⚡ - The Chase - ⚡
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
"ශාන්......."සෝහි තමන්ට 'ශාන්' කියන නමින් කතා කරන්නේ මොන වගේ අවස්ථාවලදිද කියලා අත්දැකීමෙන්ම දන්න ශාන් ඉදගෙන ඉදපු තැනින් නැඟිටලා කැන්ටින් එක දිහාවට ගියා.
කැන්ටින් එක පේන මානයට එනවත් එක්කම දැකපු දේ නිසා ශාන් ඉක්මනින් එතනට දිව්වා.
ශාන් - ලියෝ... මොනවද උබ කරන්නෙ... යීබොව අතෑරපන්...
ශාන්ගේ සහ සෝහිගේ වසරේ කැම්පස් එකේ ඉන්න චන්ඩියා, 'ලියෝ' කර ලගටම වෙන්න බොත්තම් දාලා ටයි එකකුත් දාලා තිබුනු යීබොගේ කමිස කොලරයෙන් අල්ලගෙන හිටියා. යීබොත් ලියෝට දෙවනි නොවී ලියෝගෙ බෙල්ල ලගින්ම ශර්ට් එකෙන් තදින් අල්ලගෙන හිටියා.
දෙන්නගෙ වටේට කොල්ලො දහදෙනෙක් විතර වට වෙලා ඉදියත් (ප්‍රේක්ශක පිරිස ඇරෙන්න) ඒ එක්කෙනෙකුටවත් ඇස් වලින් සීතල යුද්දයක් පටන් අරන් ඉන්න යීබොවයි ලියෝවයි වෙන් කරන්න බැරි උනා.
සෝහිත් යීබොගෙ අතකින් අදින ගමන් යීබොගෙ ලඟටම වෙලා දෙන්නව දෙපැත්තට කරන්න අසාර්ථක උත්සාහයක් ගනිමින් ඉදියා.ශාන් - උබලා දෙන්නට මොන යකෙක් වැහිලද... ඔය ඇඳුම අතෑරහන්...
ලියෝගෙ ශර්ට් එක හිරකරන් ඉදපු යීබොගෙ අත් අමාරුවෙන් ගලවලා දාපු ශාන්, යීබොව පස්සට කරලා ලියෝගෙ උරහිස් දෙකෙන් අල්ලගෙන එයාවත් යීබොගෙන් ටිකක් ඈත් කලා.
ශාන් - පොර කුකුල්ලු දෙන්නෙක් වගේ රණ්ඩු වෙන්න හදන්නෙ මොකද උබලා...
ලියෝ - ශානෝ... මහ එවුන්ගෙ පවර් එක අරන් අඩි දෙක තුනක් උඩින් යන උන්ව ආයිත් මේ පැත්තෙ එක්කගෙන නාවට කමන්නෑ...
ලියෝ එහෙම කිව්වෙ කේන්තිය පිරුනු ඇස් වලින් යීබෝ දිහා බලාගෙන.
යීබොත් පිච්චිලා අලුවෙන තරම් බැල්මකින් ලියෝ දිහාම බලන් හිටියත් කිසිම දෙයක් කිව්වෙ නෑ.

YOU ARE READING
? The chase ?( ? )
Fanfiction? " ????? ???? ???????? ?? ??? ?????? ?????? ???? ???????... ?????? ??? ??? ??????? ?????? ???????? ??? ??????? ????? ????..." ? "?? ?????? ??? ????? ???? ?????? ???....????? ??????? ??? ?? ??? ???? ?????? ?? ?? ???? ??????."