⚡ - The Chase - ⚡
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. Chapter 16
"ඔෆිස් එකේ වැඩ කොහොමද බෝ..."
ඊළග දවසේ උදෙන්ම ශාන්ගේ ගෙදරට ගිය යීබෝ වොශ් එකක් දාගෙන ශාන්ට අවශ්‍ය කරන දේවල් කීපෙකුත් අරගෙන වන්ග් ආයතනයට ගියා. ආයතනයේ වැඩ ටික ෆැන් බීටත් අංශ ප්‍රධානීන්ටත් පවරපු යීබෝ දවල් 12 වෙද්දී ආයිත් හොස්පිටල් එකට ආවා.
"ෆැන් බීට හැමදේම පැහැදිලි කලා... ඔෆිස් එකේ වැඩ ටික එයා බලාගනී... කෑම එක කාලා උදේ බෙහෙත් වේල බිව්වද බනී..."
රෝහල් කාමරයට ඇතුල් උන යීබෝ අරගෙන ආව බෑග් එක ටේබල් එක උඩින් තියලා ශාන්ට ලං වෙන ගමන් ඇහුවා.
"බෙහෙත් ටික බොන්න ඕන නිසා ටිකක් කෑවා... ඒ කෑම එක රහ නෑ අප්පා... කොහෙද ඉතින් යාළුවෙක් කියලා එකෙක් ඉන්නවා උනාට කිසි වැඩක් නෑනේ... ලෙඩ වෙලා ඉද්දිත් කඩ කෑම කවනවා..."
ශාන් අමනාප හඩින් කියද්දී යීබෝ සමාව අයදින බැල්මකින් ශාන් දිහා බැලුවා.
"සුප් වර්ග, කැඳ වර්ග වගේ ලෙඩ වෙලා ඉද්දි කන්න බොන්න ඕන ජාති මම හදන්න දන්නෙ නෑනේ බනී... ඒකයි කඩෙන් ගෙනත් දුන්නේ... සිද්ධිය කිව්වම මෙයි ආන්ටි බත් කැඳ එකක් හදලා දුන්නා... උදේටත් හරියට කාලා නැති හින්දා කැඳ එක දැන්ම බොමුද එහෙනම්..."
ශාන්ට කඩ කෑම කවන්න සිද්දවුනු එක ගැන යීබොටත් පසුතැවීමක් තිබුනත්, යීබෝ හදන්න පුරුදු වෙලා තිබුනේ රාමේන්, සැන්ඩ්විච්, පෑන් කේක් වගේ කෙටි ක්ශණික කෑම වර්ග විතරයි.
උදේ නිවසින් පිටවෙද්දී මෙයි ආන්ටි දුන්නු කැඳ බදුන යීබෝ බෑග් එකෙන් එළියට ගන්තා."කැඳ එක බොමු... මේ... ඊට කලින් පොඩි උවමනාවක් තියනවනේ..."
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

YOU ARE READING
? The chase ?( ? )
Fanfiction? " ????? ???? ???????? ?? ??? ?????? ?????? ???? ???????... ?????? ??? ??? ??????? ?????? ???????? ??? ??????? ????? ????..." ? "?? ?????? ??? ????? ???? ?????? ???....????? ??????? ??? ?? ??? ???? ?????? ?? ?? ???? ??????."