඨිකාවෙන් බිමට පැන්නේ කට අයිනෙන් ඇදුන හිනාවක් එක්ක...
" ප්‍රිවිරු !! "
ඉසිවර වේඝර්ණාරච්චි සිද්ධ උන දේ හිතාගන්නත් කලින්, ගාඩ්ස්ලාගේ කළු ඇදුමෙන් එයාලා අතරෙම ඉදපු සෑහෙන පිරිසක් ගාඩ්ස්ලාටම ඇටැක් කළේ මුළු බන්ෂ් එකම කළඹගෙන... ඒ අතරින් මුලින්ම උරුමයන් දෙක ගාවට පාර පාදගත්තේ ඩියෝන්...... එයාගේ අතේ තිබ්බ යතුරු කැරැල්ල ඩියෝන්ට පාස් කරපු ප්‍රිවිරු , ඩියෝන්ට ඩිෆෙන්ස් එකට හිටගත්තේ එයාගේ බලජාන ඇක්ටිව් කරගෙන... ගවීෂ්ලාට ළං වෙන්න හදපු කිසිම කෙනෙක්ට ප්‍රිවිරුගෙන් නම් කෝමටවත් අනුකම්පාවක් අයිති උනේ නැහැ.... ඇරත් එතන සිද්ධ උන ක්ෂණික හුවමාරුව මොකක්ද කියන්නවත් හිතාගන්න කාලයක් ආවෙත් නැහැ...
" මදැයි විනීතකමට ගවිසය්යාව, දීග දෙන්න හැදුවා.... මුන් සේරම කරන් ඉවර වෙලා මට ගොනා පාට් දාලා තියෙන්නෙ එදා........ " ඩියෝන් ඒ නෝක්කාඩු කිව්වේ ගවීෂ්වයි, අරවින්ද්වයි යදම්වලින් නිදහස් කරගන්න අතරේ... තත්පර ගානක පරක්කුවට අත් දෙක නිදහස් උන ඇසිල්ලේම ගවීෂ්ගේ අවධානේ මුලින්ම යොමු උනේ මියුන් දිහාවට.... මියුන්ට එයාව මරන්න බෑ තමයි... ඒත් එයාව ඇරෙන්න මෙතන සේරමලා එකපාර උනත් මරන්න පුළුවන් චූටි මාමාගේ අණ තියේ නම්....
ඒත් චූටි මාමා සම්පූර්ණ වේඝර්ණ පරම්පරාවටම ඒම නොකරන බව ගවීෂ් දන්නව.... චුටි මාමාගේ වෛරය පුද්ගලානුබද්ධයි... එයා කෝමටවත්, අහක ඉන්න සේරම මරල දාලා එයාගේ ටාගට් එකට යන විදියේ කෙනෙක් නෙවෙ... අදාළ නැති දේවල් මග ඇරලා ටාගට් එකම ඒම් කරන විදියේ කෙනෙක්... මුල ඉදන්ම ඝර්ෂාත්මය හරවන එක කෝමටවත් සවින්ද වේඝර්ණාරච්චිගේ ප්‍රධාන අරමුණ නෙවෙ... එයාගේ ප්‍රධාන අරමුණ ගර්භය.... දැන් මෙතන තත්වේ මොන විදියට වෙනස් උනත් එයාගේ ප්‍රධාන අරමුණ ගර්භයේ තියෙන අසීමිත ශක්තිය බව ගවීෂ් දන්නව.... ඇරත් නක්ෂත්‍ර අමාවක කියන්නේ අතිශය දුර්ලභ උදාවීමක්..... ඉතින් මේක තමයි අන්තිම තුරුම්පුව..... කාලයත් එක්ක සවින්ද වේඝර්ණාරච්චිට වෙන තීරණයක් ඉතිරි නොකරන එක !! හිතුවාට වඩා පිරිසක් ගාඩ්ස්ලා අතරෙම ඉදලා ඇටෑක් කරපු එක සවින්ද වේඝර්ණාරච්චි කොහෙත්ම අනුමාන කරපු බවක් පේන්න නැ.... එයා පැහැදිලිව ගවීෂ් ගැන අරගෙන තිබ්බේ විශාල මට්ටමක අවතක්සේරුවක්....
හිතුව විදියටම සවින්ද වේඝර්ණාරච්චි මුලින්ම කළේ මියුන්ව පැත්තකට කරගත්ත එක... නක්ෂත්‍ර අමාවක ගෙවෙන්න කලින් ගර්භය අරින එක එයාගේ එකම අරමුණ බව පැහැදිලියි... අරවින්ද්ගේ කකුලත් එක්ක එයාගේ සම්පූර්ණ ශක්තිය දෙන්න බැරි දන්න ගවීෂ් , අරවින්ද්ව අනිත් පැත්තේ ෆයිට් එකට තියලා සවින්ද වේඝර්ණාරච්චි දිහාවට පාර පාදගත්තේ එයාව හරස් කරපු යොරෙස්ලා දෙන්නෙක්ව කිසිම අනුකම්පාවක් නැතුව එහාට තල්ලු කරල... ඒත් ඒක හිතුව තරම් ලේසි නැ... මියුන් කිසිම දෙයක් නොකළට, එතන ගවීෂ්ට බලජාන නැතුව හැප්පෙන්න බැරි තරම් යොරෙස්ලා ඉන්නවා....!! ඇරත් මියුන් නොකරන්නේ එයාව මරන එක විතරයි... වෙන ඕනෙම විදියකින් එයාව නවත්තන්න මියුන්ට පුළුවන් !!... ඉතින් මේ වෙලාවේ ගවීෂ්ගෙ එකම අරමුණ මියුන්ව එයාගේ අතට ගන්න එක විතරයි....
විමල් ආශාක්‍යසිංහ වගේම ඉසිවර වේඝර්ණාරච්චිත් පීඨිකාවෙන් ගර්භය ගාව ආවාටයට බහිනවා ගවීෂ්ගේ ඇහැ ගැටිලා ඉවරයි.. කෝමටත් මෙච්චර වෙලා තිබ්බ පොද වැස්ස දැන් ටිකෙන් ටික ගිගිරුම් මට්ටමට වැඩි වෙලා කියලා ගවීෂ්ට ඇහෙනව... එයාලවත් , මළුවත් සම්පූර්ණයෙන් හේදිලා යන ගානට වැස්ස.... !!!
ගර්භය කිට්ටුවට යන්න පුළුවන් තමන්ටම විතරක් බව ගවීෂ් දන්නව... වෙන කිසිම කෙනෙක්ගෙ ජිවිතේ ගැන වගකියන්න ගවීෂ් ලෑස්ති නෑ.... එයා ඉක්මනින්ම බන්ෂ් එක පුරාවට වටයක් ඇස් ගෙනිච්චේ විමසිල්ලෙන්... ඩියෝන් , යොවන්දි, ප්‍රිවිරු , මෙවීනා, ඩ්‍රෑන්.... හිවාන්... දන්න නොදන්න සම වයස් යොරෙස්ලා.... අහ් අර අණ්ඩ කඩාගත්ත පණ්ඩිතයත් දමාගෙන යොරෙස්ලාට නෙලන්නෙ අර... බලජාන නැතුවම යොරෙස්ලා එක්ක හැප්පිලා හෙම්බත් වෙලා ඉදපු ගවීෂ් බලාගෙන ඉදියේ අරවින්ද්ගෙ වටේට දිලිසෙන ලා නිල් කවය දිහා.. වැස්සේ මදි පාඩුවට අරවින්ද්ගේ නිල් කැට වගේ ඇස් ආවේගයක් එක්ක දිලිසෙනවා.. අත් දෙක වටේම නොසන්සුන් වුන වාතයත් එක්ක කවුරුත් අරවින්ද්ට කිට්ටු කරන්නත් නිර්භීත නොවුන තරම්... ගවීෂ් කට අයිනෙන් ලා ආඩම්බරයක් එක්ක හිනා උනේ , හති දදාම ගාඩ් යොරෙස්ලාව එහාට තල්ලු කරල...
අහ්හ්හ්හ්හ්හ්!!!! මනවිෂ !! ඒක රෙද්ද නොතිබ්බා නම් නම් අරවින්ද් අච්චර සිංගල් මෑන් ශෝ එකක් දාන්නැනෙ.... දැන් මෙතන ඉන්න කෙල්ලො ටික පිස්සු වැටෙන්නේ උට... ඌ ගුවනින් අපි පයින්.... ප්ෆ්ෆ්ට්.... එහෙම නැත්තන් මේ ගවිස් තමා වැඩ්ඩා.. නැද්ද... එක පාර ආපු ආවේගට මනවිෂ නොසලකා හරපු ගවීෂ් , ඇස් තත්පරේකට පියාගත්තේ එයාගෙ බලජානවලට අවධානේ දීලා... කොච්චර කලත්, අදුරු මතකවල වලාවන් තවමත් සෑහෙන ඝනකම්.. අහ්හ් !! මගුල... ඉදියටත් වඩා දුර්වල ගතියක් ඇග පුරා පැතිරෙද්දි බලජාන ගැන හිතන එක නවත්තපු ගවීෂ් දිගටම ඇටෑක් කළේ අත පය තැලිලා තියෙන තැන් අමතක කරලා... එයා දිගින් දිගටම ගර්භය පැත්තට කිට්ටු කරන්න හදපු නිසාම එයාට මූණ දෙන්න සිද්ධ උන යොරෙස්ලා ගාණත් එන්න එන්නම වැඩි වෙනවා ගවීෂ්ට දැනෙනවා...
ආපස්සට පැනලා ගිනි විලක්කුව අතට ගත්ත ගවීෂ් අරවින්ද් දිහාවට හැරුනේ ගවීෂ්ගේ සිග්නල් එක අදුරගත්ත අරවින්ද් , කකුල නොන්ඩි ගහ ගහම ඒ පැත්තට හැරෙද්දි.... ඒත් අරවින්ද්ට කලින් ගවීෂ්ට සපෝට් එක ලැබුනේ යොරෙල් කොල්ලෙක්ගෙන්... හොදට මාෂල් ආට්ස් පුහුණු කරපු ගතියක් පෙනුන පොඩි කොල්ලාගේ මූව්මන්ට්ස් සෑහෙන වේගෙකින් ගවීෂ්ව කවර් කළේ , එයාගේ ලීඩ් එක ෆලෝ කරපු තව බර්ඩ්‍රේන් යොරෙස්ලා ගවීෂ්ගේ ඩිෆෙන්ස් එකට හිටගනිද්දි..... අර පණ්ඩිත බොඩිගාඩ් කොල්ලා !!!!
" මාස්ට ගවීෂ් .. මෙතන සේෆ් නෑ... මාත් එක්ක එන්න... " කොල්ලා හදිසියේ කිව්වේ ගවීෂ්ට කතා කරන්නවත් වෙලාව නොදී...
" ඇයි උබ ගූගල් මැප්ස්ද ? මෙන්න මෙහෙ වරෙන් වීෂ්..... " ගවීෂ් කට අරින්නත් කලින්ම අරවින්ද් කඩන් පැන්නේ , බොඩිගාඩ් කොල්ලට රවලා ගවීෂ්ගේ අතේ තිබ්බ විලක්කුව උදුරගන්න අතරේ... පොර ටෝක් එකක් දීලා අරවින්ද් එහෙම නොන්ඩි ගහ ගහ අවාටේ ඇතුළට බහින්න හැදුවට තව පොඩ්ඩෙන් මිනිහත් හොම්බෙන් යන්නේ හොදම එකෙන්... වෙලාවට අර බොඩිගඩ් කොල්ලාගේ හිත හොද කමට ඌ අරවින්ද්ව අල්ලගත්තේ....
අරවින්ද් ගවීෂ් දෙන්නම පහළ ආවාටෙට බැහැලා වැඩි වෙලා යන්න කලින් තවත් යොරෙස්ලා එයාලව වට කළේ බොඩිගාඩ් කොල්ලා ඉස්සරහට පනින්න කලින්ම අරවින්ද් විලක්කුව උගේ අතට දීලා වීරයා වගේ ඉස්සරහට පනිද්දි... එක පාර කොහෙන් තිබ්බ ඇරියස් එකක්ද ඒ මතුවුනේ ? අරවින්ද් කොර ගහ ගහ ඉස්සරහට ගිය විදියට ඔය යන්නේ නම් කන්න තමා කියලා ගවීෂ්ගෙ ඔළුවෙන් වෝනින් එක දීලා ඉවරයි... ඌ අරවින්ද්ට සපෝට් එකට උගේ කෙලින්ම හිටගත්තෙත් ඒකයි.... එළියේ ඉදියට වඩා එතන විමල් ආශාක්‍යසිංහගේ ඩ්‍රොමිඩා බොඩිගාඩ්ස්ලාත් ඉන්නවා...!! අරවින්ද් අසරණ වෙන්නෙ එතනදි.. මොන දෙ උනත් ඌ උගේ මිනිස්සුන්ට අත නොතියන බව ගවීෂ් දන්නවා..... ඒත් උන් ඒම නොගහ ඉදිද ?
හිත හොද අරවින්ද් පාරවල් මග ඇරලා එහාට මෙහාට වුනාට, ගවීෂ්නුත් ඌ කියන එකට හෝය්යා ගාගෙන පුළුවන් තරම් කට්ටියව බේරුවට මොකද !!! කොල්ලො දෙන්නගෙම ඇස් ඉස්සරහින් වේගෙන් ඇදිලා ගිය නිල් - රතු එළි නම් කිසිම අවුලක් නැතුව යොරෙස්ලාව බිමටම ඇදල දැම්මේ ඒ කවුද කියලා හිතාගන්න බැරුව උරුමයන් දෙක ගල් ගැහෙද්දි.... එක පැත්තකින් රතු පාටට ගිනියම් උන ඩියෝන් කිසිම අනුකම්පාවක් නැතුව ආතල් එකටම වගේ යොරෙස්ලා දෙන්නෙක්ගේ ඔළුත් හැප්පුවේ , අනිත් පැත්තෙන් මෙවීනා උරහිසට උඩින් උස්සගත්ත ඩ්‍රොමිඩා ගාඩ්ව ඩියෝන්ගේ බිමට දාපු යොරෙල්ස්ලා දෙන්නා උඩටම විසි කරද්දි... දෙන්නාත් එක්ක , තකට තක යෝරෙස්ලා කුළුණු ගහනවායි , බොඩිගාඩ් කොල්ලා ඒකට විසිල් කරනවයි බලන් ඉදිය ගවීෂ් කට අයිනෙන් හිනා උනේ කරකියා ගන්න දෙයක් නැතුව මෙවීනා දිහා බලන් ඉන්න වින්ද්ට... අමො අමො, බොක්ක සීතලවෙලා ඇති සුකොමළ ප්‍රියම්බිකාව යොරෙස්ලාව උස්සලා පොළවේ ගහන විදියට..... අරවින්ද්ට යකාට අනුකම්පා කරගන්න කියලා ගවිෂ්නුත් පරම්පරා දෙකේ කුකුල් කේන්තිකාරයෝ දෙන්නට එකතු උනේ සෑහෙන ගැම්මෙන්... එයාට ඕනෙ ඉක්මනට පාර පාදගන්න විතරයි... ගර්භය මෙච්චර කල් මෙහෙම පරිස්සම් වෙන්නෙ ඒකෙ කොහොමටවත් හොදක් තියෙන්න බැ.. එයාල දැනටම ඒක අරින්න පටන් ගෙනද ඇතිද !!! ඩන්ජන් එකේ තව ටික දුරකින් එතන පේනවා... තාම ගවීෂ්ලා ඉන්නේ මේචුයුරි ගහ ගාව ගැඹුරට හාරපු උමං ආවාටේ පතුලෙ....
" ගවීෂ් අය්යේඒඒඒ !!! " පොඩ්ඩක් ඕවලෝඩ් වෙලා වැඩේ අල කරන් ඉදපු ඩියෝන් කැගැහුවේ ගවීෂ්ගෙන් උදව්වක් ඉල්ලන්න... ඔව් කොල්ලට තනියම ඒ ඒරියා එක කවර් කරගන්න අමාරු බව ගවීෂ්ට පේනවා... ඒත් ගවීෂ් ඉන්නේත් කොහොමටවත් හෙලවෙන්න පුළුවන් තැනක නෙවේ... යොරෙස්ලා දෙන්නෙක්ව එහාට ඇදලා දාපු ගවීෂ් ෆයිට් එක අතරින්ම ඇස් ගෙනිච්චේ ඩියෝන්ට උදව් කරගන්න විදියක් හොයාගන්න.... ඒ වගේම මියුන්ව මිස් වෙන්නත් බැ.....
" මොකෙක් හරි මට උදව්-- " ඩියෝන් ගිරිය කඩාගෙන කෑගහපු එක නැවතුනෙ, සම්පූර්ණ බන්ෂ් එකම තවත් කලබලකාරි කරගෙන කඩන් වැදුන ආගන්තුකයෝ නිසා.... නිල් පාට ඇස් !!! ඩෑම්න් !!! වැරදීමක් නැත්තන් ඒ ආශාක්‍යසිංහ සහය පෙළ !!! ගවීෂ් ෂොක් එකටම ලොකු හුස්මක් උඩට ඇද්දේ අරවින්ද් ගවීෂ්ට ආපස්සට කට අයිනෙන් හිනාවක් දෙද්දි.... අරවින්ද්ගේ නෝන්ඩි හිනාවත් එක්කම වගේ බැට්ල් ෆීල්ඩ් එකට ආපු සහය පෙළ ආශාක්‍යසිංහලාව පිළිගන්න විස්ල් එකක් වැදුනේ ඉබේම වගේ....වැරදීමක් නැත්තන් ආශාක්‍යසිංහ සහය පෙළ ලීඩ් කළේ සනෝශ් !!! ඔව්, කිසිම සැලැස්මක් නැති උනාට අරවින්ද් කොහොමටවත් සනෝශ්ගේ අතට ආශාක්‍යසිංහ පේරැස් මුද්ද පාස් කළේ නිකන් නෙවේ....
" කෙල්ලෙක් වගේ තියාගත්තා මෙතන නහයෙන් අඩන්න....!!! " සනෝශ් ඩියෝන්ව කවර් කරලා කැගහනවයි, ඩියෝන් ආපස්සට තව මොනවද කියලා කෑගනවයි ගවීෂ්ට සටන අතරෙම ඇහෙනවා... දැන් සම්පූර්ණ ආශාක්‍යසිංහ සහය පෙළම මෙතන ඉද්දි මේ චුටි මාමාගේ යොරෙස්ලාට ජිවිතේ කුලියට දෙන්න තමයි වෙන්නෙ...! මෙච්චර වෙලා අඩපණවෙලා, පැරදීගෙන ගියපු සටන සෑහෙන උද්‍යෝගීමත් විදියට ආයේ අලුත් උනේ සනෝශ්ගේ පවර්ෆුල් ධාහන්රා එකත් ආශාක්‍යසිංහ සහය පෙළේ උදව්වත් එක්ක.... පොඩි එකා එතන සෑහෙන යොරෙස්ලා ප්‍රමාණයක් කවර් කරගෙන ගවීෂ්ට පාර හදලා දුන්නේ සෑහෙන ඉක්මනට....
" වීෂ් වීෂ්....ඇතුළට... " අරවින්ද් සද්දෙන් කැගැහුවේ ගවීෂ්ට ගර්භය පැත්ත ඉගි කරන ගමන්... අරවින්ද් කෝමටත් ඉදියේ කෙලින් හිටගන්නවත් පුළුවන් තත්වෙක නෙවෙ... ඒත් කොල්ලා ෆයිට් එක අතාරින්නෙත් නැ.... ඇස් ඉස්සරහම ඇදගෙන වැටෙන මිනිස්සු, පාස් කරගෙන ගවීෂ් ඉස්සරහට ගියේ පුළුවන් තරම් ඉක්මනට ගර්භය තිබ්බ හරිය හොයාගන්න.. එයාලට ඉහළින් මේචුයුරි ගහ... පරිසරය තවත් එන්න එන්නම නොසන්සුන් වෙනවා ගවීෂ්ට දැනෙනව.... මියුන් !!මියුන් ළගම ඉන්න ඕන....!!
ඒත් ඊට කලින් ගවීෂ්ගේ පාර අවහිර කළේ තවත් ගාඩ්ස්ලා කිහිප දෙනෙක්..... එක පාරටම ඇටෑක් කරන්න පැන්නත් ඒ තමන්ගේ වර්තමාන වංශ නායකයා බව අදුරගත්ත එයාලා සෙරම නැවතුනේ දෙගිඩියාවෙන්... ඉසිවර වේඝර්ණාරච්චිගේ ගාඩ්ස්ල පවා ඒ විදියට එයාට ලේසියෙන්ම ඉඩ දීපු එක ගැන හිතන්න කරදර නොවුන ගවීෂ් , උපරිම ඉස්සරහට තියන්න ඇත්තේ අඩි දෙකයි... සෑහෙන බල සංඛ්‍යාතයකට බාධා කරමින් සිද්ධ උන බල ඡේදනයට ගර්භයට ළග ඉදපු සේරම පිටිපස්සට විසි උනේ සද්දයක් නැති පිපිරීමක පසු ප්‍රතිඵලයක් වගේ.... ඒක පිපිරීමක් ද ? අධිසංඛයාත බලය කවය ඇග හරහා විනිවිද යද්දි ,එතන තව දුරටත් ඉතිරි වෙලා තිබුනෙ ලොකු දූවිල්ලක් විතරයි....එතන කිසිම කෙනෙක්ට දරාගන්න අමාරු තරමේ ශක්තියක් එක්ක දූවිලි වලාව තව දුරටත් සම්පූර්ණ ප්‍රදේශයම වහගත්තේ අමුතුම ශක්ති විපර්යාසයකින්... එතන ශක්ති රික්තකයක් නිර්මාණය වෙලා... හරියට මියුන් ඉද්දි එයා වටේට සිද්ධ වෙනවා වගේ... ඒත් එතන උන පිපිරුම ගැම කොහෙත්ම හොද හැගීමක් ගවීෂ්ට නැ.... ඒ බල ඡේදනය වෙන්නේ , ගර්භයත් මියුනුත් අතරද ?
" මියුන්....." දුමාරය අතරින් කෙවෙන ඇස්වලින් ගවීෂ් හෙව්වේ එච්චරයි... එයා හරි නම් ගර්භය විවර වෙලා ඉවරයි... ගවීෂ් පිස්සුවෙන් වගෙ තව ඉස්සරට යන්න කලින්, ගවීෂ්ගේ උරහිසෙන් අල්ලලා පස්සට කළේ වෙන කවුරුත් නෙවේ ප්‍රිවිරු වේඝර්ණාරච්චි.... එයා ගවීෂ්ට කියන්න ගියේ වෙන දෙයක් උනත් , ගවීෂ් හැරුන ඇසිල්ලේ කොල්ලා ගැස්සුන විදිය ගවීෂ්ට පැහැදිලිව පෙනුනා....
" ප්‍රිවිරු ? !!! "
" මාස්ට ගවීෂ් !!! ඇස් !! " ප්‍රිවිරුට කලින් ඒ කෑගැහුවේ බොඩිගාඩ් කොල්ලා...
" ඇයි ? !! " ගවීෂ් ඇහුවෙ කලබලෙන්... සමහර විට හිතින් එයා එයාටම උත්තරෙ දීගෙන ඉවරයි...
" රතු පාට වළල්ලක්....... දැ..න් නැ..... " ප්‍රිවිරු අවිනිශ්චිතව මිමිණුවේ ගවීෂ් අත මිට මොළව ගනිද්දි.... රතු පාට වළල්ල... ඒක ඝර්ෂාත්මය ගැන නෙවේද ? ඒ කියන්නේ..... ඝර්ෂාත්මය බිදිලා ? ඒම වෙන්නේ කෝමද !! ඒක සදාකාලික නැද්ද ? මියුන් ඌ --- කෝමද තමන් පණ පිටින් ඉදලා ඝර්ෂාත්මය බිදෙන්නේ !!!!..... දෙවෙනි සැරේටත් ඇතුළට යන්න හදපු ගවීෂ්ව නවත්තගත්තෙ ප්‍රිවිරු..... ප්‍රිවිරුගේ ඇස් යොමු වෙලා තිබ්බේ ඊට ගොඩක් ඉහළින්.... ඔව්, ප්‍රිවිරුගේ විතරක් නෙවේ ගොඩක් දෙනෙක්ගේ ඇස් ඒ වෙද්දි යොමු වෙලා තිබ්බේ මේචුයුරි ගහ ගාව ඉහළට....... කොළ පාටින් මැවිලා තිබ්බ බල කවය පළාතම එළිය කරල තිබ්බා.... ඒක මියුන්ගෙ.........!! ඔව් වැරදීමක් නැත්තන් ඒ බල කවය මියුන්ගේ !!....
හරිත බල කවය වේගෙන් කැරකුනේ ඒ බල කවය මැද ඊට සම්පූර්ණයෙන් වෙනස් මන්දගාමී වේගෙකින් මියුන්ගේ දිලිසෙන ඇග ප්‍රතිවිරුද්ධ අතට කැරකෙද්දි..... මියුන්ට සිහිය තියෙනවද කියලවත් බැලූ බැල්මට කියන්න බැරි , දේව රූපයක් වගේ ඇග සම්පූර්ණයෙන් තිබුනේ වේගෙන් කැරකෙන හරිත කවයට උඩින්..... ගවීෂ් අත මිට මොළව ගත්තේ සිද්ධවෙන දේ හිතාගන්න බැරුව... කොළ පාට බලකවයට උඩින්, රිදී පාට මුහුවුන අමුතු පාරදෘශ්‍ය මනුශ්‍ය රූප එන්න එන්නම පැහැදිලි උනේ ගර්භය පුරාවට තිබ්බ ඇපැහැදිලි ගතිය ටිකෙන් ටික පැහැදිලි වෙද්දි..... ගර්භයේ ගල් බිත්තිය සම්පූර්ණයෙන් පුපුරලා ගිහින් තිබ්බා.... ලොකු ශක්තියක් නිදහස් වෙලා තිබ්බා වගේම , එතන පැහැදිලිව තැන් තැන්වල වැටිලා තිබ්බේ, සවින්ද වේඝර්ණාරච්චිගෙත්, ඉසිවර වේඝර්ණාරච්චිගෙත්, විමල් ආශාක්‍යසිංහගෙත් , තව ගාඩ්ස්ලා කිහිප දෙනෙකුගෙත් නිසල සිරුරු.... ගර්භයෙන් ඔබ්බට තවත් පැහැදිලි වෙද්දි, එතන තිබුන කිරිගරුඩ සොහන් කොත් ගවීෂ්ගේ ඇහැ ගැටුනේ ඇසිල්ලකින්.... ගර්භය !!! ඒක ඇත්තටම මුද්‍රා තියපු සොහොන් ගර්භයක් !!!!
හරිත කවය තවමත් මේචුයුරි ගහත් ජගුවර් කොතත් වට කරමින් වේගයෙන් භ්‍රමණය වෙන්නේ මියුන් වටේට බල වළල්ල තීව්‍ර කරගෙන.. ගවීෂ් ඇස් හින් කළේ ඒ රිදී පාටින් මැවුන සේයාවන් අදුරගන්න.... ඒ කවුද කියලා අදුරගන්න පරක්කුවට ගවීෂ්ට අරවින්ද් දිහ බැලුනේ , අරවින්ද් ඒ වෙනකොටත් කම්පනයෙන් ගවීෂ් දිහා බලද්දි... යාදම් පුරාවෘත්තය !! යාදම් පුරාවෘත්තයේ පිටු ගවීෂ්ගේ මතකෙට ආවේ එසැණින්.....
එය සුළග තරමින්ම පෞරාණික , සුළග තරමින්ම නවඹු පුරාවෘත්තයයි.... විවිධ කාලන්තරයන් අතර ප්‍රතිසංස්කරණය කතාංගයයි..... සියල්ල ඇරඹෙනුයේ , යාදම් ගිවිසුමේ විසිතුන් වෙන වගන්තියෙහි බිදීමෙනි... සොබාදහම අභිබවමින් තුල්‍යතා බිදීම ඇතිවූ කළෙක, අතීත නියමයන් සියල්ල ව්‍යර්ථව යනු දුටු ඍෂිවරුන් හා වංශිකයන් එකට එක් වූහ. එය වාංශික ඉතිහාසය පුරාවට අදුරුතම සත් දිනයයි...
බ්‍රින්ධව් කන්දේන් ජීවයේ ජල මූලයත් , වාංශික උරුමයන්හි රුධියෙන්ද තහවුරු කරනු ලැබී , ඍෂිවරුන් සොබාදහමේ කැමැත්තට නතු වන්නට විය.. උපත ලද මුහුම් වංශිකයාගේ නෂ්ට වීමත් සමග අදුරු හෝරාව එලැඹිණ... අමරණීයෙකු මරණයට එක් කළ ඒ මොහොතෙහි අපේක්ෂාවෙන් තොරව ද්වීආත්මයන් දණ්ඩයනයට බදුන් විය...
ද්වීආත්මයන් මුද්‍රා තැබිණි......!!
ද්වීආත්මයන් ???? ජගුවර් ආත්මය !! මේචුයුරි ආත්මය !! ඒ වෙන කවුරුත් නෙවේ , මාස්ට නාල්‍යායි මාස්ට අයෝදමයි ? !! මෙච්චර කාලෙකට යාදම් වතාවත්වලින් සැමරුවේ ඒ දෙන්නගේ එකම දරුවගේ මරණය ? උතුම් ද්විත්ව ආත්ම වෙන කවුරුත් නෙවේ , අරවින්ද් ගවීෂ් ඇති වෙනකන් ආතල් ගත්ත මාස්ට අයෝද්මයි, මාස්ට නාල්‍යයි ? ජගුවර් ආත්මය ඔබව මුණ ගැසේවි !! හේමා ආර්‍යාවගේ වචන ගවීෂ්ගේ ඔළුව ආවේ එසැණින්... මේ කිසිම දෙයක් අහම්බ නෙවේ !!.. වෙන්න තිබුන දේවල්ද එතකොට.... මාස්‍ට නාල්‍යා භාතිය ආශාක්‍යසිංහ එක්ක වගේ , මාස්ට අයෝදම සිනල්‍යා වේඝර්ණාරච්චි --- එතකොට ඝර්ෂාත්මය කළෙ...... ඝර්ෂාත්ම බන්ධනය කළේ මාස්ට අයෝද්ම.... ජගුවර් ආත්මය ? මියුන්ගේ උපතත් එක්ක ජගුවර් ආත්මය ආයේ පේන්නෙ නොතිබ්බේ එතකොට---
එසැණින් ගවීෂ්ගේ අණ යටතේ සම්පූර්ණ බර්ඩ්‍රේන්වරුත් , අරවින්ද්ගේ අණ යටතේ සම්පූර්ණ ඩ්‍රොමිඩාවරුත් උනුන් තැන්වලම බිම දණ ගැහුවේ සම්පූර්ණ සටනම මුළුමනින්ම නවතිද්දි... ඒක සමහර විට මොන වගේ අවස්තාවක්ද වෙයිද කියලා ගවීෂ් , අරවින්ද් ඇතුළු කිසිම කෙනෙක් හීනෙකින්වත් අනුමාන නොකරපු අවස්ථාවක්.... සැලකිය යුතු කාලෙකට පස්සේ ජගුවර් ආත්මය්ත් මේචුයුරි ආත්මයත් එකට මේ විදියට පාරදෘශ්‍ය ජායාවන් විදියට එයාලගේ ඇස් ඉස්සරහ තියෙද්දි තුෂ්නීම්භුත උන හැම යොරෙල් කෙනෙක්ම පාහේ බලාගෙන ඉදියෙ පුරාවෘත්තවල හෙළා දැකපු බර්ඩ්‍රොමිඩා ආත්මය දිහා....හරිත කවය ඇතුළේ දේව රූපය වගේ දිලිසෙන මියුන්... පරම්පරා දෙකම ඒ දණ නැව්වේ උත්තරීතර මුහුම් වංශිකයාට...!!
ආත්ම දණ්ඩනය අවසන් වෙන දිනෙක , වංශ දෙක සමතයකට ගේන්න පුළුවන් එකම විදිය බර්ඩ්‍රොමිඩා කෙනෙක් විතරයි... මෙතනින් එහාට මියුන් අමරණීය තාක්, කිසිම බර්ඩ්‍රොමිඩා කෙනෙක් ආයෙත් නොඉපදෙද්දි, වංශ දෙක අතර තහනම ලියවිල්ලක් විතරක් බව ගවීෂ් වගේම අරවින්ද් පවා දන්නවා.... රිදී පැහැ මනු සේයාවන්වලින් ජගුවර් ආත්මයත් , මේචුයුරි ආත්මයත් මැවිලා සම්පූර්ණ වියනම ටිකෙන් ටික පැහැදිලි උනේ හරිත කවය මැද ඉදපු මියුන්ව මේචුයුරි ගහ විසින් පිළිගනිද්දි.... මේචුයුරි ගහ පාමුලින් අලුතින් මතු උන ජීවය පිරුන තණ බිස්ස උඩට ලොකු නිද්‍රාවක ඉදපු මියුන් පහත් උනේ පිහාටුවක් වගේ පරිස්සමට.... හරිත කවය බිද වැටුනත් , මියුන්ගෙ දිලිසෙන ඇග තණබිස්ස උඩ පරිස්සම් උනේ.... ජගුවර් ආත්‍මයෙත්, මේචුයුරි ආත්මයේත් අවසාන සේයාවෙන් බොද වෙලා යද්දි......
තවමත් කම්පනයෙන් ගවීෂ් වගේම අරවින්ද් දෙන්නම ගැස්සිලා ගියෙ යොරෙස්ලාගෙන් ආපු ඔල්වරසන්වලට... ඔව්, එයාලා ඒ කැගහන්නේ අලුත් වංශ නායකයෝ දෙන්නා වෙනුවෙන්... අලුත් ආරම්භයක බලාපොරොත්තු වෙනුවෙන්..... චූටි මාමාගේ යොරෙස්ලා සේරම කෝමටත් යටත් වෙලා ඉවරයි... දේවල් විසදුනා ඉක්මන් වැඩිද හිතාගන්න බැරි හැගීමකින් අරවින්ද් වගේම ගවීෂ් දෙන්නම දණ ගහන් ඉදපු තැනින් නැගිට්ටේ අමුතු හැගීමකින්... හැමදෙයක්ම සන්සුන් වෙලා.... එයාල වටේ මැරුන මිනිස්සු ඉන්නවා... ඒත් ඒ සේරටම වඩා ජීවත් වෙන මිනිස්සුන්ගෙ ඔල්වරසන් ඇහෙනවා... ජගුවර් ආත්මය විතරක් නෙවේ මේචුයුරි ආත්මයත් එයාලට ආශිර්වාද එකතු කළ බව මෙතන ඉදපු හැමෝගෙම ඇහැ ගැටෙන්නම ඕන.....
අරවින්ද් ශනාර්ග ආශාක්‍යසිංහ ...!!!
ගවීෂ් තිමෞර්ය වේඝර්ණාරච්චි !!
බර්ඩ්‍රේන්, ඩ්‍රොමිඩා වත්මන් වංශ නායකයෝ දෙන්නා විදියට ගවීෂ් , අරවින්ද් මූණට මූණ හිටගත්තේ ටිකෙන් ටික පිනි පොද බවට හැරිලා තිබ්බ වැහි පොද මැද්දේ... අරවින්ද් පොර වගේ හිටගන්න ගිහින්, වළලුකර උළුක් වෙලා තිබ්බ කකුල බිම තියාගන්න බැරුව වෙන්න ගිය නවනින්දාවෙන් ගැළවුනෙ ගවීෂ්ගේ උරහිසින් අල්ලගෙන..... යන්තන් වැටෙන්නෙ නැතුව ජැක් එකක් ගහගෙන බේරුන අරවින්ද්ට නෝන්ඩි හිනාවක් දීලාම ගවීෂ් උගේ අතත් අරවින්ද්ගෙ උරහිස උඩින් තිබ්බේ කොල්ලව ලැජ්ජාවෙන් බේරන්න... මේචුයුරි ගහත් , ජගුවර් පිළිමත් ඉදිරියේ එකිනෙකාගේ උරහිස්වලට බර දීලා හරි කෝමහරි කෙලින් හිටගත්ත අලුත් වංශ භාරකාරයෝ දෙන්නා !!!
වංශ දෙකටම අලුත් ආරම්භයක් ඒ පොඩි කොල්ලෝ දෙන්නා අතේ තියෙන බව විශ්වාස කරපු හැමෝම පාහේ ඒ වෙනකොටත් ඉදියේ දිගින් දිගටම ඔල්වරසන් දිදි.... කවදාහරි උරුමයට තමන් පිට පැවරෙන බව ගවීෂ් වගේම අරවින්ද් නිශ්චිතවම දැනන් ඉදිය දෙයක්.. ඒත් එකම දවසෙ එකම වෙලාවක, මේ විදියට අනිත් එකාගේ උරහිසින් වැටෙන්න නොදී අල්ලගෙන ජිවිතේ අලුත් පිටුවකට යන එක...... සමහර විට ඒක ඊළග පරිච්ඡේදයට තියෙන ලොකුම හය්ය වෙන්නැති...!! අරවින්ද්ගේ ඇස්වල තිබ්බෙ ඒ විශ්වාසය.... ගවීෂ්ගේ ඇස්වල තිබ්බෙ ඒ සැනසීම...!!!
ගවීෂ් ආයේ අරවින්ද්ගේ උරහිස තද කරලා තට්ටු කළේ , අරවින්ද් ඒ සැරේ ගවීෂ්ට තිබ්බ හදිසීයට කට අයිනෙන් හිනාවෙද්දි.... ඔව් ඔළුව මෙතන තිබ්බට ගවීෂ්ගේ හිත තියෙන්නෙ වෙන කොහෙවත්..... අරවින්ද් නෝන්ඩියට හිනා වෙලා ගවීෂ්ගේ පිටට තට්ටුවක් දාලා ඌව අතඇරියේ මෙච්චර වෙලා ගල වගෙ හිටන් ඉදපු කොල්ලා , අත් තටු ඇවිත් වගේ මියුන් දිහාවට ගුවන් ගත වෙද්දි..... බුදු අම්මෝ හදිසිය !!! අරවින්ද් හිනා උනේ , ගවීෂ් පඩිපෙළ් උඩින් , ගල් උඩින් පැනගෙන දුවන් ගිය විදියට.... ගවීෂ් , කෙලින්ම මියුන්ගේ මූණම ඉඹගෙන ඉඹගෙන ගිහින් උකුළට ගත්ත විදිය බලලා ඇස් උඩ යවපු අරවින්ද් ලොකු හුස්මක් ගත්තේ එයාගෙ ඉස්සරහා තිබ්බ නිසල මළසිරුරු දිහා බලලා... ඔල්වරසන් මැද්දෙ උනත් සමහර විට.... කාට හරි කවුරුම හරි අහිමි වෙන්න ඇති...!!
එයාගේ සීයා ගාවට ගිහින් අවසාන ආචාරය දෙන්න අමතක නොකරපු අරවින්ද් , ඊළගට බැලුවේ ඉසිවර වේඝර්ණාරච්චි ගාවින් දණ ගහන් ඉදිය ප්‍රිවිරු දිහා.... ප්‍රිවිරුගේ මූණේ තිබ්බේ කළකිරිමක්ද , නැත්තන් හිස් හැගීමක්ද කියලා අරවින්ද්ට තේරුම් කරගන්න අමාරුයි... එයා කෝමටත් ඉදියේ වෙනම... සමහර විට තමන්ගේ තාත්තා නැති උනේ එයා ගැන තිබුන හැම බලාපොරොත්තුවක්ම බිදගෙන කියන කරුණ ප්‍රිවිරුට ඔළුවට බරක් වෙන්ම ඇති... අරවින්ද් ප්‍රිවිරුගේ පිටට තට්ටුවක් දාලා තත්පර කිහිපයක්ම එතන ගත කරලා, නොන්ඩි ගහ ගහම අන්තිමට ගියේ සවින්ද වේඝර්ණාරච්චි ගාවට...
විමල් ආශාක්‍යසිංහගේවත්, ඉසිවර වේඝර්ණාරච්චිටවත් වගේ නෙවේ සම්පූර්ණයෙන් වට පිටාව පාළුවට ගිය සවින්ද වේඝර්ණාරච්චිගේ නිසල සිරුර අරවින්ද්ට තාමත් ගේන්නෙ කම්පනයක්.... සමහර විට ගවීෂ්ට උනත් ඒම ඇති.. මියුන්ව බලලා ගවීෂ් ඉක්මනටම දුවන් එන්නෙත් මෙතනට අරවින්ද් දන්නවා.... කලින් ඝර්ෂාත්මයට හිමිකම් කියපු මාලේ තවමත් සවින්ද වේඝර්ණාරච්චිගේ කළු ලෝගුවට උඩින් මූණට වැටිලා තිබ්බා... අරවින්ද් එක දණක් නවල බිමට පහත් උනේ වේඝර්ණ උරුමයේ සංකේතය සවින්ද වේඝර්ණාරච්චිගෙන් ගලවගන්න....
දැනටම උණුසුම මැකිලා ගිහින් තිබුන මළසිරුරේ සීතලට වඩා සීතල දෙයක් අරවින්ද්ගේ සුළැගිල්ලේ වැදුනේ ඒවෙලාවේ.... අරවින්ද් නළල රැලි කලේ , ලෝගුවට උඩින් මතුවෙලා තිබ්බ රිදී පාට චේන් එකට.... වේඝර්ණ මාලය අතට අරගෙන අරවින්ද් ඊට යටින් තිබ්බ රිදී චේන් එකත් පිටට ඇද්දේ නිකමට වගේ..... ඒත්-- අරවින්ද් ඉක්මනට අත පස්සට ගත්තේ කම්පනයෙන්... තත්පර කිහියක් එහෙමම බල්න් ඉදපු අරවින්ද් ආයෙම චේන් එක එළියට ඇද්දේ වෙව්ලන අත්වලින්.... රිදී චේන් එකේ , එල්ලිලා තිබුනේ අඩ සදක හැඩේ දියමන්ති පෙන්ඩන්ට් එකක්.....
'' මේකේ සිල්ව චේන් එක නැද්ද ? අක්කා ඕකට කැමති වෙයිද බං ? "
අවුරුද්දකට දෙකකට උඩදි මියුන් එක්ක මේ චේන් එක සල්ලිවලට ගත්ත අරවින්ද්ටම කෝම නම් අමතක වෙන්නද ඒ පෙන්ඩන්ට් එක !! අරවින්ද් ආයේ බැලුවේ සවින්ද වේඝර්ණාරච්චිගේ සන්සුන්ව පියවිලා තිබ්බ ඇස් දිහා.... ඒත් --- ඒත් ---- අරවින්ද්ගේ පපුව ඒ වෙනකොටත් ඕනවට වඩා බරවෙලා ඉවරයි..... එතකොට ---
" වින්ද් !!! ඒයි කෝ=-- " අරවින්ද් ආයෙම ගැස්සුනේ ගවීෂ්ගෙ කැගැහිල්ලට.... එයා ඉක්මනින්ම සවින්දගේ බෙල්ලෙන් දියමන්ති පෙන්ඩන්ට් එක අයින් කරගෙන අතේ මිට මොළව ගත්තේ ගවීෂ් එතනට එන්න කලින්..... චූටි මාමා ගාවට ආපු ගවීෂ් සන්සුන් උනේ ඒ මූණේ අමුතුම හිස් බැල්මක් ඇදිලා යද්දි.... ගවීෂ් අරවින්ද් ගාවින්ම බිම දාණගහගත්තේ අරවින්ද් ගැස්සුනේ මොකටද කියලා හිතාගන්න බැරුව....
" මියුන් මොකද ? " අරවින්ද් ඇහුවේ සන්සුන්ව...
" සිහිය එයි ඉක්මනට....."
" ම්...." අරවින්ද් උත්තර දුන්නෙ සවින්ද වේඝර්ණාරච්චි දිහා බලාගෙන....
" වින්ද්.... ඒකා හෙන සෙන්සිටිව් බං.... මට බයය්....." ගවීෂ් මිමිණුවේත් බර හඩකින්.....
" ඔව්....ළගකින් ඉන්න... දරාගන්න අමාරු වෙයි......" අරවින්ද් උත්තර ගවීෂ් ඔළුව වනද්දි.... අරවින්ද් එහෙමම වේඝර්ණ මාලේ ගවීෂ්ට පාස් කළේ ගවීෂ් ඒක අතට අරන් ගුලි කරගනිද්දි.... නිශ්ශබ්දව මාලේ අතට ගත්තට, මෙච්චර වෙලා අතේ තිබ්බ පේරැස් මුද්ද ගලවලා ගත්ත ගවීෂ් , ඒක චූටිමාමගේ පපුව උඩින් තිබ්බේ අරවින්ද්ට වචනයක්වත් නොකිය...... මේ සේරම සිද්ධ උනේ ඒ මුද්ද වෙනුවෙන් බව ගවීෂ් නොදන්නවම නෙවේ.... එත්, සමහර විට උරුමේ එයාට ලැබුන එකෙන් චූටි මාමා අඩුවෙන් දුක් වින්දා කියලත් ගවීෂ්ට නොහිතෙනවම නෙවෙ.....
" ......... සුදු මාමාට දරාගන්න අමාරු වෙයි... වින්ද්.... ඔච්චරයි ඉදියේ......" ගවීෂ් මිම්ණුවේ අරවින්ද් මුනිවතින්ම අතේ තිබුන සිල්වර් පෙන්ඩන්ට් එක අතට ගුලි කරගනිද්දි.... ඒක බර හැගීමක්... මේ වෙලාවේ අරවින්ද් හිතන්න බය හැගීමක්....... අරවින්ද් මුකුත් කියන්නැතුව කොර ගහ ගහම නැගිට්ටේ බර හුස්මක් පිට කරලා.... ඒ වෙද්දි බන්ෂ් එකට යන්තමින් ඉර එළිය වැටෙන්න පටන් අරගෙන..... අරවින්ද් ආයේමත් වතාවක් බර හුස්මක් ගත්තේ අතේ ගුලිවෙලා තිබ්බ සීතල පෙන්ඩන්ට් එක දිහා බලලා... සමහර විට !!!....... සමහර කතාවලට නියම වෙලා තියෙන්නම වැළලිලා යන්න වෙන්නැති !!!..
සම්පූර්ණ බන්ෂ් එක ටිකෙන් ටික කලබලකාරී ගතියෙන් මිදිගෙන එනවා.... වැස්ස නම් සම්පූර්ණයෙන් තුරල් වෙලා ගිහින්... එහෙ මෙහේ ලේ වර්ග, ඇස්වල පාට, වගේම හතුරු මිතුරු නොබලා එක එකා වත්තම් කරගන්න යොරෙස්ලා !!!... චූටි මාමාට සම්පූර්ණයෙන් ආචාර කරපු ගවීෂ් නැගිට්ටේ අරවින්ද් වගේම මළුව වටේටම ඇස් අරගෙන ගිහින්......
ඒ ඇස්වලට පේන්නේ කොල්ලෝ දෙන්නගේ උරහිස් උඩට එකතුවෙලා තිබ්බ බර !! තවත් මුහුණ දෙන්න දේවල් ගොඩක් ඉතිරියි... විසදුන වගේම නොවිසදුන දේවලුත් ඉතිරියි... ඒ හැම දෙයක්ම වෙනුවෙන් අඩියෙන් අඩියට ඉස්සරහට යන්න කාලේ හරි...!!!
ඒත් සමහර විට---
.
.
.
.
.
.
.
.
.
- මතු සම්බන්ධයි -
.
.
.
.
.
A/N -
- ඔයාලගේ පරිකල්පනයට මේ කතාව කියවද්දි ලොකු කාර්‍යභාරයක් තියෙනවා !! තම තම නැණ පමණින් තමා ඒක.. 💚✨️