⚡ - The chase - ⚡
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Chapter 05සෝහි - බෝ... මට ඔයාට දෙයක් කියන්න තියනවා...
සෝහිගේ හිස් බැල්ම නිසා යීබෝ කුතුහලයෙන් සෝහි දිහා බැලුවා.
යීබෝ - කියන්න සෝහි...
සෝහි - මට මේ සම්බන්දේ නවත්තන්න ඕනේ...
සෝහිගේ මුවින් ඒ වචන ටික පිටවෙද්දිම, යීබොගේ ඔළුව ඇතුලෙන් අකුණක් ගහනවා වගේ හැඟීමක් යීබොට දැනුනා.
යීබො එයාට ඇහුන දේ ඇත්තටම සෝහි කිව්වද කියලා කල්පනා කරද්දි ශාන් මහ හයියෙන් හිනා වෙන්න ගත්තා.ශාන් - හාහ්... හහ්... හාහ්...
යකෝ... අපිව අන්දන්න ඕනෙ නම් උඹ අපි පිළිඟන්න විදිහ බොරුවක් කියන්න එපැයි...ශාන් ඇස් වල කඳුළු පුරවගෙන බඩ අල්ලන් හිනාවෙද්දි, යීබෝ ශාන් දිහා රවාගෙන බලන් ඉන්න සෝහිගෙ ළඟට ගිහින් ඒ අත්දෙකම තදින් අල්ලගත්තා.
යීබෝ - සෝහි... ඔයා එහෙම කිව්වේ ඇත්තට නෙමෙයි නේද...
ශාන් - පිස්සුද බන්... උබට ඔය affair එක නවත්තන්න ඕන උනත් මේකි උබට ලේසියෙන් ගැලවෙන්න දෙන්නෙ නෑ... මේකි ගැන ඉතින් කාටත් වඩා හොදට මං දන්නවනේ... උබට වහ වැටිලා ඉන්නේ මේකි...
ශාන් සැහැල්ලුවෙන් එහෙම කියද්දි සෝහි මොකක් හරි කියන්න උත්සාහ කලත්. යිබෝ දිහා බලලා මුකුත් නොකියම බිම බලාගත්තා.
ටික වෙලාවක් සෝහි දිහාම බලන් ඉදපු යීබෝ ශාන් ඉන්න බවවත් හිතන්නෙ නැතුව සෝහිව වැලඳගත්තා. ඒත් එක්කම, සෝහි එයාගෙ අත්වලින් තදින් යීබොව වැලඳගත්ත නිසා යීබොගෙ හිතට සැහැල්ලුවක් දැනුනත්, නොදන්නා හේතුවකට ඒ වෙලාවෙදි යීබොට ලියෝගෙ මූණත් මතක් උනා.
.
.
.
.
.
.
දවස් එකින් එක ගෙවිලා ගියා. ගේවීගිය දවස් වලදී සෝහිගේ වෙනදට වඩා වෙනසක් තියන බව යීබොට වගේම ශාන්ට තේරුනත් සෝහිගෙන් ඒ ගැන අහන හැමවතාවකදිම සෝහි කිව්වේ 'එහෙම දෙයක් නෑ' කියලා.

YOU ARE READING
? The chase ?( ? )
Fanfiction? " ????? ???? ???????? ?? ??? ?????? ?????? ???? ???????... ?????? ??? ??? ??????? ?????? ???????? ??? ??????? ????? ????..." ? "?? ?????? ??? ????? ???? ?????? ???....????? ??????? ??? ?? ??? ???? ?????? ?? ?? ???? ??????."