ශාන් එහෙම කිව්වේ ඇස් කොනකින් සෝහි දිහාත් බලන ගමන්. ශාන්ගේ ඇස් මගෑරපු සෝහි ඉක්මනනින් බිම බලාගත්තා.
යීබෝ - ඇයි බන් එහෙම කියන්නෙ... මම ඊට කලින් ඌව දැකලවත් නෑ...
උකුසු ඇස් වලින් සෝහි දිහා බලන් ඉන්න ශාන් දිහාත්, ඇස් දෙක බිමට නැඹුරු කරගෙන වැලි කැට ගනන් කරන සෝහි දිහාත් මාරුවෙන් මාරුවට බලන ගමන් යීබෝ ඇහුවා.
ශාන් - නෑ... දැන් ගොඩ කාලෙක ඉදන් ලියෝ මේකිට කැමතියි කියන්නෙ... මේකිත් ඉතින් අකමැතියි කියල කෙලින්ම කියන්නෙ නැතුව ඕන දෙයක් හිතාගත්ත දෙන් කිය කිය ඉන්නවනේ...
සෝහි - අනේ මේ බනී... ඌ මගෙ මූනට ආදරෙයි කියලා නෑනේ කවදාවත්... එක එකා අතේ පණිවිඩ එවනවා... මම ඉතින් ඒ අයට කියලා තියනවා මන් කැමති නෑ කියන්න කියලා...
මගෙ මූනට කැමති කියන්නෙවත් නැතුව මම කොහොමද බෝ එයා ලගට ගිහින් කෙලින්ම අකමැතියි කියන්නේ... මේ පොල් බූරුවට ඒක තේරෙන්නෙ නෑනේ...ශාන් - උබ එකපාරක් අකමැතියි කියලා කෙලින්ම කිව්වානම් ආයි ඌ වද දෙන්න එන්නෙ නෑනේ...
සෝහි - උබ මගෙන් මුකුත් අහගන්න එපා... මෝඩ හාවො... එයා.....
යීබෝ - ඇති ඇති... දෙන්නම දැන් නවත්තගන්න... ශාන් ඌට කිව්වනේ මම ඔයාගෙ bf කියලා... ආයි ඌ ඔයාට මොනවා හරි කියන්න ආවොත් ඒ ගැන බලාගමු...
නිතර ඇතිවෙන ශාන්ගෙයි සෝහිගෙයි රණ්ඩු පටන් ගත්තොත් අවසානයක් නැති බව හොදටම දන්න නිසා යීබෝ ඉක්මනනින් එහෙම කියලා දෙන්නගෙ බහින්බස් වීම නැවැත්තුවා...
සෝහි - බෝ බෝ... අද හවසට film එකක් බලන්න යමුද...
තුන් දෙනාම කතා බහක් නැතුව වාඩි වෙලා ඉද්දි සෝහි කතා කලා.
යීබෝ - හ්ම්ම්... යමු... ශාන් උබත් එනවනේ...
ශාන් - ඕක අහන්නත් ඕනෙද බන්... මම ආවෙ නැත්තම් යන ගමනෙන් වැඩකුත් නෑනේ...
සෝහි - බෝ බෝ... මමද ඔයාගෙ girlfriend නැත්තම් මේ බනියද... යන යන තැන එයාවත් අරන් යන්න ඕනෙද අප්පා... නිදහසේ ඩේට් එකකට යන්නවත් නෑනේ...
ශාන් - අනේ මේ... මගෙන් මුකුත් අහගන්න එපා උබ... දැන් ඔහොම කියනවා... ගියාට පස්සෙ බනී අයිස්ක්රීම් අරන් එන්න... බනී ටිකට් ටික ගන්නකෝ... බනී වතුර ඉවරයිනේ... බනී කෑම අරන් එන්නකෝ... කිය කිය කරන්න තියන ඔක්කොම වැඩ ටික මට කියලා කරවගන්නකොට හොදයි...

YOU ARE READING
? The chase ?( ? )
Fanfiction? " ????? ???? ???????? ?? ??? ?????? ?????? ???? ???????... ?????? ??? ??? ??????? ?????? ???????? ??? ??????? ????? ????..." ? "?? ?????? ??? ????? ???? ?????? ???....????? ??????? ??? ?? ??? ???? ?????? ?? ?? ???? ??????."
? Chapter 02 ?
Start from the beginning