⚡ - The Chase - ⚡
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Chapter 03පපා - හොඳයි... මම සල්ලි දෙන්නම්... හැබැයි එක කොන්දේසියක් පිට...
යිබෝ - මේ වෙලාවෙ පපා කරන්නෙ ලොකු උදව්වක්... ඕන දෙයක් කියන්න... මම පපා කියන ඕන දේකට කැමතියි...
ඕන කරන ගාන ගැනවත් අහන්නෙ නැතුව පපා සල්ලි දෙන්න කැමති වෙද්දි යීබොට ලොකු සතුටක් දැනුනා.
හිනාවකින් එළිය වැටුනු යීබොගේ මූන දිහා පපා ටික වෙලාවක් නිහඩව බලන් හිටියා.පපා - ඔපරේශන් එකට ඕන කරන සල්ලි ටික දීල... ඔයා ඒ ළමයත් එක්ක තියන සම්බන්දේ නවත්තන්න ඕනෙ...
පපාගේ කටින් ඒ වචන ටික පිටවෙනවත් එක්කම ආලෝකමත් වෙලා තිබුන යීබොගෙ මූන සැනින් අඳුරු උනා.
යීබෝ - පපා මොනවද මේ කියන්නෙ... මම මේ තරම් දේවල් කරන්නෙ සෝහිට ආදරේ නිසානේ...
යීබෝ කළබල උනු හිත සන්සුන් කරගන්න උත්සාහ කරන ගමන් පපා දිහා බලාගෙන ඉවසීමෙන් එහෙම කිව්වේ පපා එකපාරට කියපු දේ ගැන යීබොට හිතාගන්න බැරි උන නිසා. මේ වෙලාවෙදි යීබොගේ මමාත් උඩ තට්ටුවේ ඉදන් පඩිපෙළ බැහැගෙන පල්ලෙහාට ආවා.
පපා - ගිය සතියෙ අපි ගිය බිස්නස් පාර්ටි එකේදි සාහො ඇමතිතුමාගෙ දුව පුතාව දැකලා... ඔයාව බදින්න ඕනෙ කිව්වලු... ඉතින් සාහො ඇමතිතුමා මට යෝජනාවක් කලා...
යීබෝ - දැන් පපා මට කියන්න හදන්නෙ සෝහිව අතෑරලා කවදාවත් දැකලවත් නැති එකියෙක්ව කසාද බදින්න කියලද...
වන්ග් කීරෙන් මීට කලින් කවදාවත් යීබොගේ ජීවිතේට මේ විදිහට බලපෑම් කරලා තිබුනේ නෑ. ඊටත් වඩා, මෙච්චර කාලෙකට යීබෝ එයාගෙ දෙමව්පියන් අකමැති වෙයි කියලා හිතෙන කිසිම දෙයක් කරන්න උත්සාහ කරලා නැති නිසා පපාට යීබොව නීති දාලා හිර කරන්න අවශ්‍යතාවක් තිබුනේ නෑ.
පපා කියපු දේ නිසා යීබොට කේන්ති ගියා. යීබෝ සෝෆ එකෙන් නැඟිටලා පපා ලඟටම ඇවිල්ලා ඇහුවේ හිතට දැනුන කේන්තිය පාලනය කරගන්න උත්සාහ කරන ගමන්.

YOU ARE READING
? The chase ?( ? )
Fanfiction? " ????? ???? ???????? ?? ??? ?????? ?????? ???? ???????... ?????? ??? ??? ??????? ?????? ???????? ??? ??????? ????? ????..." ? "?? ?????? ??? ????? ???? ?????? ???....????? ??????? ??? ?? ??? ???? ?????? ?? ?? ???? ??????."