抖阴社区

? Chapter 24 ?

913 120 16
                                    

⚡ - The Chase - ⚡

⚡ - The Chase - ⚡

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Chapter 24

"අපිට වැඩි වෙලාවක් නෑ... තව උන් එන්න කලින් ඉක්මන් කරමු..."

ඇද මෙට්ටය අස්සේ තිබුනු ගිනි පෙට්ටියක් අතට ගත්ත යැන්ලි ආයුවාන්වත් වඩාගෙන කාමරයෙන් එළියට යද්දී අංතිම වතාවටත් ලේ විලක් මැද වැටිලා ඉන්න මයික් දිහා බලපු යීබෝත් යැන්ලිගේ පස්සෙන් කාමරයෙන් එළියට ආවා.

**

කාමරයෙන් එළියට ආව යැන්ලි ඉස්සරහා තිබුනු දොරක් ඇරගෙන තවත් කාමරයකට ඇතුල් වුනා.
යීබොව හිරකලා තිබුනු කාමරයටත් යැන්ලිත් යුවානුත් ඉදපු කාමරයටත් වඩා යැන්ලි දැන් ඇතුල්වුනු කාමරය ප්‍රමාණයෙන් පොඩියි. යීබෝ කාමරය පුරාවට ඇස් යැව්වා. කාමරයේ ඉඩ කඩ තවත් ඇහිරෙන විදිහට මුලු කාමරය පිරෙන්නම එක උඩ එක ගොඩගහලා තිබුනේ යීබෝව හිරකරලා තිබුනු කාමරේ තිබුනු විදිහම ලී බැරල්. කාමරයේ කෙලවරට ගිය යැන්ලි බිත්තිය අයිනට වෙන්න ගොඩගලා තිබුනු බැරල් එකින් එක අමාරුවෙන් අයින් කරද්දී යීබෝත් යැන්ලිට උදව් උනා.

බිත්තිය අයිනේ ගොඩගහලා තිබුනු බැරල් එකින් එක අයින් කරද්දි අඩි 3ක් 4ක් තරම් උස දොරක් තියන බව යීබෝ දැක්කා. දොර වැහෙන්න හරහට දාලා තිබුනු යකඩ පොල්ල යැන්ලි අයින් කරන්න හැදුවත් කාලයක් පාවිච්චි නොකල නිසා යකඩ පොල්ල දොරේ තිබුනු රදවනයට තදින් හිරවෙලා තිබුනා.

"ඉන්න යැන්ලි... මම බලන්නම්..."

යකඩ පොල්ල අයින් කරන්න උත්සාහ කරන යැන්ලි දිහා බලපු යීබෝ යැන්ලිව අයින් කරලා යකඩ පොල්ල අයින් කරන්න උත්සාහ කරද්දි යැන්ලි පිටිපස්සට ගිහින් ආයුවාන්ගේ අතකින් අල්ලගත්තා. විනාඩි කිහිපයක උත්සාහයෙන් පස්සේ යීබෝ දොරට හිරවෙලා තිබුනු යකඩ පොල්ල අයින් කරා. යකඩ පොල්ල බිත්තියට හේත්තු කරපු යීබෝ දොර ඇරියා. දොරෙන් ඔළුව ඇතුලට දාලා බලපු යීබෝ දැක්කේ දකුණු පැත්තට විහිදිලා තිබුනු අඳුරු උමඟක්.

? The chase ?( ? )Where stories live. Discover now