抖阴社区

? Chapter 26 ?

1K 131 31
                                    

⚡ - The Chase - ⚡

⚡ - The Chase - ⚡

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Chapter 26

වන්ග් බංගලාව ඉස්සරහා කාර් එක නවත්තපු යීබෝ ටික වෙලාවක් ඒ දිහා බලාගෙන හිටියා.

"""අවුරුදු අටක්ම ගෙවිලා ගියා... මමා පපා... එදා මේ ගේට්ටුවෙන් එළියට යද්දි, මම හීනෙකින්වත් හිතුවේ නෑ ආයිත් මේ ගෙදරට එද්දී ඔය දෙන්නා මාව දාලා මේ ලෝකෙන් ගිහින් තියෙයි කියලා..."""

සෝහිත් එක්ක තියන සම්බන්දේ නවත්තන්න කිව්ව රැයේදී පපාත් එක්ක රණ්ඩු වෙලා ගෙදරින් ගියාට පස්සේ අවුරුදු අටක් විතර ගෙවිලා තිබුනත් යීබෝ මේ වෙනකම් වන්ග් බංගලාවට ඇවිල්ලා තිබුනේ නෑ.
හිතට දැනුන වරදකාරී හැඟීම් නිසාම කැනඩාවල ඉදන් ආවට පස්සෙ යීබෝ වන්ග් බංගලාවට යන්නේ නැතුව එපාර්ට්මන්ට් එකේ නැවතුනත් මමාගෙයි පපාගෙයි මරනෙට සම්බන්ද හැමෝටම දඩුවම් ලැබුන නිසා පවුලේ මතකයන්ගෙන් පිරුනු වන්ග් බංගලාවට ගිහින් බලන්න යීබෝ තීරණය කලා.

"""අවුරුදු අටක් තිස්සේ හොයන්නේ බලන්නේ නැතුව වහලා දාලා තිබිලා ගේ සවුත්තු වෙලා ඇති... ආයිශ්... ඇයි මම ඒ ගැන කලින් හිතුවේ නැත්තේ..."""

ඒ ගැන හිතද්දී යීබෝට තමන් ගැනම තරහක් ඇතිවුනා. හිතින් තමන්ටම බනිමින් කාර් එකෙන් බැස්ස යීබෝ ඇතුලට යන්න හිතාගෙන ගේට්ටුව දිහාට හැරුනත්..., බලාපොරොත්තු නොවුන විදිහට පොඩි ගේට්ටුව ඇරගෙන එළියට ආව රුව නිසා යීබෝ ඉදපු තැනම ගල් උනා.

"ෆෙයි අංකල්..."

බංගලාවේ ගේට්ටුවෙන් එළියට ආවෙ යීබෝට මතක ඇති කාලයක ඉදන් බංගලාවේ මුරකරු විදිහට වැඩ කරපු ෆෙයි. වයස අවුරුදු 60ක් විතර උනත් ඊටත් වඩා වැහැරුනු පෙනුමක් තිබ්බ ෆෙයි, යීබෝගේ කටහඩට ඒ දිහා බැලුවා.
යීබෝව අදුරගන්න බැරුව ෆෙයි ඇස් දෙක හීනි කරගෙන යී‍බෝ දිහා බලාගෙන ඉද්දී යීබෝ අඩි කීපයක් ෆෙයිට ලං උනා.

? The chase ?( ? )Where stories live. Discover now