抖阴社区

? Chapter 09 ?

1.1K 159 26
                                    

⚡ - The Chase - ⚡

Chapter 09

"හරි... අවුරුදු හතකට කලින් සිද්දවුනු දේ ගැන මම දන්න හැමදේම උබට කියන්නම්..."

ලියෝ කතාව කියන්න සූදානම් වෙද්දි ශානුත් යීබෝත් අවධානයෙන් ලියෝගෙ කතාව අහන්න ලෑස්ති උනා.

"මේ සිද්දිය උනේ සෝහි අපි දෙන්නා අතරේ affair එකක් තියනවා කියලා උබට කිව්ව දවසට සති දෙකකට විතර කලින්... මම සාමාන්‍යෙන් කැම්පස් එකට එන්නෙ මේන් රෝඩ් එකෙන් නෙමෙයි... කැම්පස් එක පිටිපස්සෙන් තියන අතුරු පාරෙන්... උබ ඒ පාරෙ ඕන තරම් ගිහින් ඇතිනේ... සෝහිලගෙ ගෙදරට යන්න තියන කෙටිම පාර ඒකනේ..."

ලියෝ ශාන් දිහා බලාගෙන වෙන කවුරුත් නැති ගානට කතා කරත්, යීබෝ ඒ ගැන හිතන්නෙ නැතුව ලියෝ කියන දේ අහගෙන හිටියා.

"ඔය සිද්දිය උන දවසෙත්, මම ඒ පාරෙ කැම්පස් එකට එන ගමන් හිටියේ... පාර පටන් ගන්න හරියෙ තියන ගෙවල් කීපය පහු කරගෙන එද්දි ඈතින් මම දැක්කා කලු පාට කැබ් එකක් නවත්තලා මිනිස්සු පස් හය දෙනෙක් පාර අයිනේ වට වෙලා ඉන්නවා.....

Flashback...

මිනිස් වාසයක් නැති පාළු පාරෙ ඉදිරියට ඇදෙද්දී පාර අයිනක කලු පාට කැබ් රථයක් නවත්තලා තියන හැටිත් හැඩි දැඩි මිනිස්සු පිරිසක් පාර අයිනේ වට වෙලා ඉන්න හැටිත් ලියෝ ඈතදීම දැක්කා.
තවත් ටිකක් එතනට ලං වෙද්දී ඒ මිනිස්සු මැද්දෙ සෝහි ඉන්නවා දැකපු නිසා ලියෝ ඉක්මනින් බයික් එක පාර අයිනෙන් නවත්තලා හෙල්මට් එකත් ගලවන ගමන්ම බයික් එකෙන් බැස්සා.
හෙල්මට් එකත් අතින් අරගෙන කැබ් එක නවත්තලා තියන තැනට යන්න හදපු ලියෝ, එතන ඉදපු හැඩි දැඩි මිනිසෙක් සෝහිගේ කම්මුලෙන් අල්ලන හැටිත් සෝහි ඉක්මනින් ඒ අත එහාට කරලා පස්සට වෙන හැටිත් දැක්කා.

? The chase ?( ? )Where stories live. Discover now