⚡ - The Chase - ⚡
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. Chapter 08
"බෝ..."
"හ්ම්ම්..."
ශාන් කතා කරද්දි, යීබෝ ශාන් දිහා නොබලාම හූමිටි තිබ්බා.
"උබට කියන්න තව දෙයක් තියනවා..."
ඒ වතාවෙදි නම් යීබෝ කවුළුවෙන් එළියට යොමු වෙලා තිබුන ඇස් ශාන් දිහාවට හරවගත්තේ ශාන් කියන්න හදන්නෙ මොකද්ද කියලා දැනගන්න.
යීබොගේ ප්‍රශ්නාත්මක බැල්ම තේරුම් ගත්ත ශාන් එයාගෙ කතාව කියන්න පටන් ගත්තා.
"සෝහි ලියොත් එක්ක සම්බන්දයක් තියනවා කියලා උබට කියපු දවස මතකද...?"
"ඒ දේවල් කොහොම අමතක වෙන්නද බන්..."
ශාන් අහද්දි යීබෝ දිග හුස්මක් පිටකරලා උත්තර දුන්නා.
"ඒ වෙලාවෙදි මං ඒකි කියන දේ විශ්වාස කරේ නෑ... මොකද මම හොදටම දැනගෙන හිටියා සෝහි උබට මොනතරම් ආදරේ කලාද කියලා... ඉතින් උබ කැම්පස් එකෙන් ගියාට පස්සෙ මන් ආයිත් ගිහින් සෝහි එක්ක කතා කලා... උබ එක්ක තිබ්බ affair එක නවත්තන්න ඇත්තම හේතුව මොකද්ද කියලා මම බල කරලා අහද්දි, දන්නවද ඒකි කිව්වේ මොකද්ද කියලා...?"
ශාන් එහෙම අහන ගමන් යීබෝ දිහා බැලුවත් යීබෝ නිහඩව ශාන් දිහාම බලාගෙන හිටියේ සිද්දියේ ඉතුරු ටිකත් ශාන්ගෙන්ම දැනගන්න.
ශාන් ආයිමත් පාර දිහා බලාගෙන වාහනය පදවන ගමන් කතා කරන්න පටන් ගත්තා."ඒකි කිව්වෙ මමාගෙ ඔපරේශන් එකට ගත්ත ණය ගෙවන්න ලියෝ සල්ලි දෙනව කිව්ව කියලා... ඒත් ලියෝ කැමති නෑ උබෙයි සෝහිගෙයි සම්බන්දෙට... ඒ වෙලාවෙ ඒකිට වැඩියෙන්ම වටින්නෙ සල්ලි කිව්වා... ඒක නිසා උබව අතෑරියා කිව්වා... සල්ලි නිසා උබව අතෑරියා කියද්දි මට මාර විදිහට අවුල් ගියා... ඒ හින්දම තමයි මම සෝහි එක්ක තිබුන යාළුකමත් නැවැත්තුවේ..."

YOU ARE READING
? The chase ?( ? )
Fanfiction? " ????? ???? ???????? ?? ??? ?????? ?????? ???? ???????... ?????? ??? ??? ??????? ?????? ???????? ??? ??????? ????? ????..." ? "?? ?????? ??? ????? ???? ?????? ???....????? ??????? ??? ?? ??? ???? ?????? ?? ?? ???? ??????."