⚡ - The Chase - ⚡
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. Chapter 27
"දරුවාව භාරගන්න කැමති බවට මෙතන අත්සන් කරන්න..."
ළමා ආරක්ශක අංශයෙන් ආව නිලධාරියා කොල කීපයක් යීබෝ ඉදිරියෙන් තියද්දී යීබෝ නිලධාරියා පෙන්නපු තැන අත්සන් කලා.
"දරුවාගේ ඥාතීන්ගේත් කැමැත්තට අනුව, මිස්ටර් වන්ග් යීබෝ දරුවාගේ නීත්‍යානුකූල භාරකරු විදිහට නම් කරනවා... දරුවාගේ නම වන්ග් යුවාන්... දරුවගේ birth certificate එකයි භාරකාරීත්වය සම්බන්ද අනිත් ලියකියවිලියි මෙතන තියනවා... දැන් ඔයාලට දරුවාව අරගෙන යන්න පුලුවන්..."
ආරක්ශක අංශයේ නිලධාරියා සිනාමුසු මුහුණින් යීබෝ දිහාවට දිගු කරපු ෆයිල් එක යීබෝ ස්තූති කරලා අතට ගත්තා.
සැලසුම් කරපු විදිහටම යුන්හී ආන්ටි, මෙයී ආන්ටි එක්ක DNA රිපෝට් ටිකත් අරගෙන ලමා නිවාසෙට යද්දි යීබෝත් ශානුත් ආයුවාන්ගේ කාමරේ ලස්සනට හදලා වන්ග් හවුස් එකේ තිබුනු යීබෝගේ කාර් එකෙන් ළමා නිවාසෙට ආවා. යීබෝ ආයුවාන්ගේ භාරකාරීත්වය තමන් භාරගන්නා බව කියද්දී ආයුවාන්ගේ එකම ලේ ඥාතියා වුනු යුන්හී ආන්ටිගේත් කැමැත්තෙන් ආයුවාන්ගේ නිත්‍යානුකූල භාරකාරීත්වය යීබෝට ලැබුනා.
ආයුවාන්ගේ ඇත්තම උපන්දිනය හරියට දන්නේ නැති වුනත්, සෝහිගේ මරණයත්, සෝහිත් යැන්ලිත් ලියලා තිබුනු ලියුම් වලින් ආයුවාන්ගේ උපන්දිනය අනුමාන කරලා හදගත්තට පස්සේ 'වන්ග් යුවාන්' නමින් ආයුවාන්ගේ උප්පැන්න සහතිකයත් ළමා ආරක්ශක කාර්‍යාංශයෙන්ම හදලා යීබෝට භාරදුන්නා.
"ආයුවාන්ව මට භාරදෙන්න ගත්ත තීරණේට ගොඩක් ස්තූතියි යුන්හී මමා... මගේම දරුවෙක් වගේ ආයුවාන්ව බලාගන්නවා කියලා මම මමාට පොරොන්දු වෙනවා..."

YOU ARE READING
? The chase ?( ? )
Fanfiction? " ????? ???? ???????? ?? ??? ?????? ?????? ???? ???????... ?????? ??? ??? ??????? ?????? ???????? ??? ??????? ????? ????..." ? "?? ?????? ??? ????? ???? ?????? ???....????? ??????? ??? ?? ??? ???? ?????? ?? ?? ???? ??????."